ක්‍රිඩා

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනස් කම් රැසක් සිදුවන ලකුණු

ඉතිහාසයේ පළමු වරට අසල්වැසියාගේ ගෙදරට ගොස්‌ තරගාවලි ජයක්‌ ලැබීමේ සිහිනයක තනිවී සිටින ශ්‍රී ලංකාව හෙට (17 දා) ඉන්දියාව සමග තීරණාත්මක එක්‌දින තරගයකට විසාකාපට්‌නම්හිදී සහභාගි වේ. දිවා රාත්‍රී තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව.1.30 ට ආරම්භ වේ.

දෙරට අතර පැවැති පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත් අතර දෙවැනි එක්‌දින තරගයෙන් ඉන්දියාව දැවැන්ත ජයක්‌ ලබා ගනිමින් තරගාවලිය 1-1 ක්‌ ලෙස සමතැන් ගැනීමට සමත් විය. කෙසේ වෙතත් ඉන්දියානුවන් වත්මන් එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්‌ථානයේ සිටින කණ්‌ඩායමක්‌ වන අතර ඔවුන් මේ වසරේදී සහභාගි වූ තරග බහුතරයකම ජයග්‍රහණය දෝතට ගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව මේ වසරේදී කිසිදු එක්‌දින තරගාවලියක්‌ ජය ගෙන නොතිබීම විශේෂත්වයකි. මේ වසරේදී ශ්‍රී ලංකාව සහභාගි වූ එක්‌දින තරගාවලි දකුණු අප්‍රිකාවට 5-0, ක්‌ සහ චැම්පියන්ස්‌ කුසලාන පරාජය වූ අතර අනතුරුව බංග්ලාදේශය 1-1, සිම්බාබ්වේට 3-2, ඉන්දියාවට 5-0, පාකිස්‌තානයට 5-0 ක්‌ වශයෙන් සියලුම එක්‌දින තරගාවලි පරාජයට පත්විය.

ඉන්දියානුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාවටම ජය ගෙන ඇත්තේ එක්‌දින තරගාවලි දෙකක්‌ පමණි. එම තරගාවලි ද්විත්වයම අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල විසින් ජය ගෙන ඇති අතර 1997 දී අවසන් වරට එක්‌දින තරගාවලියකදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

අසාර්ථකත්වයට පත්ව සිටින ළහිරු තිරිමාන්න වෙනුවට කුසල් ජනිත් පෙරේරාට අද තරගයේදී ස්‌ථානයක්‌ හිමිවීමේ වැඩි අවස්‌ථාවක්‌ ඇති අතර තවත් වෙනස්‌කම් කිහිපයක්‌ ශ්‍රී ලංකා පිලේ සිදුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. කෙසේ වෙතත් දෙවැනි එක්‌දින තරගයේදී ද්විත්ව ශතකයක්‌ වාර්තා කළ රෝහිත් ෂර්මා ඇතුළු ඉන්දියානු පිතිකරුවන්ව මෙල්ල කිරීමේ වගකීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ කර මත පැටවී ඇති විශාලතම අභියෝගයකි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top