දැනුම

නිර්මාංශිකයන්ට ප්‍රෝටීන ලබා ගත හැකි ක්‍රම

නිර්මාංශමය ආහාර වේලක බොහෝ ප්‍රයෝජන ඇත. එහෙත්, බොහෝ දෙනාට ගැටලුවක් වී ඇත්තේ, නිර්මාංශමය ආහාර වේලකින් අපට අවශ්‍ය ප්‍රෝටීන නොලැබේ ය යන්න ය. බොහෝ නිර්මාංශිකයන්, ප්‍රෝටීන ගැටලුව නිසා නැවතත් මස් වර්ග ආහාරයට පෙලඹේ. එහෙත්, නිර්මාංශ ආහාර වේලක් හරිහැටි ගැනීමෙන්, අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය ලබා ගැනීමට පුළුවන. නිර්මාංශමය ප්‍රෝටීන ආහාරවල, අඩු කැලරි ප්‍රමාණයක් ඇති අතර, දිරවීමට ද පහසු ය.

මස් මාළු ආහාරවලින් තොර වූවන්ට, කිරි වැඩිපුර පානය කිරීම ද සුදුසු ය. එහෙත්, සමහර පුද්ගලයන් කිරි පවා පානය කිරීමෙන් වැළකී සිටී.

මේ, සියලු ම නිර්මාංශික පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වන, ප්‍රෝටීන ප්‍රභවයන් ලැයිස්තුවකි.

01. ග්‍රීන් පීස්

සලාද වර්ග ආහාරයට ගන්නා විට, ඒ සමඟ ග්‍රීන් පීස් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් දිනකට ග්‍රෑම් 4ක් පමණ ප්‍රෝටීන ප්‍රමාණයක් ලබා ගත හැකි ය.

02. අර්තාපල්

අර්තාපල්වල ප්‍රෝටීන අන්තර්ගත වේ. මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් අලයක ග්‍රෑම් 5ක පමණ ප්‍රෝටීන ප්‍රමාණයක් අන්තර්ගත වේ.

04. නිවිති

නිවිති කෝප්පයකින් දිනකට අවශ්‍ය ප්‍රෝටීන ග්‍රෑම් 5 – 6ක් පමණ ලබාගත හැකි ය.

05. පරිප්පු

පරිප්පු හොද ප්‍රෝටීන ප්‍රභවයකි‍. ඉන්දියානු ආහාර වර්ග සෑදීමේදී සෑම විටම පරිප්පු වැඩියෙන් භාවිත වේ. නිර්මාංශික ඔවුන්ගේ සාම්බාර් හා පොංගල් සෑදීමේදී පරිප්පු වැඩියෙන් යොදා ගනී.

06. ආමන්ඩ්

ආමන්ඩ් රැය පුරා වතුරේ පෙඟෙන්නට දමා, උදෑසන ආහාර වේලට එක්කර ගැනීමෙන් ප්‍රෝටීන ලබාගත හැකි ය.

07. බ්‍රොකොලි

තන්තුමය ආහාරයක් වන බ්‍රොකොලි, හොඳ ප්‍රෝටීන ප්‍රභවයකි.

08. බඩ ඉරිඟු

මේවාද හොද ප්‍රෝටීන් ප්‍රභවයකි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top