හොලිවුඩ් සිනමාවේ ඔබ ඇලුම් කරන ඇතැම් ප්‍රසිද්ධ නළු නිළියන්ට නිවුන් සහෝදර සහෝදරියන් සිටින බව ඔබ දැන සිටියාද?
එවැනි නළු නිළියන්ගේ නිවුන් සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙක් අප්රකටව දිවි ගෙවති.
ස්කාලට් සහ හන්ටර් ජෝහැන්සන්
Image copyrightGETTY IMAGES‘Lost in Translation‘ සහ ‘Vicky Cristina Barcelona‘ වැනි චිත්‍රපටවල රඟපෑ ස්කාලට් ජෝහැන්සන් හොලිවුඩ් පුරයේ වඩාත් ජනප්‍රිය තරුවකි.
ඇයට නිවුන් සහෝදරයෙකු සිටින බව ඔබ දැන සිටියාද?
ඇය බොහෝ විට සිය නිවුන් සොහොයුරා වන හන්ටර් ජෝහැන්සන් සමග සිනමා උළෙලවල් සඳහා සහභාගී වන්නීය.
පුණ්‍යායතන හා දේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරවලට සම්බන්ධව කටයුතු කරන හන්ටර් 2008 වසරේ දී ඇමරිකාවේ හිටපු ජනාධිපති බරාක් ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය ලබා දුණි.
වින් ඩීසල් සහ පෝල් වින්සන්ට්
Image copyrightGETTY IMAGES / VIN DIESELසුපිරි නළු වින් ඩීසල්ට හැඩරුවින් සමාන නොවන නිවුන් සහෝදරයෙකු සිටින බව ඔබ දැන සිටියාද?
(මාක් සින්ක්ලෙයාර් වින්සන්ට්, වින් ඩීසල්ගේ සැබෑ නමයි)
ඔහුගේ නිවුන් සොහොයුරු පෝල් වින්සන්ට් ද ප්රසාංගික ක්ෂේත්රයට සම්බන්ධව කටයුතු කරයි.
සාමාන්‍යයෙන් ඔහු එතරම් ප්‍රසිද්ධියේ පෙනී නොසිටින පුද්ගලයෙකි.
නමුත් පෝල් වින්සන්ට් හා සිය ‘Fast and Furious‘ චිත්‍රපට මාලාවේ සඟයා වූ නැසී ගිය පෝල් වෝකර් එකට සිට ගත් ඡායාරූපයක් වින් ඩීසල් විසින් 2013 වසරේ දී අන්තර්ජාලයේ පළ කරනු ලැබීය.
එය නම් කර තිබුණේ “දෙන්නම පෝල්” ලෙසය.
කීෆර් සහ රේචල් සදර්ලන්ඩ්
Image copyrightGETTY IMAGES‘24‘කතා මාලාවෙන් ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් කීෆර් සදර්ලන්ඩ්ට නිවුන් සහෝදරියක් සිටින බව ඔබ දැන සිටියාද?
රේචල් සදර්ලන්ඩ් වැඩසටහන් පසු-නිෂ්පාදන (post-production) ක්ෂේත්රය හා සම්බන්ධව කටයුතු කරන්නීය.
ඇෂ්ටන් සහ මයිකල් කුචර්
Image copyrightGETTY IMAGES‘Punk’d‘සහ ‘The Butterfly Effect‘වැනි චිත්‍රපටවල රඟපෑ ඇෂ්ටන් කුචර්ට මයිකල් කුචර් නම් නිවුන් සහෝදරයෙකු සිටී.
ඔහුට, මොළයට හානි පමුණුවන රෝගයක් වැළඳී ඇති බව ළමා වියේ දී සොයා ගැනුණු අතර 13 වෙනි වියේදී හදවත් බද්ධ සැත්කමකට ද භාජනය කෙරිණි.
“අපේ හැකියාවන්, අපට කළ හැකි දේ, අප සිතන පතන ආකාරය සහ අප දකින දේ පිළිබඳ එකිනෙකාට වෙනස් ආකාරයකින් අප සියලු දෙනා නිර්මාණය වී තිබෙනවා. නමුත් එකිනෙකාට ආදරය දැක්වීම සඳහා අප සියලු දෙනාටම එක සමාන හැකියාවක් තිබෙනවා” යනුවෙන් සිය සොහොයුරාගේ රෝගී තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඇෂ්ටන් කුචර් පවසා තිබිණි.
ලින්ඩා සහ ලෙස්ලි හැමිල්ටන්
Image copyrightYOUTUBE/TRISTAR PICTURES‘Terminator 2‘චිත්‍රපටයේ සාරා කෝනර් ලෙස සිය බාහිර ස්වරූපය වෙනස් කර ගනිමින් ‘T1000‘ විසින් ඇයගේ පුතු ඝාතනය කරනු ලැබීමට උත්සාහ ගන්නා ජවනිකාව ඔබට මතකද?
අවසන් මොහොතේ සිය පුතු බේරා ගැනීමට සැබෑ සාරා කෝනර් පැමිණෙයි.
එහිදී දෙදෙනාම එක් දර්ශනයක දැක ගත හැකි අතර එය කැමරා ප්‍රයෝගයක් යැයි බොහෝ දෙනෙකු සිතනවාට සැක නැත.
නමුත් ඇත්ත වශයෙන්ම එහි පෙනී සිටින්නේ සාරා කෝනර් චරිතයට පණ පෙවූ ලින්ඩා හැමිල්ටන් සහ ඇගේ නිවුන් සොහොයුරිය වන ලෙස්ලි හැමිල්ටන්ය.