මෙවෙනි පිහිටීම් මෙවෙනි දේ කෙසේද සිදු වූයේ විද්යාඥයන්ටත් සිතා ගත නොහැකි බොහෝ දේ මේ මිහිතලයේ කොතරම් නම් තිබෙනවාද
විද්යාඥයන් විසින් මෙතෙක් සිදුකර තිබෙන විශ්ව ගවේෂණ අප්රමාණිකය. මෙම ගවේෂණ තුළින් හෙළිවූ විශ්මයජනක තොරතුරු විශ්වය පිළිබඳව මෙතෙක් පැවති මිථ්යා විශ්වාස සුණුවිසුණු කරන්නට සමත් විය. මෙම නව ගවේෂණ තුළින් ලෝකය පිළිබඳ විශ්මිත තොරතුරු තවදුරටත් අපට අනාවරණය කරන බවද පැහැදිලිය.
එහෙත් තාමත් ගවේෂණයට ලක් නොවූ අප්රමාණ විශ්මයජනක තොරතුරු අප ජීවත්වන විශ්වය තුළ පවතී. මෙවර අප පළ කරන්නේ මෑතකදී එලෙස අනාවරණය කරගත් විශ්මයජනක භූ පිහිටීම් කීපයකි. (මෙම ස්ථාන තවදුරටත් ගවේෂණය කරමින් තිබීමද විශේෂයකි)
රටවල් තුනක් පුරා පැතිරුණු මුදුනක් නැති කන්ද >>
හැම කන්දකටම කඳු මුදුනක් තිබෙන බව කවුරුත් හොඳින්ම දන්නවා. ඒත් මේ කියන්න යන්නේ මුදුනක් නැති අමුතුම කන්දක් ගැන අපූරු තොරතුරුයි. කන්දේ නම තමයි “රොරයිමා”. මේ අපූරු කන්ද පිහිටා තිබෙන්නේ දකුණු ඇමෙරිකාවේ බ්රසීලය, වෙනිසියුලාව හා ගයනා යන රටවල් තුනටම අයිති භූමියක වීමත් විශේෂත්වයක්. ඒ කියන්නේ රොරයිමා කන්ද රටවල් තුනකටම අයිති කන්දක්.
මේ කන්දේ තිබෙන අපූරු විශේෂත්වය තමයි කන්දේ කිසිම තැනක කඳු මුදුනක් දකින්නට නොලැබීම. ඉන් අදහස් වෙන්නේ මේ විශාල කන්දේ කඳු මුදුන සමතලා ස්වරූපයක් ගන්නා බවයි. මේ පිළිබඳව පර්යේෂණ සිදුකළ භූ විද්යාඥයන් කියන්නේ මේ ප්රදේශයට බහුලවම බලපාන අධික සුළඟ හා වර්ෂාව මගින් කඳු මුදුනේ සිදුවූ පාංශු ඛාදනය අනාදිමත් කාලයක් පුරා සිදුවීමෙන් මේ කන්දට කඳු මුදුනක් අහිමි වී තිබෙන බවයි.
මේ කන්ද ආශ්රිතව තිබෙන ශාක වර්ග ලොව වෙනත් කිසිම තැනක දකින්නට නොලැබෙන අතර කඳු ප්රදේශය ආශ්රිතව විශාල ආවේණික ජීවීන් විශේෂ රාශියක්ම ජීවත් වන බවත් විද්යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.
“රොරයිමා” කන්ද අවට ජීවත් වන්නේ බ්රසීලය, වෙනිසියුලාව සහ ගයනාවට අයත් පැරැණිම ස්වදේශික ජනතාවයි. ඔවුන්ගේ ජීවන රටාව හා සංස්කෘතිය ඔවුන්ටම ආවේණිකයි. මේ නිසාම මේ ප්රදේශයේ ජීවත් වන බොහෝ සත්ව විශේෂ මේ ස්වදේශික ගෝත්රිකයන්ගේ ආහාර ලෙස භාවිතා වන බවත්, මෙම ජීවීන් ඉතා ඉක්මණින්ම වඳවී යැමට එය හේතුවක් වන බවයි විද්යාඥයන්ගේ අදහස.
