gossip

ලංකාවේ දුම්රිය මගෙහි සෙල්ෆි ගන්න ගිහින් මාස 10 ට 24 ක් මැරිලා

ගත වූ මාස දහයක කාලය තුළ දුම්රියේ සහ දුම්රිය මගෙහි සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී සිදු වූ අනතුරුවලින් තරුණයන් 24 දෙනකු මියගොස්‌ ඇතැයි ප්‍රවාහන සහ ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ මහතා පන්නිපිටිය දුම්රිය ස්‌ථානයේදී පැවැසීය.

ඒ මහතා එසේ පැවසුවේ දුම්රිය හරස්‌ මාර්ග ආශ්‍රිතව සිදුවන අනතුරු වැළැක්‌වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පරාවර්තන පුවරු සවිකිරීමේ පළමු වැඩසටහන පසුගියදා පන්නිපිටිය දුම්රිය ස්‌ථානයේ ක්‍රියාත්මක කළ මොහොතේදී ය.

එහිදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් පැවැති දුම්රියන්ට ද ගොඩවී ජනතාව දැනුවත් කිරීමේ පුවරු හා ස්‌ටිකර් සවිකිරීම මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රමුඛ එම සභාවේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

මෙම ගත වූ මාස දහය තුළ දුම්රිය හරස්‌ මාර්ගවලදී වාහන දුම්රියේ ගැටීම් 84 ක්‌ සිදු වී ඇති බවත්, වාහන දුම්රිය හරස්‌ මඟ ගේට්‌ටුවල ගැටීම නිසා සිදු වූ හානි 506 ක්‌ වාර්තා වී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

එසේම මෙම කාලය තුළ දුම්රියෙන් මගීන් ඇදවැටීම නිසා සිදු වූ අනතුරු සංඛ්‍යාව 75 ක්‌ බවත්, දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීම මගින් සිදුÊවූ අනතුරු සංඛ්‍යාව 436 ක්‌ බවත් අනාවරණය කළේය.

මෙහිදී තවදුරටත් කතා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

මෙම දුම්රිය සේවය ආරම්භ කළේ 1864 වසරේ සිට දුම්රිය මාර්ගයේ ගමන් කිරීම තහනම්ව පැවතුණත් ජනතාව ඒ නීතිය පිළි නොපැදීම හේතුවෙන් මේ අනතුරු සිදු වී තිබෙනවා. මේ නිසා ජීවිත විශාල ප්‍රමාණයක්‌ අකාලයේ නැති වෙලා. අද අප මේ දැනුවත් කිරීමේ පුවරු සවිකරන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන්. විශේෂයෙන් දුම්රියේ ගමන් කරන විට එහි දොරටුව අසල සිටගෙන ජංගම දුරකථනයෙන් කතා කරන්න එපා. ඒ වගේම දුම්රිය මාර්ගයේ ඉඳගෙන සෙල්ෆි ඡායාරූප ගන්නත් එපා. එමෙන්ම ජංගම දුරකථන භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙනුත් වළකින්න.”

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top