ලෝ පූජිත ජැමෙයිකා ගායක බොබ් මාර්ලි ඝාතනය කළේ සී අයි ඒ සංවිධානය බව හෙළි වී ඇත.
ඇමරිකාවේ මේන් මර්සි රෝහලේ මරණාසන්නව සිටින 79 හැවිරිදි සීඅයිඒ නිලධාරියකු මේ බව හෙළි කර තිබේ. බිල් ඔක්‌ස්‌ලි නමැති මෙම සීඅයිඒ ඒජන්තවරයා පැවසුවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඡායාරූප ශිල්පියකු ලෙස වෙස් වලාගත් තමා බොබ් මාර්ලි සිටි නිවසට ගොස් ඝාතනය සිදු කළ බවයි.
බොබ් මාර්ලි 1981 මැයි 11 දා සිරුරේ ඇති වූ පිළිකා රෝගයකින් මියගිය බව වාර්තා විය.
එහෙත් බිල් ඕක්‌ස්‌ලි පැවසුවේ තමා එම පිළිකාව සිරුරට එන්නත් කළ බවයි.