කඳු පාමුලට ළඟාවීමට තරම් සුදුසු මඟක් තවමත් සොයාගත නොහැකි වීමත් මෙම ස්වදේශිකයන් ඉතාම දරුණු ම්ලේච්ඡ මිනිස් ඝාතකයන් වීමත් නිසා මෙම කඳු ප්රදේශය තවමත් නිසි ලෙස ගවේෂණය කිරීමට අපහසු බවත් වාර්තා වෙනවා.
සයිබීරියාවේ ගංඟා ඉවුරක පිහිටි අද්භූත කුලුනු >>
නැඟෙනහිර සයිබීරියාවේ “ලෙනා ගංගාවේ ගංගා ඉවුරේ” එක් පැත්තක ගංඟා ඉවුරට යාබදව පිහිටා තිබෙන අද්භූත කුලුනු එම පරිසරයට ඉතාමත් අලංකාරයක් එක්කරයි. ගං ඉවුරේ කිලෝමීටර් 80 ක් තරම් දුරකට විහිදෙන මෙම කුලුනු සමූහය එකම කඳුවැටියක් සේ දර්ශනය වන අතර මීටර් 150 – 300 ක් අතර උසැති කුලුනු රාශියක් මෙහි ස්වභාවිකව නිර්මාණය වී ඇත.
භූ විද්යාඥයන් පවසන්නේ වසර මිලියන ගණනක් තුළ හුණුගල් හා ඩොලමයිට්, පාෂාණ ස්වභාවික විපර්යාසයන්ට ලක්වීමෙන් මෙම අපූරු කඳුවැටිය නිර්මාණය වී ඇති බවයි. මේ ප්රදේශය ආශ්රිතව අතීතයේ ජීවත් වූ ජීවින්ගේ පොසිල රාශියක්ම සොයාගෙන ඇතත් තවමත් නිසි ලෙස ගවේෂණයට ලක් නොවූ මෙම ප්රදේශයට ළඟාවීමට ප්රධානම බාධකය වන්නේ, එහි වර්ෂය පුරාම පවතින දැඩි ශීතල කාලගුණයයි.
මිනිස් ජනාවාසවලින් තොර මෙම ප්රදේශයට ළගාවීමට නම් විශාල පරිශ්රමයක් හා කාලයක් වැයකළ යුතුයි. ඊට හේතුව වන්නේ ලෙනා කුලුණු පිහිටා තිබෙන නැඟෙනහිර සයිබීරියාවේ යුකුට්ස්ක් ප්රදේශය ඉතාමත් දුෂ්කර ප්රදේශයක් වීමයි. පෘථිවියේ නිර්මාණය පිළිබඳව රහස් රැසක් සඟවාගත් මෙම අද්භූත කුලුනු පිහිටි යුකුට්ස්ක් ප්රදේශය නිසි ලෙස ගවේෂණය කිරීමෙන් විශ්මයජනක භූ විද්යාත්මක තොරතුරු රැසක් හෙළිදරව් කරගත හැකි බවයි භූ විද්යාඥයන්ගේ පැහැදිලි මතය.
නැව් ගිලින තවත් ත්රිකෝණයක් >>
නාවික යාත්රා රාශියක් ගිල දමන පැසිපික් සාගරයේ පිහිටි “බර්මියුඩා ත්රිකෝණයත්” ජපානයේ මියාකේ (Miyake) දූපත වටා මුහුදු ප්රදේශයේ පිහිටි “මකරාගේ ත්රිකෝණයත්” ගැන ඔබ මේ වන විටත් බොහෝ තොරතුරු දන්නවා.
මේ හෙළිදරව්වත් එවැනි ත්රිකෝණයක් පිළිබඳවයි. මෙහි නම තමයි ” මිචිගන් ත්රිකෝණය” ලොව ප්රකට පංච මහා විල්වලින් එකක් ලෙස සැලකෙන වර්ග කිලෝමීටර් 58,000 ක් තරම් විශාල මිචිගන් විල පිහිටා තිබෙන්නේ උතුරු ඇමෙරිකාවෙයි. මිචිගන් ත්රිකෝණය මායිම් වෙන්නේ “ලූඩින්ග්ටන්” (Ludington) සිට “බෙන්ටොන් (Benton) වරාය දක්වාත්, බෙන්ටොන් සිට මැනිටොවොක් (Manitowok) දක්වාත් මැනිටොවොක් සිට ලූඩින්ග්ටන් දක්වාත් වූ අපූරු ත්රිකෝණාකාර ප්රදේශයකටයි.
