ලෝකය

අසභ්‍ය ලෙස ගීත වීඩියෝ පටියකට පෙනී සිටිය පොප් ගායිකාවට සිර දඩුවම්

අසභ්‍ය ලෙස ගීත වීඩියෝ පටයකට පෙනී සිටි ඊජිප්තු ජාතික පොප් ගායිකාවක හට එර⁣ට අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත.

මෙලෙස දඩුවම් නියම වූයේ ශයීමා අහමඩ් නැමැති ගායිකවකය.

ඇය යට ඇඳුම් වලින් සැරසී අදාළ වීඩියෝ පටයේ පෙනී සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

රටේ ජනතාව තුළ කෝපය ඇති කරවමින් අසභ්‍ය වීඩියෝ පටයක් මාධ්‍යට මුදාහැරීමේ චෝදනාව යටතේ ඇය පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දිනයේ අධිකරණය හමුවේ ඇය වරදකරු කර තිබේ.

කෙසේවෙතත් 21 හැවිරිදි ෂායිමා අහ්මඩ් නැමැති ඇය අත්අඩංගුවට ගැනීමට පෙර ඇයගේ ෆේස්බුක්  පිටුවෙහි සටහනක් තබමින් රටේ ජනතාවගෙන් සමාව ගෙන ඇති අතර වැඩි ආකර්ශනයක් දිනාගැනීම සඳහා අදාළ වීඩියෝ පටය නිර්මාණය කළ බව එහිදී ඇය පවසා ඇත.

අදාළ වීඩියෝ පටය අධ්‍යක්ෂණය කළ පුද්ගලයා ද වසර දෙකක සිර දඬුවම් ලබා ඇති බව සඳහන්ය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top