ඔවුන් සාර්ථක වූයේ එක්කෝ ඉවෙන් නිවැරදි දිශාවක් කරා ගමන් ගත් නිසා, නැත්නම් මහන්සියෙන් කටයුතු කළ නිසා, නැත්නම් පුද්ගලික රැචිකත්වයට දැඩි ලෙස නැඹුරු වූ නිසා, එසේ නොමැතිනම් සාර්ථකත්වය ලබා ගැනීමේ චේතනාවෙන් කිසි විටක ඉවත් නොවූ නිසායි.
එම සමීක්ෂණ සමාගම තවත් කටයුත්තක් සිදු කළේය. ඒ සාර්ථකත්වය හිමි කර ගැනීමට සම්පූර්ණ සැළසුම් දහසක් මහජනතාවගෙන් කැඳවා ගැනීමය.
ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් හෝ ලේඛකයෙක් හෝ වන්නේ කෙසේද, සාර්ථක ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් හෝ වන්නේ කෙසේද සහ සුපිරි ක්‍රීඩකයෙක් හෝ නළුවෙක් වන්නේ කෙසේද යන්න එම සැලසුම් අතර විය.
අවසානයේ හොඳම සැලසුම් දහසක් තෝරා් ගැනිණ. එම හොඳම සැලසුම්වල සාර්ථකත්වය හිමි කර ගනීමට හැම පැයකම කළ යුතු දේවල් පවා සඳහන්ව තිබිණි.
යම් කටයුත්තක් සාර්ථක කර ගැනීමට මූලික වශයෙන් අවශ්‍ය දේ එහි පෙන්වාදී තිබේනම් ඇත්ත වශයෙන්, එම සැලසුම් අනුව තමාගේ සිහිනයක් සාර්ථක කර ගැනීම අනිවාර්යයි කියන හැඟීම් කෙනෙකුට ඇතිවිය හැකිය.
ඉන් අනතුරුව ඉම හොඳම සැලසුම් දහස ඉදිරිපත් කළ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමක් සිදු කෙරිණ.
එම පුද්ගලයන් සැබෑ ජීවිතයේදී අසාර්ථක පුද්ගලයන් හෝ සාර්ථකත්වය කාරා ගමන් කරමින් සිටින පුද්ගලයන් බව පසුව දැනගන්නට ලැබුණි.
හොඳ සැලැසුම් අතේ තිබෙන පුද්ගලයන්ට සාර්ථකතවය හිමි කර ගන්නට නොහැකි වී තිබේ. නමුත්, හොඳට සැලසුම් නොකළ පුද්ගලයන්ට සාර්ථක වෙන්නට හැකි වී ඇත.
මේ දෙපිරිස අතර තිබෙන වෙනස කුමක්ද?
සමීක්ෂණ සමාගමේ නිගමනයට අනුව ජීවිතය සාර්ථක කරගන්නේ වචනයෙන් හෝ දැනුමින් හෝ සැලසුම් වලින් නොව, ක්‍රියාවෙන් බව තහවුරු විය. සාර්ථක පුද්ගලයන් සැම විටම සාර්ථකත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වූ බවත් ඔවුන් සැලසුම් කරමින් නොසිටි බවත් සමීක්ෂණයෙන් පහැදිලි විය.
සාර්ථකත්වයට පත්වීමට අවශ්‍ය නම් ලොකු සැලසුම් තනමින් නොසිට මේ දැන් සිටම ක්‍රියාත්මක වන්න. ඔබට පියවරෙන් පියවරට අවශ්‍ය සැලසුම් අවස්ථාව අනුව ඉවෙන් මෙන් දෙනේවි.
චීන ජාතික ෂෙං ලී ගේ ලිපියක් ඇසුරිනි