මීට වසර 1,700කට පමණ පෙර සීසර් රජ සමයේදී ඉතාලියේ බටහිර වෙරළ තීරයෙන් අතුරුදන්ව ගිය ‘බායියා’ නගරය සොයා ගැනීමට ඉතාලි රජයේ අවසරය මත කිමිඳීමේ යෙදුණු කිමිදුම් කණ්ඩායමක් සමත් වෙලා තිබෙනවා. 1 වැනි සියවසට අයත් පුරාණ රෝමයේ ඇමෙරිකාවේ වත්මන් ලාස්වේගාස් නගරය බඳු බායියා විශාල මන්දිර සහිත සුඛෝපභෝගී එමෙන්ම කෘෘරත්වයට නම් දැරූ නගරයක් ලෙස ප්රකටව තිබී ඇතැයි ඉතිහාසඥයන් පවසනවා.
නමුත් කාලයත් සමඟම සිදුවූ ගිනිකඳුවල ක්රියාකාරිත්වයන් හේතුවෙන් වෙරළ මීටර් 400ක් පමණ රට තුළට ඇදී ඒම නිසා වර්තමානයේ නේපල්ස් බොක්ක යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේ මුහුද යට බායියා නගරය සැඟව ගොස් තිබෙනවා.
පසුගියදා ඉතාලියේ බටහිර වෙරළෙන් ඔබ්බේ මුහුදු පත්ලෙන් බායියා නැවත සොයාගෙන ඇත්තේ ඉන් වසර 1,700කට පමණ පසුවයි. රජයේ අවසරය ඇතිව මෙම නගරය ගවේෂණයේ යෙදුණු කිමිඳුම්කරුවන් පිරිසක් තවමත් හොඳ තත්ත්වයේ පවතින මංමාවත්, මන්දිර, ප්‍රාකාර, ප්‍රතිමා, වීදුරු කැබැලිවලින් කළ මොසායික් නිර්මාණ ආදියේ ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.
මෙම නගරය සියවස් ගණනාවක් ඉතා වැදගත් රෝමානු නගරයක් බවට පත්ව තිබූ බවයි ඉතිහාසඥයන් සඳහන් කරන්නේ. බායියා නගරයේ සෞභාග්‍ය සම්පන්න කාලයේ ප්‍රකට රෝමානු චරිත වූ ජුලියස් සීසර්, නීරෝ, මහා පොම්පේ, මේරියස්, හේඕරියන් වැනි පුද්ගලයන් මෙහි ජීවත්ව ඇති බව සඳහන් වෙනවා.
මෙම නගරය ගවේෂණය කළ කිමිදුම් කණ්ඩායමේ ඡායාරූප ශිල්පියා පවසන්නේ බායියා නගරය තුළ කිමිඳුම ඉතිහාසයේ කිමිඳීමක් වැනි බවයි. මෙහි මොසැයික් නිර්මාණ සහිත පිසොනි සහ ප්රොටිරො මන්දිරවලින් පුරාණ කලා හැකියාවන් මනාව තහවුරු කෙරෙන අතර එහි දැකගත හැකි විවිධ මූර්ති, ප්‍රතිමා අතර ජුලියස් සහ ඔහුගේ සුක්කානම්කරුවා වූ බයියස්ගේ වැදගත් තැනක් ගන්නවා. ‘බායියා’ නගරයට ඒ නම ලැබී ඇත්තේ බයියස්ගේ නමින් බවයි ඉතිහාසඥයන් සඳහන් කරන්නේ. මෙම නගරය පිහිටා ඇත්තේ රෝමයට සැතපුම් 150ක් දකුණු දෙසින් සහ පොම්පෙයි නගරයට සැතපුම් 50ක් උතුරු දෙසිනුයි.
මෙම නගරයේ අඟල් කීපයක විෂ්කම්භයකින් යුත් ජල නළ පද්ධතියක් පවා දැක ගන්නට ලැබෙන අතර එමඟින් එකල මෙහි දියුණුව පිළිබඳව සිතාගත හැකි බවයි ඉතිහාසඥයන්ගේ අදහස වන්නේ. මෙහි දැකගත හැකි මන්දිර අතර ක්ලෝඩියස් අධිරාජ්‍යයා වෙනුවෙන් ඉදිකළ ‘ඉම්පීරියල් වි