ලෝකය

වසර 13000 ක් පැරණි තවමත් ක්‍රියාකාරී අභිරහස් චන්ද්‍රිකාව

ඇමෙරිකා එක්සත් ජනපදය, සෝවියට් රුසියාව වැනි රටවල් විසින් චන්ද්‍රිකා ගුවන් ගත කරනු ලබන බව නොරහසකි. මෙම චන්ද්‍රිකා මඟින් අභ්‍යවකාශය නිරීක්‍ෂණය සිදු කරයි. එසේ අභ්‍යවකාශ ගත කරන චන්ද්‍රිකා පිළිබඳ පාලනය සහ ඒවා පිළිබඳ සියලු දත්ත ඒවා ගුවන්ගත කරන රටවල් සතුව පවතී. 1960 වර්ෂයේ මාර්තු මස පෘථිවි කක්‍ෂය වටා ගමන් කරන අද්භූත චන්ද්‍රිකාවක් සොයා ගැනීමට හැකිවිය. මෙම චන්ද්‍රිකාව රුසියාව හෝ ඇමෙරිකාව විසින් නිපදවන ලද්දක් නොවන බව අනාවරණය විය.

මේ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදුකළ විද්‍යාඥයන් සොයා ගත් එක් කරුණක් අතිශයින් පුදුම සහගත විය. එනම් මෙම අද්භූත චන්ද්‍රිකාව වසර 13,000ක් පැරැණි බවය. වසර 13,000ක් තරම් අෑත අතීතයේ චන්ද්‍රිකා තාක්‍ෂණය ගැන සිහිනෙන් හෝ සිතීමට රුසියාවක් හෝ ඇමෙරිකාවක් නොතිබිණි.

ඒ අනුව සමහරුන්ගේ මතය වූයේ මෙම චන්ද්‍රිකාව පැරැණි ශිෂ්ටාචාරයක ජීවත්වූවන් විසින් නිපදවනු ලැබ අභ්‍යවකාශ ගත කරන ලද බවයි. ඔවුන් ඒ බව සනාථ කිරීමට යොදා ගන්නේ පැරැණි ඊජිප්තු සිතියම්ය. මේ සිතියම්වල ඔවුන් විසින් නිපදවන ලදැයි අනුමාන කරන චන්ද්‍රිකා දැක්වෙන බව ඔවුන් පවසා සිටී. මේ මතය නිවැරැදි නම් වසර 13,000ක් තරම් අතීතයේදී වර්තමානයේ ලොව ඇති තාක්‍ෂණ විද්‍යා දැනුම වඩා ඉහළ දැනුමක් තිබූ බව පිළිගැනීමට සිදුවෙයි.

මීට වෙනස් මත පළ කරන අය පවසන්නේ මේ චන්ද්‍රිකාව පිටසක්වළ ජීවීන් විසින් අභ්‍යවකාශ ගත කරන ලද බවයි. පිටසක්වළ ජීවීන් සිටීද? නැද්ද? යන්න අතීතයේ සිට මේ දක්වා ලෝකවාසීන්ගේ කුතුහලයට බඳුන් වුණු මාතෘකාවකි. කෙසේ නමුත් පෘථිවියෙන් බැහැර ජීවයක් ඇති බවට පිළිගත හැකි සාධක මේ වන විට එකිනෙක දිගහැරෙමින් පවතී. නාසා ආයතනය විසින් මෑතදී සොයා ගන්නා ලද නව ග්‍රහලෝකයන්හි ජලය හා වාතය ඇති බව අනාවරණය කරගෙන ඇත. එසේ නම් ඒවායේ ජීවයක් තිබිය හැකි බවට පිළිගැනීමට ඔවුන්ට සිදුවී ඇත.

එපමණක් නොව එසේ අලුතෙන් සොයාගත් නව ග්‍රහලෝක කිහිපයක් පෘථිවියට බෙහෙවින් සමාන බවද සොයාගෙන ඇත. නාසා ආයතනයේ සේවය කර විශ්‍රාම ගිය බොහෝ දෙනාද මත පළ කරන්නේ පිටසක්වළ ජීවයක් ඇති බව තහවුරු වන ලෙසටය. සඳ තරණය කළ ගගනගාමීහු මේ අතර ප්‍රධාන වෙති. තමන් අභ්‍යවකාශයේ ගත කළ කාලය තුළ සක්වළ යානා දුටු බව ඔවුහු ප්‍රකාශ කරති.

