ක්‍රිඩා

සැරෙන් සැරේ නායකයන් පත් කරලා ලංකාවේ ක්‍රිකට් කනවා .. මහේල කිව්ව සැර කතාව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්දින තරඟ සඳහා නව නායකයෙකු ඉන්දීය සංචාරය වෙනුවෙන් පත් කරමින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි සිල්වා මහතා ප්‍රකාශ කලේ උපුල් තරංගගේ 2019 වන තෙක් නායකත්වයට පත් නොකළ බවත් තිසර පෙරේරාගේ පත් කිරීම ඉන්දීය සංචාරය ඉලක්ක කර සිදු කල බවත් නායකයන් පත් කිරීමේ ක්‍රමවේදය තරඟාවලියෙන් තරඟාවලිය ඉලක්ක කරගෙන සිදු කිරීම නව ප්‍රතිපත්තිය බවත්ය.

“හේතු කිහිපයක් මතයි අපි (තේරීම් කමිටුව ඇතුළු ක්‍රිකට් ආයතනය) තිසරව පත්කළේ. පාකිස්තානය සමඟ පැවැති විස්සයි-20 තරගාවලියේදී තිසර ඉතාමත් හොඳින් නායකත්වයේ කාර්යයේ නිරත වන බව අපි දැක්කා. අපි කිසිම අවස්ථාවක යම්කිසි වකවානුවක් සඳහා නායකයකු පත්කළේ නැහැ. උපුල් තරංග නායකත්වයට පත්කළේ 2019 ලෝක කුසලානය සඳහා බව අපි කිසිම අවස්ථාවක සඳහන් කළේ නැහැ.

උපුල් තරංග පිතිකරණයෙන් තමන්ගේ කාර්යය කළාට නායකයකු වශයෙන් සාර්ථක වුණේ නැහැ. කොහොම වුණත් මේ පත්වීම ඉන්දීය සංචාරයට පමණයි. ඒත් තිසර ඉන්දීය සංචාරයේදී නායකත්වයේ වගකීම හොඳින් කළොත් ඉදිරි තරගාවලිත් ලැබීමට ඇති හැකියාව වැඩියි”

සිල්වා කල මෙම ප්‍රකාශයට ඕනෑ තරම් නිදසුන් පසුගිය කාලයේ දැකගත හැකිවුඅතර තරන්ගාවලි අතර තුරේදී නායකයන් වෙනස් වන ආකාරයද අපට දැකගත හැකි විය.

2019 ලෝක කුසලානය වෙනුවෙන් සෙසු කණ්ඩායම් තම සැලසුම් සකස් කරමින් තම කණ්ඩායම් පෙළ ගස්වන මොහොතක ,නායකයන් පුහුණුකරුවන් සුදානම් කරන මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කරන මෙම එදා වේල ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට මෙන්ම ශ්‍රී ලංකාව ගොඩ නගාගත් අතීත ක්‍රිකට් ප්‍රතිරූපයටද දැඩි හානියකි.

තරඟාවලියෙන් තරඟාවලියට ක්‍රිකට් නායකයන් පත් කරනවා යයි කල ප්‍රකාශය ගැන ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂ ක්‍රිකට් නායකයෙකු මෙන්ම වර්තමානයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන තම අප්‍රසාදය පල කර ඇත.

මෙම අදුරදර්ශී තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ථාවර භාවයට කුමන බලපෑමක් කරාවිද යන්න පිළිබඳව මහේල ප්‍රශ්න කර සිටී.

කණ්ඩායමක් ලෙස ලෝක කුසලානය පෙනෙන මානයේ තිබියදී හරිහමන් ස්ථාවර පුහුණුකරුවකු සොයාගැනීමට නොහැකිවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ තරඟාවලියට කණ්ඩායම වෙනස් කරමින් ක්‍රීඩා කරන කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයන් නොමැති තත්වයකට පත්වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියෙන් තරඟාවලියට නායකයන් ඉදිරිපත් කිරීම තම ප්‍රතිපත්තිය බව ප්‍රකාශ කිරීම එතරම් පුදුමයට කරුණක් නම් නොවේ.

ඉන්දීය කණ්ඩායම තම ප්‍රබලම දඟ පන්දු යවන්නන් දෙදෙනා වන රවිචන්ද්‍රන් අශ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා ඉවත් කරමින් ලකුණු අඩුවෙන් දෙන දඟ පන්දු යවන්නන් කණ්ඩායමට කැඳවමින් ලෝක කුසලානය වෙනුවෙන් තම ක්‍රීඩක නම් වලට වඩා කණ්ඩායමේ සැලසුම් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් ප්‍රතිපත්තිමය තීරණ ගන්නා වෙලාවක ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අකාරයෙක් තීරණ ගැනීම කණගාටුදායක තත්වයකි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top