දැනුම

ආදරේ කරන කෙනා දාල ගියාද? හිත හදාගන්නේ මෙන්න මෙහෙමයි

තමන්ගේ ආදර සම්බන්ධතාවයන් බිද නොවැටුණු අය ඉතාමත්ම අඩුයි. බොහෝ විට හැම දෙනෙකුම වගේ ආදර සම්බන්ධතාවයන් අහිමිවීම් වලට මුහුණ දීමට සිදුවෙනවා. එවැනි අවස්ථාවන්හදී තම ජීවිතයට හානියක් නොවන ආකාරයට එයට මුහුණ දීමට මේ කරුණු ගොඩක් වැදගත් වෙයි.

ඔහුගෙන්/ඇයගෙන් ඉවත්වන්න

ඔබට සිතේවි ඇය/ඔහු තමයි ලෝකයේ සිටින හොදම කෙනා, ඒ වගේ කෙනෙක් අයිත් මට හමු නොවේවී කියා. ඒත් විශ්වාස කරන්න එය නොවෙයි ඇත්ත. ඔබගේ යහළුවන්ට ඇය/ඔහු ගේ වැරදි කියන්නට ඉඩ දෙන්න. ඔහු/ඇය ඔබට කළ හිරිහැර, වැරදි මතක් කරන්න. ඔබ සිතිය යුතු ඒකම දෙය ලොව සිටින කිසිවෙකු සර්ව සම්පූර්ණ නොමැති බවයි. විශේෂයෙන්ම ඔහු/ඇය.


එය ඔබේ ප්‍රශ්නයක් ලෙස දකින්න එපා.

මේ වෙන්වීම ඔහු/ඇයගේ ප්‍රශ්නයක් ලෙස දකින්න. තමන්ගේ ප්‍රශ්නයක් ලෙස සිතුවොත් එය ගොඩක් වේදනාකාරී වෙනවා. සම්බන්ධතා නැතිවීම සාමන්‍ය දෙයක් ලෙස සිතන්න. එය ලෝකයේ සැම දෙනාටම වෙන්න පුළුවන් දෙයක් ලෙස සිතන්න.


ඔහු/ඇය ගැන සිතන එක නතර කරන්න.

මෙය නම් කරන්න ඉතාමත්ම අපහසු දෙයක් වේවි. ඒත් සැම විටම ඒ මතකයන් තුල සිටීමෙන් වලකින්න. ඔහු/ඇය සිටියානම්, එය නැති වුණේ ඇයි? වගේ දේවල් සිතන්න එපා. දිගන් දිගට මෙලෙස සිතීම ගැටලුවට විසදුමක් නෙවෙයි. කොහොම හරි ඒක අමතක කරන්න මාර්ගයක් හොයාගන්න.


ඔබේ ජීවිතය ක්‍රියාකාරීව තබා ගන්න

ඔබ ගොඩක් කැමති දේවල් සමග එකතුවන්න. පරණ මිතුරන් සමග කාලය ගත කරන්න. කැමතිම ක්‍රීඩාවන්ට යොමු වෙන්න. මිතුරන්ට Call කරන්න. හොද පොත් කියවන්න. මෙලෙස ඔබ ජීවිතය විදින විට ඔහු/ඇය ගැන තිබෙන දුක් ටිකින් ටික ඉවත් වී යයි. ඔහුට/ඇයට දෙන හොදම පිළිතුර පෙරට වඩා හොදින් ජීවත් වන බව පෙන්වීමයි.


වෙන්වීමේ දුක වැඩි කරන විරහ ගීත, විත්‍රපට වැනි දේ වලින් ඈත් වන්න.

මෙවන් ගීත, චිත්‍රපට වලට සවන්දීමෙන් හා නැරඹීමෙන් ඔබගේ වේදනාව තව තවත් වැඩි වන බව මතක තබාගන්න. දිගින් දිගටම මෙසේ කලහොත් ඔබට පැරණි සම්බන්ධතාවය තුළම ජීවත් වීමට සිතේවි.


නිරෝගීව සිටින්න

මෙවැනි වෙන්වීමකදී බොහෝ අය කරන්නේ නොකා නොබී සිටීම හෝ මත් ද්‍රව්‍යන්ට යොමු වීම වැනි ඉතාමත් අහිතකර දේවල්. නමුත් එයින් සිදුවන්නේ ඔබ තව තවත් දුකට පත්වීමයි. ඔබ කල යුතු හොදම දේ වෙනදාටත් වඩා නිරෝගීව සිටීමට තම කාලය කැප කිරීමයි. කාය වර්ධන මධ්‍යස්ථානයකට යන්න. ව්‍යායාම වල යෙදෙන්න. හොද පෝෂ්‍යදායී ආහාර ගන්න. ඔබගේ ශාරීරික නිරෝගීකම ඔබගේ මානසික සතුටටත් හේතුවන බව විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා.


ඔහු/ඇය ගේ වෙනත් සම්බන්ධයක් ඇත්නම් ඒ ගැන සිතන්න එපා

ඔහු/ඇය වෙනත් කෙනෙක් සමග සම්බන්ධ වී ඇත්නම්,  ඒ ගැන සොයන්න, දුක්වන්න හෝ ඊට ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරන්න එපා. එසේ කිරීමෙන් සිදුවන්නේ නැවතත් ඔබගේ සිතට පීඩාවක් ඇති වීම පමණයි.


මුහුදේ තවත් ඕනෑතරම් මාළුවෝ සිටින බව සිතන්න

ඔබගේ හිත හදාගන්න ටික කාලයක් ගන්න. ඉන්පසු අළුත් සබම්බන්ධතා ඇති කරගැනීමට ඕනෑ තරම් අවස්ථා ඇති බව සිතන්න. ජීවිතේ දී ඕනෑතරම් සම්බන්ධතා ඇති වන්නත් , බීදී යන්නත් පුළුවන්. සමහරවිට අළුතින් ඇතිවන සම්බන්ධය තිබුණු එකට වඩා ගොඩක් හොද වෙන්න පුළුවන්. බිදවැටුණු සම්බන්ධතා වලින් පාඩම් ඉගෙන ගෙන අළුත් සම්බන්ධතා යහපත් ලෙස පවත්වා ගෙන යන්න.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top