“මිචිගන් විල” භාණ්ඩ ප්රවාහන නෞකා නිතරම ගමන් කරන ප්රදේශයක්. නාවික භාණ්ඩ ප්රවාහනය ගොඩබිම් මාර්ග ප්රවාහනයට වඩා ලාභදායි ප්රවාහන ක්රමයක් වීම ඊට හේතුවයි. මිචිගන් විල හරහා නෞකා ගමනාගමනය අනතුරුදායක බව මුල්වරට හෙළිවුණේ 1921 වසරේදියි. “ඒ රෝසා බෙල්” (Rosa belle) කියන රුවල් නෞකාව එම වසරේ දී එහි ගමන්ගත් සියලුම මගීන් හා භාණ්ඩ සමඟම ඉතාම අද්භූත ලෙස මිචිගන් විලේ ගිලීයැමත් සමගයි.
මෙම සිදුවීමෙන් පසු තවත් නාවික යාත්රා කීපයක්ම මිචිගන් විලේ එක් සුවිශේෂි ප්රදේශයකදී අතුරුදන් වූ අතර 1950 වසරේ දී ඇමෙරිකාවේ “නෝර්ත්වෙස්ට්” අභ්යන්තර ගුවන් සමාගමේ ANW 2501 දරන ගුවන් යානය මේ මිචිගන් විලට උඩින් පියාසර කිරීමේ දී ගුවන් යානයත් සමඟ එහි සිටි මගීන් 40 ක කාර්ය මණ්ඩලය දරුණු කුණාටුවකට අසුවී විනාශ වී ගියා. අද වන තුරුත් එලෙස විනාශ වූ ගුවන් යානාවේ කලු පෙට්ටිය හෝ කිසිදු කොටසක් හෝ සොයා ගැනීමට හැකිවී නෑ.
මිචිගන් විලේ අදටත් භාණ්ඩ හා මගී ප්රවාහන නෞකා මෙන්ම ධීවර කටයුතුවල යෙදෙන කුඩා නෞකා යාත්රා කළද මිචිගන් විලේ මේ විශේෂ ප්රදේශය පිළිබඳව මනා දැනුවත් කිරීමක් මේ වන විට නිරන්තරයෙන්ම සිදු කරන බැවින් මෙවැනි අනතුරු අද සිදු වන්නේ කලාතුරකින්. මෙම අබිරහස සගවාගත් ප්රදේශය පිsළිබඳව තවමත් නිසි තොරතුරු හෙළිකර ගැනීමට අපොහොසත් වී තිබීමත් මේ තරම් දියුණු යුගයක තවත් එක් පුදුමයක් නේද? මිචිගන් විලේ ගුවන් ඡායාරූපයක් විමසීමේදී එය විශාල කුහුඹුවෙකු මෙන් දර්ශනය වන බවත් පැහැදිලියි. සමහරු පවසන්නේ එහි අද්භූත සතෙකුගේ රූප විලාශයක් ඇති බවයි.
ඇන්ටාර්ක්ටිකාවේ නොපෙනෙන කදුවැටිය >>
ඇන්ටාර්ක්ටිකාවේ නැඟෙනහිර ප්රදේශයේ පිහිටා තිබෙන මීටර් 1200000 ක් තරම් දිග මීටර් 2700 ක් තරම් උස කඳුවැටියක් පිළිබඳවයි මේ අපූරු තොරතුරු. මේ කඳුවැටිය අද දකින්නට ලැබෙන්නේ නෑ. ඊට හේතු වන්නේ අදින් වසර මිලියන ගණනකට පෙර මෙම කඳුවැටිය සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී යැමයි.
වසර 1958 දී සෝවියට් සමූහාණ්ඩුවේ භූ විද්යාඥයන් විසින් සිදුකළ ගවේෂණ අනුව එම දත්ත ඇසුරෙන් කඳුවැටියේ උස හා දිග අනුමාන වශයෙන් ප්රකාශ කිරීම සිදු කළත් කිසිදාක මෙහි නියම උස හෝ දිග ප්රකාශ කිරීමට අවස්ථාවක් උදා නොවන බව විද්යාඥයන්ගේ නිගමනයයි. ලැබී තිබෙන දත්ත අනුව සමහර විද්යාඥයන් ප්රකාශ කරන්නේ මෙම කඳුවැටිය යුරෝපයේ ඇල්ප්ස් කඳුවැටිය තරම් විශාල බවයි.
