gossip

උපන් රූපය වෙනස් කිරීමේ කප් එක දකුණු කොරියාවට

තමන්ගේ උපන් රූපය වෙනස්‌කිරීමේ මානසිකත්වය නිසා අද බොහෝ දෙනෙක්‌ ප්ලාස්‌ටික්‌ සැත්කම් වෙත යොමුව සිටිති. පසුගිය දිනක ප්ලාස්‌ටික්‌ සැත්කම් වෙනුවෙන් කොරියාව බලා ගිය චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක්‌ ආපසු තම රට බලා යන ගමනේදී මහත් අපහසුතාවයකට මුහුණ පෑහ.

ගුවන්තොටුපලේදී බලධාරීන්ට මේ දෙදෙනාගේ අනන්‍යතාවය පිළිබඳව සහතිකයකට පැමිණීමට නොහැකි වූයේ ඔවුන්ගේ රූපය සහ ගමන් බලපත්‍රයේ වූ සැබෑ රූපයට හාත්පසින්ම වෙනස්‌ නිසාය. පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහය ඇතුව තත්ත්වය සමතයකට පත් විය. චීන සහ ජපන් ජාතිකයන් තමන්ගේ රුව වෙනස්‌ කිරීම දැලි පිහියෙන් කිරි කෑමක්‌ ලෙස සලකති.

එහෙත් අවදානම් ගැන කරුණු කාරණාවන් හෙළිදරව් වුණත් ලෝකය පුරා මිලියන 15 ක්‌ දෙනා රුව ලස්‌සන කිරීම වෙනුවෙන් වූ ප්ලාස්‌ටික්‌ සැත්කම් වෙනුවෙන් යොමු වෙන බව “ප්ලාස්‌ටික්‌ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය” සඳහන් කරයි. මේ අතරින් ඉදිරියෙන්ම සිටින රට ලෙසින් කොරියාව ඉහළින් සිටින අතර සෑම කොරියානුවන් 77 දෙනකුගෙන් එක්‌ අයෙක්‌ ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ වෙනුවෙන් යොමු වී ඇත.

සියොල් නගරයේ වයස අවුරුදු 20- 49 අතර වයස පරාසයෙන් 20% ක්‌ ප්ලාස්‌ටික්‌ සැත්කම් වෙනුවෙන් රෝහල්ගතව ඇත. කොරියානු කාන්තාවන් වඩාත් උනන්දුවක්‌ දක්‌වන්නේ තමන්ගේ කුඩා ඇස්‌ බටහිර ජාතීන්ගේ මෙන් විශාල කර පෙන්වන ප්ලාස්‌ටික්‌ සැත්කම් වෙනුවෙන්ය. මේ සඳහා ඔවුන්ගේ ඇස්‌වල උඩුපියනේ තිබෙන අතිරික්‌ත සම ශල්‍ය කර්ම මගින් ඉවත් කරනු ලැබේ.

මෙම කොරියානු ජනතාව වඩාත් නැඹුරුතාවයක්‌ දක්‌වන්නේ තමාගේ රූපය ඇමරිකානු ප්‍රභූවරුන්ට සමාන වන සේ සකසා ගැනීමටයි. ඔවුන් ඇමරිකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප රැගෙන ගොස්‌ ඒ අන්දමට තමන්ගේ රූපය සකසා දෙන ලෙසට ඉල්ලා සිටිති.

2012 වසරේ දෙකුණු කොරියානු රූ රැජින ලෙසින් තේරී පත්වුණ ” කිම් යූ මී ” පවා ප්ලාස්‌ටික්‌ සැත්කම් මගින් ඇගේ රූපය වෙනස්‌ කර ගත් බැව් ඇය විසින්ම පිළිගෙන ඇත. එහිදී ඇය කියන්නේ මම කිසිම කෙනෙක්‌ නොමග යවා නැහැ…කිසිම තැනක මා උපන්ගෙයි ලස්‌සන ඇති අයෙක්‌ බැව් කියා නැහැ….යෑයි සඳහන් කර සිටී.

“වැනිලා චැනූ” නැමැති ජපන් ජාතික නිරූපණ ශිල්පිණියට අවශ්‍ය වුණේ තමාගේ පෙනුම බෝනික්‌කෙකුට සමාන වන සේ සකසා ගැනීමයි. මේ වෙනුවෙන් ඇය ප්ලාස්‌ටික්‌ සැත්කම් වෙනුවෙන් යෙන් මිලියන දහයක්‌ වැය කර තිබේ. එයිනුදු නොනවතින වැනිලාගේ ඉදිරි ඉලක්‌කය වී ඇත්තේ තමාගේ උස වෙනුවෙන් සැත්කමක්‌ කර ගැනීමයි.

“මයිලා සිනාට” අවශ්‍ය වී තිබුණේ ඇගේ රුව “කිම් කාඩේසියන්”ට සමාන වන සේ සකසා ගැනීමයි. කිම් කාඩේසියන් වෘත්තියෙන් රියෑලිටි ශිල්පිනියක්‌ වන අතර ඇගේ සැමියා මයිලා සමග සම්බන්ධතාවයක්‌ ගොඩනඟාගෙන ඇති නිසා මයිලාට අවශ්‍ය වූණේ තමාගේ රූපය “කිම් කාඩේසියන්” ට සමාන වන සේ සකසා ගැනීමටයි. ඇයට තමාගේ සිරුර පමණක්‌ මෙසේ වෙනස්‌ කර ගැනීමට අවශ්‍ය වූ නිසා මුහුණ වෙනුවෙන් කිසිදු වෙනස්‌කමක්‌ කර ගැනීමට ඇය ඉදිරිපත් වී නැත.

