gossip

ඇමෙරිකා මහද්වීපයම විනාශ කල හැකි මිසයිලයක්

මුළු ඇමෙරිකා මහද්වීපයම අසුරු සැණින් සුන්නද්ධූලි කිරීමට හැකි විදියේ අලුත් මිසයිලයක් නිපදවා ඇතැයි උතුරු කොරියාව කියයි.

උතුරු කොරියා ජාතික රූපවාහිනිය මේ බව නිවේදනය කළේ එරට නායක කිම් ජොන් උන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමිණි. උතුරු කොරියාව න්‍යෂ්ටික ශක්තියෙන් සුසැදි රටක් බවට පත්වී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඇමෙරිකාව ඇතුළු මුළුමහත් ඇමෙරිකා මහද්වීපයම විනාශ කිරීමේ හැකියාව ඇතැයි පැවැසෙන්නේ ‘වංග්සොන් 15’ වර්ගයේ මිසයිලයටය. උතුරු කොරියාව මෙම මිසයිලයක් අලුයම හොර රහසේ අත්හදා බැලූ බවත් එම අත්හදා බැලීම සාර්ථක වුණු බවත් උතුරු කොරියාව වැඩි දුරටත් පවසා ඇත.

උතුරු කොරියාවෙන් විදුණු ලැබූ එම මිසයිලය ජපන් මුහුදට ඉහළින් අහසේදී පුපුරා ගියේය. උතුරු කොරියාව මීට පෙර අත්හදා බැලූ මිසයිලවලට වඩා මෙම මිසයිලය ප්‍රබල බව තමන්ට පෙනී ගියේ යැයි ජපානය ද පවසා ඇත.

අත්හදා බැලීමේදී මිසයිලය කිලෝ මීටර් 4,475 ක් උසට විදීමට හැකිවුණු බවත්, මිනිත්තු 53 ක් ඇතුළතදී, එය කිලෝ මීටර් 950 ක් දුර ගමන් කළ බවත් උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top