මේ අතර එඩ්ගා මිචෙල් නම් ගගනගාමියා ප්‍රධාන වේ. සඳ මත පා තැබූ නවවැනි පුද්ගලයා වන ඔහු තමා සක්වළ ජීවීන් සිටින බව විශ්වාසය කරන බව ප්‍රකාශ කළේය. එපමණක් නොව ඔහු මිය යෑමට පෙර ප්‍රකාශ කළේ අභ්‍යවකාශයේ ගත කළ කාලය තුළ තමා පිටසක්වළ යානා තම දෑසින්ම දුටු බවයි

මේ කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ මෙම අබිරහස් චන්ද්‍රිකාව පිටසක්වළ ජීවීන් සතු එකක් වීමේ සම්භාවිතාවක්ද ඇති බවයි. මෙම චන්ද්‍රිකාව සොයා ගැනීමද අහඹු ලෙස සිදුවූවකි. වර්ෂ 1899දී ටෙස්ලා නම් තැනැත්තකු විසින් ඉලෙක්ට්‍රොනික පණිවුඩයක් සොයා ගනු ලැබ ඇත. එය පෘථිවියට එපිටින් විශ්වයේ සිට පැමිණි එකක් බව ඔහුගේ විශ්වාසය වී ඇත. පසුව එම සංඥාව 1920දී ඩ්.ඒ.ර් රේඩියෝ තරංග මඟින්ද හසුවී තිබේ.

කෙසේ නමුත් 1960දී උතුරු ඇමෙරිකානු සේවා පද්ධතියක් මඟින් ප්‍රතිධ්වනිය සහිත රේඩාර් සංඥාවක් හසුකර ගනු ලැබීය. ඒ පිළිබඳ පර්යේෂණ දියත් කිරීමෙන් හෙළිවී ඇත්තේ එය හඳුනා නොගත් චන්ද්‍රිකාවක් මඟින් නිකුත් වූ සංඥාවක් බවය. ඒ මඟින් මෙවැනි හඳුනා නොගත් චන්ද්‍රිකාවක් පෘථිවි කක්‍ෂයේ ඇති බව මුල් වරට හෙළි විය. ආර්. ජොන්සන් මහතාගේ මූලිකත්වයෙන් ඒ පිළිබඳ පර්යේෂණ කටයුතු සිදුවිය. ඒ අනුව හෙළි වූයේ මෙම චන්ද්‍රිකාව ගමන් කිරීමේ ක්‍රමානුකූල රටාවක් නොමැති බවය.

 

එය සිතෙන සිතෙන පරිදි විවිධ දිසා ඔස්සේ ගමන් කරයි. මිනිසා විසින් නිපදවන ලද අභ්‍යවකාශ යානයක ඇති කිසිදු ලක්‍ෂණයක් මෙහි දැකිය නොහැකි වී ඇත. එසේම එය ඇතැම් රාත්‍රින්හි පමණක් දක්නට ලැබෙන අතර ඇතැම් රාත්‍රින්හි දක්නට නොලැබේ. මෙය ධ්‍රැවීය කක්‍ෂය වටා ආසන්නයේ පිහිටා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය මෙයට බ්ලැක් නයිට් (ඕතචජඬ ව්ඪඨඩබ) යනුවෙන් නම් කර තිබේ.

මේ පිළිබඳ තොරතුරු සෙවීමට ඔවුන් විසින් කමිටුවක්ද පත්කරනු ලැබ ඇති අතර ඊඪථඥ නමැති සඟරාව වෙතද එම තොරතුරු නිකුත් කර තිබිණි. මුල් වරට මෙම චන්ද්‍රිකාවේ ඡායාරූපයක් පළ කරනු ලැබුයේ 1960 වර්ෂයේ සැප්තැම්බර් 03 වැනිදාය.

එසේම 1963 වර්ෂයේදී ගගනගාමීන් විසින්ද මෙය නිරීක්‍ෂණයට ලක් කරනු ලැබීය. සුවිශේෂී අවස්ථාවකි මෙම අභ්‍යවකාශ වස්තුව තවමත් ක්‍රියාත්මක තත්ත්වයේ පැවැතීම එහි ඇති අද්භූතජනක ස්වභාවය දෙගුණ තෙගුණ කරයි. අදටත් පෘථිවි කක්‍ෂය වටා ගමන් කරන මෙම චන්ද්‍රිකාව ලෝකයේ මෙතෙක් හෙළි නොවූ අබිරහස් ගොන්නට එක්වේ.

මේ වගේ දේවල් හරිම පුදුමයි නේද මේ එක දෙයක් විතරයි මේ වගේ අභිරහස් විද්‍යාඥයන්ට පවා තවමත් විසදා ගන්න බැරිවුන දේවල් ගෝඩක් අපේ ලෝකයේ සැගවිලා තියනවා.සමහර දේවල් ප්‍රසිද්ධ නොකරන නිසා ඒවා රහස් විදියට තියනවා.මේ යානය ගැන වැඩි දුර තොරතුරු දැනගන්න කැමති නම් black knight satellite කියලා සර්ච් කරලා බලන්න.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top