සාජා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු අන්තර්ජාතික දහයයි දහය ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම නව වාර්තාවක් තැබීමට පාකිස්‌තානයේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සහිඩ් අෆ්රීඩි සමත් විය. පාචූන් කණ්‌ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අෆ්රීඩි පන්දුවාර දහයයි දහය ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය දවා ගනිමින් අදාළ වාර්තාව පිහිටුවනු ලැබීය. අෆ්රීඩිගේ පන්දු ඉදිරියේ දැවී ගිය තෙවැනි පිතිකරුවා වූයේ විරේන්ද්‍ර ෂෙවාර්ග්ය.
කේරල කින්ග්ස් කණ්‌ඩායම සමග පැවැති මෙම තරගයෙන් ලකුණු 25 ක ජයක් ලැබීමට සහිඩ් අඅෆ්රීඩිගේ පාචූන් කණ්‌ඩායම සමත් විය. පාචූන් කණ්‌ඩායම වෙනුවෙන් µdකර් සමාන් පන්දු 22 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමග නොදැවී ලකුණු 45 ක් ලබා ගත්තේය.
අදාළ තරගාවලිය නියෝජනය කරන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කලම්බු ලයන්ස් පිල ඊයේ රාත්‍රියේදී සිය පළමු තරගයට සහභාගි වීය.එම තරගය ඔවුන් පරාජය විය. තරගාවලියේ අවසන් තරගය ලබන 17 වැනිදා පැවැත්වේ.