gossip

ඔබත් මෙහෙම සිහින දැකලා තියනවද ?

නින්දේදී දකින හීන වලට විවිධ අය විවිධ අර්ථකථන දෙනව. සමහරුන්ට අනුව හීන කියන්නෙ එදිනෙදා ජීවිතයේ සිදුවීම් සහ සිතුවිලි ඇසුරින් නින්දේදී මැවෙන විකාර බහුබූත. තවත් සමහරු ඊට වඩා තරමක් බැරෑරුම් විදිහට හීන ගැන හිතනවා. මේ බැරෑරුම් විදිහට හීන ගැන හිතන අය අතරෙත් වෙනස් වෙනස් අදහස් දරන පුද්ගලයො ඉන්නව. සමහරු කැමතියි මනෝවිද්‍යාත්මකව තමන් දකින හීන පහදාගෙන ඒ කරුණු ඇසුරින් තමන්ගෙ සිත ගැන තේරුම් ගන්න. තවත් සමහරු කැමති අතීතයේ සිට පැවතගෙන එන සාම්ප්‍රදායික අර්ථ දැක්වීම් ඇසුරින් සිහිනය ගැන තේරුම් ගන්නටයි.

_____

ඉතිහාසෙන් අපට එන අර්ථ දැක්වීම්

ඈත අතීතයේ පටන් සිහින තේරුම් ගැනීමට මිනිසුන් දක්වා ඇත්තේ දැඩි උනන්දුවක්. ඒකට හොඳම සාක්ෂියක් තමයි කොසොල් රජතුමා විසින් දුටුව සිහිනය බුදුන් දවස වැනි ඈත අතීතයක පවා පැවතුණ,  අපේ පැරැණ්නන්ගේ විශ්වාසයන් සමගද මුසුව අද දක්වාම පැවතගෙන එන සිහින පිළිබඳ පාරම්පරික විශ්වාස බොහොමයක්ම තිබෙනවා. මේවායේ සත්‍ය අසත්‍යතාව විමසා බලන්නට වෙන්නේ නම්  අපි එකිනෙකාගේ අත්දැකීම් හා සසඳා බැලීමෙන් තමයි.

_____

මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ තවත් ඒ වැනි සිහින කිහිපයක් ගැන අපේ පැරැණ්නන් අතර පැවති විශ්වාසයන් ඔබ වෙත ගෙන එන්නටයි. වාතය,පිත සහ සෙම යන තුන්දොස් කිපීමෙන් පෙනෙන සිහින මේ පලාපල දැක්වීම සඳහා යොදාගත නොහැකි බවයි පැරණි පතපොත වල සඳහන් වන්නේ.

 

1. දරුඵල ගැන කියවෙන හීන
Dreams

දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්න යුවලකට ඒ ගැන අනාවැකි පලකරනවායැයි පැවසෙන සිහින කිහිපයක්ම තිබෙනවා. තමන් පලතුරු ආහාරයට ගනිමින් සිටිනවා දැකීම ඉන් එක සිහිනයක්. ඒ වගේම තමයි නයෙක්, ගෝනුස්සෙක් හෝ හැකරැල්ලෙක් වැනි සත්වයෙක් දුටුවොත් ඒ සිහිනයෙන්ද දරු සම්පතක් ගැන අනාවැකි පලවෙන බවටයි පැරණි විශ්වාසය.

නාගයෙක් සිහිනයෙන් දැකීමෙන් පිරිමි දරු උපතක් සිදුවන බවටත්, නාගයා වෙන සතෙකු පසුපස එළවනවා දුටුවොත් එය ගැහැණු දරු උපතක් බවටත් විශ්වාසයක් තිබෙනවා.

 

2. ලෙඩරෝග ගැන කියවෙන හීන
Dreams

සිහිනයෙන් තමන්ව නිරුවතින් දැකීම තරමක් සුලභ සිහිනයක්. එවැනි සිහිනවලින් පෙන්නුම් කෙරෙන්නේ අනාගතයේ තමන් ලෙඩරෝග වලට ලක්විය හැකි බවයි. හැබැයි බොහෝ පිරිසක් මැද නිරුවතින් සිටිනු දැකීම සුබ සිහිනයක් හැටියට සැලකෙන්නක්. සිහිනෙන් අඬදබර කරගන්නවා දැකීමද අනාගත ලෙඩරෝග ගැන ඉඟිකරන නිමිත්තක් බවටයි පැවසෙන්නේ.

ජලයෙන් පිහිනා එගොඩවනු දැකීම මෙන්ම ගිනිකඳු දැකීම ලෙඩරෝගයකින් පෙලෙනා අයෙක්ගේ සුවපත් වීමක් ගැන පෙන්නුම් කෙරෙන හීන වනවා.