මිහිතලය මත කඳු පිහිටීම පිළිබඳ බොහෝ තොරතුරු මේ වන විට හෙළිදරව් වී තිබුණත් මේ “ගම්බර්ට් සෙව්” කඳුවැටිය මිහිමත ඇති වූ ආකාරය හා කාලවකවානුව පිළිබඳව නිසි තොරතුරු සොයා ගන්නට කිසිම භූ විද්යාඥයකු තවමත් සමත්ව නැහැ. මෙම කඳුවැටිය බිහිවූ කාලය අදින් වසර මිලියන 30 – 50 ත් අතර අතීතයකට හිමිකම් කියන බව ප්රකාශ කරන්නට පමණක් විද්යාඥයන්ට හැකිවී තිබෙනවා. කඳුවැටිය “ගම්බර්ට් සෙව්” යනුවෙන් නම් කරන්නට හේතු වුණේ සෝවියට් සමූහාණ්ඩුවේ කීර්තිමත් භූ විද්යාඥයකු වූ “ගි්රගෝරි ඒ ගම්බර්ට්සේ” (Grigoriy A Gamburtsey) ට ගරු කිරීමක් ලෙසයි.
ලොව විශාලතම වගුරුබිම >>
වගුරු බිමක් කියන්නේ ඉතාම වැදගත් තෙත් බිම් පද්ධති අතරින් එකක්. ලෝකයේ ගංගා බොහොමයක් මුහුදට වැටෙන ස්ථාන ආශ්රිතව දීර්ඝ කාලයක් තිස්සේ ගංගාවෙන් පිටාර ගලායන ජලය එක්රැස් වීමෙන් සුලබවම වගුරු බිම් ඇතිවෙන්න පුළුවන්. ඒත් මේ වගුරු බිමට ජලය එකතු වන්නේ බ්රසීලයේ “ප්ලැනැල්ටෝ” උස් බිම්වලින්. (Planalto Highlands) මේ නිසාම මේ වගුරුබිම හඳුන්වන්නේත් “පැලැනැල්ටෝ” වගුරු බිම කියලයි.
ලොව විශාලතම වගුරුබිම ලෙස සැලකෙන මෙය වර්ග කිලෝමීටර් 195,000 (එක්ලක්ෂ අනූපන්දහසක) පමණ භූමි ප්රදේශයක පැතිරී තිබෙනවා. මෙම ප්රදේශයට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1000 – 1400 ත් අතර ප්රමාණයක්. දකුණු ඇමෙරිකාවේ ඇමසන් වනාන්තරයේ දක්නට ලැබෙන බොහෝ ශාක වර්ගත් අර්ධ වියළි කලාපවල හා සැවානා බිම්වල වැවෙන ශාක විශේෂත් මෙම වගුරු බිම් පරිසරයේ විවිධ දිශාවන් තුළ පැතිරී තිබෙනවා.
උද්භිද විද්යාඥයන්ට අනුව මේ වගුරු බිමේ අපූරු දුර්ලභ ශාක විශේෂ 3500 – 4000 කට පමණ ඉතාම හොඳ තෝතැන්නක් වී තිබෙනවා. දැනට ගවේෂණය කර තිබෙන ප්රමාණයට අනුව පක්ෂීන් විශේෂ දහසක්, මත්ස්ය විශේෂ හාරසියයක්, ක්ෂීරපායි ජීවී විශේෂ සියයක්, උරග විශේෂ රාශියකුත් මෙම වගුරු බිම ආශ්රිතව ජීවත් වෙනවා. වගුරුබිම තුළ එක්රැස් වන ජලය දීර්ඝ වර්ෂා කාලවලදී “පැරගුවේ” ගඟටත් තවත් අතු ගංඟා රාශියකටත් වැදගත් ජල පෝෂක ප්රදේශයක් ලෙස ක්රියාත්මක වෙනවා.