gossip

ඊමේල් ගිණුම් වල තොරතුරු සොරකම් කර මුදල් සොරකම් කරයි

මෙරට භාණ්ඩ ආනයනය සහ අපනයනය කරන ව්‍යාපාරිකයින්ගේ ඊ-මේල් පණිවිඩ වල අඩංගු තොරතුරු ආශ්‍රයෙන් මුදල් වංචා කිරීමේ කූට ජාවාරමක් පිලිබද තොරතුරු වාර්ථා වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SRI LANKA CERT) පවසයි.

ව්‍යාපාරික කටයුතු වලදී තමන්ගේ ව්‍යාපාරික සගයාගේ මුදල් ගෙවීම් සදහා භාවිතා කලයුතු සුපුරුදු බැංකු ගිණුම වෙනස් කර ඇති බවට දැනුම් දීමක් හෝ එය වෙනස් කර ඇති බවට ඊ -මේල් පණිවිඩයක් ලැබුණහොත් දුරකථන ඇමතුමක් දී තොරතුරු තහවුරු කර ගැනිමෙන් පසු ඊට ප්‍රතිචාර දැක්වීම වඩා වැදගත් බව සංසදය සදහන් කරයි.

මෙහිදි අදාළ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් හුවමාරු කර ගන්නා ඉ-මේල් පණිවිඩ ‍වල තොරතුරු යොදා ගනිමින් මෙම වංචා සහගත ක්‍රියාව සිදු කරන බවත් පසුගිය මාස දෙකක කාලය තුලදි මේ සම්බන්ධව පැමිණිලි දහයක් පමණ ලැබී තිබෙන බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

විශේෂයෙන්ම මෙහිදී මුදල් බැරකල යුතු බැංකු සහ ගිණුම් අංක පිලිබද ව්‍යාජ තොරතුරු එම ව්‍යාපාරිකයින් වෙත යොමු කර ‍ඔවුන් නොමග යවමින් මෙම වංචාව සිදු කරන බවත් මේ වන විට රුපියල් මිලියන 15ක පමණ මුදලක් වංචා කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සදහන් කරයි.

මේ අන්දමින් සිදු කරන වංචනික ක්‍රියාවන්ට ගොදුරුවීමෙන් වැලැක්විම සදහා නිරන්තරයෙන් දැනුවත් කිරීම් සහ තාක්ෂණික උපදෙස් ලබාදීම සිදු කරන බවත් 0112691692 දුරකථන අංකයට ඇමතීමෙන් මේ පිලිබද වැඩිදුර විස්තර දැනගත හැකි බවත් සංසදය පවසයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top