 

3. ආදරය සහ විවාහය ගැන අනාවැකි සහිත හීන
Dreams

කැස්බෑවුන්, මකුලුවන්, ගිරවුන්, පරවියන් සහ කොකුන් වැනි සතුන් දැකීමෙන් පෙන්නුම් කෙරෙන්නේ තමන්ගේ සහකරු හෝ සහකාරිය සුන්දර ආකර්ෂණීය අයෙක් වනු ඇති බවයි.

මොණරුන්, කුකුලන් හෝ කෞතුකාගාර සිහිනයෙන් දැකීමෙන් තමන්ගේ සිත්ගත් සහකරු හෝ සහකාරිය සමග ඉක්මන් වාසනාවන්ත විවාහයකට ඇතුලුවීමට අවකාශ ලැබෙන බවක්ලු කියැවෙන්නේ.

කොතරම් සුන්දර අත්දැකීමක් වුවත් පෙම්වතා හෝ පෙම්වතිය තමන්ව සිපගන්නවා සිහිනෙන් දැකීම එතරම් සුබ සිහිනයක් නොවන වගටයි පැවසෙන්නේ. ආදරයේදී හෝ තමන්ගේ හිතවතුන් අතින් රැවටීමකට ලක්විය හැකි බවටලු ඉන් පෙන්නුම් කෙරෙන්නෙ.

 

4. කාන්තාවන්ව සිහිනෙන් දැකීම
Dreams

සිහිනය තුල අපි දකින කාන්තාවන්ව නිරූපණය වෙන ආකාරයෙන් ඒ සම්බන්ධ විවිධ අනාවැකි පලවෙනවා. කලු හැඳගත් කාන්තාවක් හෝ ආභරණ පැළඳගත් කාන්තාවක් සිහිනයෙන් දුටුවොත් එය ළඟදීම මුහුණපාන්නට වෙන කරදරයක් ගැන අනාවැකියක් හැටියටයි විශ්වාස කෙරෙන්නේ.

සිහිනෙන් දකින කාන්තාව සුදු හැඳගත් කාන්තාවක් නම් එය යහපත් සිහිනයක් හැටියටයි සඳහන් වන්නේ.

නිරුවත් කාන්තාවක්ව සිහිනයෙන් දැකීමද සුභ සිහිනයක් හැටියටයි සැලකෙන්නේ. ඒ මගින් ළඟ ළඟම ලැබෙන්නට නියමිත සතුටුදායක ආරංචියක් ගැනලු පෙන්නුම් කෙරෙන්නේ.

සන්තෝෂයෙන් සිටින රූමත් තරුණියක්ව සිහිනයෙන් දැකීම හොඳ සෞඛ්‍යය, සන්තෝෂය සහ ලාභය ගැන පෙරනිමිති පලකරන්නක් හැටියට සැලකෙනවා. ගැබිණි කාන්තාවන්ව සිහිනයෙන් දැකීමද, තමන්ගේ මවව සිහිනයෙන් දැකීමද සුබ සිහින ලෙසට සලකනු ලබනවා.

මෙහෙකාරියක්ව දැකීම එතරම් සුබ නොවන සිහිනයක් වනවා . ඒ මගින් ධන හානිද, නින්දා අපහාස ගැනද අනාවැකි පලවෙන බව පැවසෙනවා.

 

5. ධන ලාභ ගැන කියවෙන හීන
Dreams

මල් දැකීම ධනලාභ පෙන්නුම් කරන සිහිනයක් වනවා. පහන් දල්වනවා දැකීමද එවන් වූ නිමිත්තක් පලකරන සිහිනයක්. මීට අමතරව නැවක් සිහිනෙන් දැකීම, සිංහයන් හෝ අසුන් පිට ගමන් කරනවා දැකීම, පණුවන් දැකීම, තම මව සතුටු කඳුළු හෙලනවා දැකීම වැනි දේ ධනලාභ ගැන පෙරනිමිති පලකරන වෙනත් සිහින වෙනවා.

හැබැයි ඔබේ මෝටර් රථය, ඇඳ හෝ ඇඳුම් ගිනි ගන්නවා දැකීම ධන හානි ගැන පෙන්නුම් කෙරෙන සිහින බවත් මතක තබාගත යුතුයි.