තමාගේ අතීත ආත්මයන් මුල් කර ගෙන විවිධ මිථ්‍යාවන් මත බැඳුන චරිත 21 වන සියවසේදිත් අඩුවක්‌ නැත. තිදරු මවක්‌ වූ “නිලිනා නමිතා”ගේ විශ්වාසය ඇය පෙරා ආත්මයේදී “නෙෆර්ට්‌ටි” රැජිනව උපත ලද බවයි. මේ ගැන ඇය සඳහන් කරන විට බොහෝ දෙනා එය අවඥාවෙන් බැහැර කළත් නිලීන් නමිනා තමාගේ රූපය මුලින් සඳහන් කරන ලද “නෙෆර්ට්‌ටි” රැජිනට සමාන වන සේ සකසා ගැනීම වෙනුවෙන් පවුම් ලක්‌ෂ 21 ක්‌ වැය කරන ලද අතර සිදු කරන ලද සැත්කම් සංඛ්‍යාව 21 ක්‌ වේ.

බ්‍රසිල ජාතික “රොඩ්රිගෝ අල්වෙස්‌ “ට අවශ්‍ය වුණේ “කෙන් ” බෝනික්‌කෙක්‌ මෙන් තම සිරුර සකස්‌ කර ගැනීමටයි. තවමත් 34 හැවිරිදි වියේ පසුවෙන රොඩ්රිගෝ Hi Def Liposculpture ක්‍රමවේදය මගින් උදර මාංශ පේශි පවා ඉවත් කර ගෙන ඇත.

කැලිෆොaනියාවේ වාසය කරන 38 හැවිරිදි “බ්ලොන්ඩ් බෙනට්‌” තමාගේ පෙනුම බාබි බෝනික්‌කෙකුට සමාන වන සේ සකසා ගැනීම වෙනුවෙන් තම රූපය වෙනස්‌ කරමින් මහත් වෙහෙසක්‌ දරන්නීය.

සුවඳ විලවුන් අතර ප්‍රකටව ඇති “Versace” සන්නාමයේ හිමිකාරිනිය වන “ඩොනෙට්‌ල්ලා ෆ්‍රeන්සිස්‌කා ” තමාගේ තරුණ පෙනුම රැක ගැනීම වෙනුවෙන් ප්ලාස්‌ටික්‌ සැත්කම් ගණනාවකට මුහුණ දී සිටින්නීය. නිරූපිකාවක්‌ ලෙස එය ඉතා සාධාරණ වන්නේ ඇගේ තරුණ පෙනුම කාලය විසින් ගිල ගත් විට සන්නාම වෙනුවෙන් වූ ඉල්ලුම ඇය වෙතින් නොදැනම ඉවත් වෙන බව ඩොනෙල්ටා හොඳින් දන්නා නිසාවෙන් මේ අන්දමින් තමාගේ රූපය වෙනස්‌ කරමින් හෝ ක්‌ෂේත්‍රයේ රැඳී සිටින්නට උත්සාහ දරන්නීය.

ඇමරිකානු ජාතික සමාජ සේවිකාවක වූ “ජෙසලින් වයිල්ඩ්නෙස්‌ට” අවශ්‍ය වූයේ තමාගේ තරුණ පෙනුම සැමදා රැක ගැනීමටයි. ස්‌වභාව ධර්මයට විරුද්ධ වුණ මෙම කටයුත්ත වෙනුවෙන් ඇය තමාගේ මුහුණට සහ සිරුරට ප්ලාස්‌ටික්‌ සැත්කම් ගණනාවක්‌ සිදු කළ අතර එහි විපාක ලෙසින් දැන් ඇගේ පෙනුම බළලෙකුට සමානව පෙනෙන බව බොහෝ දෙනා සඳහන් කරති.

ජනප්‍රිය ගායිකාවක වන ක්‍රිස්‌ටිනා ගේ සාමාන්‍ය පෙනුම වෙනස්‌ව ඇති බව ඇගේ රසිකයන් අතර කථා බහට ලක්‌ව ඇති පුවතක්‌. ඇය පසුගිය දිනක ප්ලාස්‌ටික්‌ ශල්‍ය කර්මයකට භාජනය වී ඇතැයි වූ සැකය බොහෝ දෙනා අතර පවතී.ඉන්ස්‌ටර්ග්‍රැම් ගිණුම ඔස්‌සේ මේ පිළිබඳව බොහෝ දෙනෙක්‌ අදහස්‌ ඉදිරිපත් කර ඇති අතර සෞදි රාජ්‍යයේ කුමාරයෙක්‌ද ඒ අතර වේ. මේ අතර බොහෝ දෙනෙක්‌ කියා සිටින්නේ දැන් ඇය පුම්බන ලද බෝනික්‌කෙක්‌ හා සමාන බවයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top