ක්‍රිඩා

ශ්‍රි ලංකා කණ්ඩායම මුව ආවරණ පැලද ක්‍රිඩා පිටියට .. කෝලිට තරහ යයි

ශ්‍රි ලංකා ඉන්දියා තෙවන ටෙස්ට් තරගයේ ශ්‍රි ලංකා කණ්ඩායම මුව ආවරණ පැලද ක්‍රිඩා පිටියට පැමිණිය අතර විටින් විට තරගය නතර කරන ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම ඉල්ලීම් කල අතර එහිදී මානසිකත්වය වෙනස් වීමත් සමග කෝලිගේ දැවී යාමද සිදුවිය.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා පුහුණුකරු හා ඉන්දීය පුහුණු කරුද ක්‍රිඩා පිටියට පැමිණිම විශේෂ සිද්ධියක් වුණා.වායු දූෂණය අධික නගරයක් ලෙස දිල්ලි නගරය නම් දරා සිටිනවා.කෙසේ වෙතත් කෝලි අවසානයේ ඉනිම අත්හිටුවීමට තීරනය කල අතර ඒ වන විට ඔවුන් කඩුළු 7 කට ලකුණු 536 ක් ලබාගෙන සිටියා.

පලමු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායමේ පලමු කඩුල්ල ලෙස දිමුත් ප්‍රථම පන්දුවේදිම දැවී ගිය අතර දිල්රුවන් ආරම්භක පිතිකරු ලෙස පැමිණිම විශේෂ සිද්ධියක් වුණා.ඊට හේතු වූයේ ආරම්භක පිතිකරු සධීර දූෂිත වායුවට නිරාවරනය වීමත් සමග රෝගී වීමයි.කෙසේ වෙතත් මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 14 ට කඩුළු දෙකක් දැවී දැඩි අසීරු තත්වයක පසුවෙනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top