ක්‍රිඩා

ඉන්දු ලංකා සටනේ දෙවන දිනය අවසන්

කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම සිය පලමු ඉනිම වෙනුවෙන් කඩුළු 7 ක් දැවී ලකුණු 536 ක් ලබාගැනීමට සමත් වුණා.ඉන්දියාව වෙනුවෙන් විරාට් කෝලි සිය වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලකුණු 243 ක් ලබා ගැනීමට සමත් වුණා.ඒ අතර දූෂිත වායු අංශු නිසා ශ්‍රි ලංකා කණ්ඩායම මුව ආවරණ දමාගෙන ක්‍රිඩා කල අතර ඇති වූ ගැටලුකාරී තත්වය නිසා ඉන්දිය නායක විරාට් කෝලි සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.

නමුත් වායුගෝලයේ දූෂිත තත්වය නිසා ආරම්භක පිතිකරු සධීර ඇතිවූ හදිසි අසනීප තත්වය නිසා පිටියට පැමිනියේ නැත ඒ අනුව පන්දුවට පහර දීමට පැමිණියේ දිල්රුවන් සමගින් දිමුත් කරුණාරත්නය.දිමුත් ප්‍රථම පන්දුවෙන්ම දැවී ගිය අතර ධනංජයද සිල්වාද ඒ සමග දැවී ගිය අතර දිල්රුවන් ලකුණු 42 ක් ලබාගැනීමට සමත් විය.

මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 3 ක් දැවී ලකුණු 131 ක් ලබාගෙන සිටින අතර නොදැවී පන්දුවට පහර දෙන මැතීව්ස් ලකුණු 57 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 25 ක් ලබාගෙන සිටිනවා.හෙට තරගයේ තුන්වන දිනයයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top