පිරිත් සඡ්ජායනාවන් තුළින් මානසික පීඩාවන් නැති කරගත හැකි බවට හොංකොං හි පිහිටි බෞද්ධ අධ්‍යාපනික කේන්ද්‍රය සිදුකළ පර්යේෂණයකින් හෙළි කර ගන්නට හැකි වී ඇත. ඔවුන් විසින් හදවත හා මොළය අතර ඇති සම්බන්ධයත් හා ආගමික පිරිත් ස-ජායනාවක් වැනි දෙයක් තුළින් කරුණු ලබන අභ්‍යාස පිළිබඳ පරීක්ෂණ කිහිපයක් මීට පෙරද පවත්වා තිබේ..
හොංකොං විශ්වවිද්‍යාලයීය බෞද්ධ අධ්‍යාපන කටයුතු අධ්යක්ෂ ෂික් හින් හන්ග් හිමිපාණන් මේ ගැන වැඩිදුර තොරතුරු සඳහන් කරමින් කියා සිටියේ “ආගමික පිරිත් ස-ජායනවන් තුළින් මානසිකව ඇති පීඩාවන් මෙන්ම ආතතියද නැති කර දැමිය හැකි බවයි..මෙම විමර්ශනයට ඔවුන් විසින් අඩු තරමින් වසරක කාලයක් පුරාවට “අමිතාභ” හෙවත් බුදුරජාණන්වහන්සේගේ නම නිරතුරුව සඡ්ජායනා කර ඇති බෞද්ධයින් 21 දෙනෙකු සහභාගී කරවාගෙන තිබේ.
ඔවුන් පර්යේෂණයට සහභාගී කරවාගත් සියලු දෙනා හට මානසිකව කැළඹීම් ඇති කරවන හා ආතතිය ඉහළ නංවන අන්දමේ ඡායාරූප මෙන්ම සාමාන්‍ය පින්තූරද ලබා දී “අමිතාභ” නාමය නිරතුරුව ස-ජායනය කිරීමට උපදෙස් ලබා දී තිබේ. අමිතාභ හෙවත් බුදුරජාණන්වහන්සේ නාමයත් විටෙක වෙනත් ආගමක් හා සම්බන්ධ අයකුගේ නාමයත් විටින් විට සඡ්ජායනය කරමින් හෝ කිසිවක් නොකියමින් මෙම ලබාදුන් ඡායාරූප දෙස බලා සිටිමින් මානසික වශයෙන් අභ්‍යාස කිරීමට පර්යේෂකයන් විසින් සහභාගී වූවන් හට උපදෙස් ලබා දී තිබේ..
අවසාන ප්රථිඵලය ලෙස විමර්ශකයින් හට සොයාගැනීමට හැකි වූයේ සඡ්ජායනාවන් අතරතුර සහභාගී වූවන් හට ලබා දුන් මානසික ආතතිය අවුලන ඡායාරූප. දෙස බලා සිටීමේදී ඔවුන්ගේ එම ඡායාරූප නිසා හටගත් මානසික ප්‍රතිචාර සිතින් පලා නොගියද සඡ්ජායනාව තුළින් ඔවුන්ගේ සිතට එම ඡායාරූප නිසා හටගත් ආතතියෙන් කිසිම ආකාරයක හානියක් පීඩාවක් නොවුන බවය..
එමෙන්ම පර්යේෂකයන් විසින් මෙම කාර්ය සඳහා මනස යම්තාක් දියුණු තත්වයට උසස් තත්ත්වයන්ට පත් කල ස්වාමීන්වහන්සේ නමක්ද සහභාගී කරගෙන ඇති බවට තොරතුරු සඳහන් වේ. ඔහු සඡ්ජායනය කරන අතරතුර නිතර මනසට ආතතිය ඇතිකරන ඡායාරූප දෙස බලන අතරම MRI යන්ත්‍ර මගින් පර්යේෂකයන් ඔහුගේ මොළයේ ක්‍රියාවන් නිරීක්ෂණය කර ඇත.
මෙම පර්යේෂණවල ප්‍රතිsඵල “සල්ලාත සූත්‍රය” නම් සූත්‍රයේ දේශණාවලට බොහෝ සමාන බව පැවසේ, එනම් නිතර බණ දහමට සිත යොමු කරමින් මනසට අභ්‍යාස ලබාදෙන අයකුට වෙනත් අයකුට මෙන් සිත් තැවුල් වේදනාවන් ඇතිවුවද එම බෞද්ධාගමික සඡ්ජායනාවන් හා මානසික අභ්‍යාස නිසාවෙන් ඔවුන්ගේ මනසට වියවුල් තත්ත්වයට පත්වීම හෝ ආතතිය තත්ත්වයෙන් හානියක් සිදු නොවන බවයි.. සඡ්ජායනාවන් තුළින් තමන් ලෙස හදුන්වන පුද්ගලයා ගැන ඇති හැඟීම අල්ප කර හෝ අඩු කරගැනීමෙන් මානසික වශයෙන් විශාල සුවයක් ලබා ගත හැක.