ක්‍රිඩා

ඉන්දු ශ්‍රි ලංකා සටන අද .. ලංකාවේ වෙනස්කම් රැසක්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ දැඩි විවේචනයට ලක්‌ව තිබේ. එවැනි මොහොතක ඉන්දියාවට එරෙහිව අද (02 දා) ආරම්භ වන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ වැඩි වාසිය තරගයට පෙරම ඉන්දියානුවන් හමුවේ ඇතැයි බහුතර මතය වී තිබේ. දින පහක්‌ දක්‌වා ටෙස්‌ට්‌ තරගයක්‌ ඇදගෙන යැමට නොහැකි කණ්‌ඩායමක්‌ ලෙසට ඉන්දියානු දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිංද ශ්‍රී ලංකාව සමච්චලයට ලක්‌කර තිබේ. එවැනි මොහොත දිල්ලි හිදී අද ආරම්භ වන ටෙස්‌ට්‌ තරගයේ වැඩි පීඩනය තරගයට පෙරම ශ්‍රී ලංකාව දෙසට දෝලනය වී තිබේ.

තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවුණද නාග්පූර් හී පැවැති දෙවැනි ටෙස්‌ට්‌ තරගයෙන් ඉතිහාසයේ දැවැන්තම පරාජය අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එවැනි මොහොතක දිල්ලි හී ආරම්භ වන ටෙස්‌ට්‌ තරගය ජය ගනිමින් තරගාවලිය 1-1 ක්‌ කිරීමේ ශක්‌තිය ශ්‍රී ලංකාවට තිබේද යන්න කිසිවකු විශ්වාස නොකරයි.

නමුත් ශ්‍රී ලංකාව යනු හිටි හැටියේ නැගී සිටින කණ්‌ඩායමකි. හතර වටින්ම එල්ල වන දෝෂාරෝපණ මධ්‍යයේ පාකිස්‌තානයට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලිය 2-0 ක්‌ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. නමුත් එම තරගාවලියේදී ක්‍රියාත්මක වූ පිතිකරණ දක්‍ෂතාව මේ තරගාවලියේදී දක්‌නට නොලැබුණි. වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමට ටෙස්‌ට්‌ තරගයක්‌ ජය ගැනීමට නම් පිතිකරුවන් දෙදෙනකු හෝ ශතක ලබා ගත යුතුවේ. නමුත් අවසන් වූ තරග ද්විත්වයේදීම අර්ධ ශතක හෝ ලබා ගැනීමට සමත් වූයේ දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්‌ සහ රංගන හේරත් පමණි.

රංගන හේරත්ද අද තරගයට නොමැතිවීම ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක්‌ ගෙන දෙන්නක්‌ වී තිබේ. ඔහු පසුගිය කාලයේ පන්දුවෙන් පමණක්‌ නොව පිතිප්‍රහාරයෙන්ද ශ්‍රී ලංකාව ඔසවා තැබීමට දැක්‌වූ මෙහෙය හේතුවෙන් ලොව හොඳම ටෙස්‌ට්‌ තුන් ඉරියව් ක්‍රීඩකයන් දහ දෙනා අතරද සිටින ක්‍රීඩකයකු බවට පත්විය. කෙසේ වෙතත් හේරත්ගේ අඩුව පිරවීමට ජෙµaර් වැන්ඩ්‍රසිට හෝ ලක්‍ෂාන් සඳකැන්ට සිදුවේ. බොහෝ දුරට ලක්‍ෂාන් සඳකැන්ගේ චයිනමන් පන්දුවෙන් වැඩක්‌ ගැනීමට අද තරගයට ඔහු ක්‍රීඩා කරවීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ.

ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම අසාර්ථක පිතිකරුවකු බවට ඉනිම හතර තුළදීම දක්‌නට ලැබුණි. නමුත් ඔහු පිළිබඳව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසන්නේ මෙවැනි අදහසකි. ”මාවන් අතපත්තු පළමු ටෙස්‌ට්‌ ඉනිම් කිහිපයම අසාර්ථක වුණා.

සධීර හොඳ පිතිකරුවෙක්‌. ඔහු ඉදිරියේදී සාර්ථක වේවි.” යනුවෙනි. අසාර්ථක වූ පිතිකරුවා මානසිකත්වයෙන් ගොඩ ඒමට එවැනි වදන් ප්‍රයෝජනවත් වුවද අද තරගයට ඔහු වෙනුවට බංකුවේ සිටින ධනංජය ද සිල්වා හෝ රොෂේන් සිල්වා දෙදෙනාගෙන් එක්‌ අයකු ක්‍රීඩා කළ යුතුව තිබේ. බොහෝ දුරට එම දෙදෙනාම ක්‍රීඩා කළහොත් දසුන් ශානකට බංකුවේ සිටීමට සිදුවනු ඇත. ඔහුගෙන් බලාපොරොත්තු වූ සේවය ටෙස්‌ට්‌ තරග දෙකෙහිදීම දක්‌නට නොලැබුණි.

ශ්‍රී ලංකා පුහුණුකරු නික්‌ පෝතාස්‌ද දෙවැනි ටෙස්‌ට්‌ තරගය පරාජයෙන් පසුව පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලැඡ්ජා විය යුතු බවයි. ඒ අනුව අද තරගයේදී වෙනස්‌කම් කිහිපයක්‌ සිදුවනු ඇති බවට ඉන්දියානු වාර්තාවලින් පැහැදිලි වේ. ඉන්දියානු කණ්‌ඩායමේ ලොකු වෙනසක්‌ දක්‌නට නොලැබුණද ඔවුන් 2-0 ක්‌ ලෙස තරගාවලි ජය සන්තකයට ගැනීමට උත්සහ කරමින් සිටියි. ලොව අංක එකේ ටෙස්‌ට්‌ තත්ත්වය රැක ගැනීමට ඉන්දියානුවන්ට සෑම ජයග්‍රහණයකින්ම ලැබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ස්‌ථානය රැක ගැනීමට වාසියක්‌ වී තිබේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top