gossip

සනී ලියෝන් මෙහෙට එපා

නව අවුරුදු උදාවත් සමඟ කර්ණාටක ප්‍රාන්තයේ බෙංගලූරු නුවර පැවැත්වීමට සැලැසුම් කර තිබුණු බොලිවුඞ් සරාගිනී සනී ලියොන්ගේ ප්‍රසංගය ජනතා විරෝධය මැද තහනම් කිරීමට ප්‍රාන්ත මහ ඇමැතිවරයා තීරණය කළේය.

සනී ලියොන්ගේ ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 31 වැනිදාය.

සරාගී නිලි සනී ලියොන්ගේ ප්‍රසංගය කර්ණාටක සංස්කෘතියට පටහැනි බවත්, ඇගේ ප්‍රසංගයක් ප්‍රාන්තයට අවශ්‍ය නැති බවත් ‘කර්ණාටක රක්ෂණ වේදයික්’ ඇතුළු සංවිධාන රැසක් සිය විරෝධය දක්වමින් ප්‍රාන්ත රජයට පෙන්වා දී තිබුණි.

මෙම සංවිධානවලට අයත් ක්‍රියාකාරීහු පසුගිය සතිය පුරාවට විරෝධතාවල නියැලුණේ සනී ලියොන්ගේ ඡායාරූප ගිනි තබමිනි.

‘මම අදාල බලධාරීන්ට දැනුම් දුන්නා සනී ලියොන් මෙහෙට ගේන්න එපා. ඒ වගේමයි ඇයගේ ප්‍රසංගය මෙහෙට උචිත නොවන බවත් මම පෙන්වා දුන්නා. කේරළ සංස්කෘතියට මෙවැනි ප්‍රසංග උචිත නැහැ’ යැයි කර්ණාටක ස්වදේශ කටයුතු ඇමැති රාමලිංග රෙඞ්ඩි පවසා තිබේ.

රසංගය නැවැත්වීමට බලධාරීන් තීරණය කිරීමට සතුටු දායක බවත් එය තමන් පිළිගන්නා බවත් ‘කර්ණාටක රක්ෂණ වේදයික්’ ඇතුළු සංවිධාන සෙසු සංවිධාන පවසා ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

(එන්.ඩී.ටීවී.)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top