 

6. මරණය ගැන පෙන්වන සිහින
Dreams

තමන්ගේ හෝ තම හිතවතෙකුගේ මරණයක් ගැන අනාවැකි පලකරන සිහින හැටියට සැලකෙන සිහින කිහිපයක්ම තිබෙනවා. අපි සිහින ගැන කලින් ලියූ ලිපියේද සඳහන් කල දත්වැටීමේ සිහිනය ඉන් එකක්. දත් වැටීමට අමතරව තමන්ගේ දිව හැලෙනවා සිහිනෙන් දුටුවොත් එයත් මරණය ගැන දන්වන පෙරනිමිත්තක් ලෙසයි සැලකෙන්නේ.

හීනෙන් අත්තිවාරමක් සඳහා පස් කපනවා දැකීමද තමන්ගේ හෝ හිතවතෙකුගේ මරණයක් ගැන සැලකරන සිහිනයක් ලෙසටයි දක්වා තිබෙන්නේ. තමන්ගේ නිවසට බොහෝ සෙනග ඇදී එනවා සිහිනයෙන් දැකීමද නිවසේ කෙනෙකුගේ මරණයක් ගැන අනතුරු දක්වන්නට ඉඩ ඇති සිහිනයක් ලෙසට සැලකෙනවා. මීට අමතරව තමන්ගේ නිවස කඩා වැටෙනු දැකීමද, ගස් ඉදිරී වැටෙනු දැකීමට අකල් මරණයක් ගැන සැල කරන සිහිනයන් බවට විශ්වාස කෙරෙනවා.

 

7. සිහිනෙන් ජලය දැකීම
Dreams

ජලය කියන්නෙ අපි සුලභව දකින සිහිනයක්. සිහිනයේදි අපි ජලය දකින ස්වරූපයන් අනුව තමයි එම සිහිනයේ සුබ අසුබ බව ගැන තීරණය කරන්නට වන්නේ. පිරිසිදු ජලය ගලාගෙන යනවා දැකීම ඉතාම සුබ ප්‍රතිඵල උදාකරන හීනයක් බවටයි සැලකෙන්නේ. එසේ වුවත් පිරිසිදු ජලය එකතැන නිශ්වලව දැකීම එතරම් සුභ සිහිනයක් ලෙසට සැලකෙන්නේ නැහැ. ජලයේ ගසාගෙන යනවා දැකීම ඉදිරි කරදර ගැන පෙන්නුම් කරන සිහිනයක් වනවා.

 

8. නරක උනත් හොඳ හීන
Dreams

සමහර හීන දැක්කහම අපේ සිත්වල ඇතිවන්නේ බියක් සහ පිළිකුලක්. හැබැයි සිහිනයෙන් එවැනි හැඟීම් ජනිත කරන්නට සමත් වුවත් සැබැවින්ම සුබ ප්‍රතිඵල ලබාදෙන්න සමත් සිහින තිබෙනවා.

තමන්ගේ ශරීරය පුරා ලේ ගලාගෙන යනවා සිහිනෙන් දැකීම බියකරු සිහිනයක්. එසේ වුවත් එවැනි සිහින ධනලාභ, සතුට මෙන්ම වාසනාවන්ත කාලයක් ගැන අනාවැකි පලකරන සිහින ලෙස සැලකෙනවා. ශරීරයේ අශූචි තැවරී තිබෙනු දැකීමද අනාගත සුබ ප්‍රතිඵල ගැන කියවෙන සිහිනයක් වනවා.

අවමගුල් සිහිනෙන් දැකීමෙන්ද යම් යම් සුබ ප්‍රතිඵල අත්වෙන බව පැවසෙනවා අවමගුල් පෙරහැර දැකීම යනු මියගිය ඥාතියෙක් සතු දේපලක් තමන් සතු වෙන බවට පෙරනිමිති පලකරන්නක්. ඒ වගේම ගෞරවය සහ කීර්තිය අත්වීමද ඒ මගින් පෙන්නුම් කරන බවට විශ්වාසයක් පවතිනවා.

එල්ලුම් ගස් සිහිනෙන් දැකීමද, එල්ලා මරණ පුද්ගලයෙක් සිහිනෙන් දැකීමද ඉදිරියේ උදාවන වාසනාවන්ත කාලයක් ගැන සුබ ලකුණු දක්වන සිහිනයන් වනවා.

නරක ප්‍රතිඵල උදා කරන සිහිනයක් දුටු විට උදයෙන්ම අවදිවී පැඟිරි ගසක් වෙත ගොස් තමන්ගේ සිහිනය ඒ ගසට පැවසීමෙන් අයහපත් ප්‍රතිඵල අඩු කරගත හැකි බවට පැරණි මතයක් තිබෙනවා. ඒ වගේම තමයි තමන් දකින සුබ සිහින අන් අය සමග පැවසීමෙන් සිහින වල සුබ ප්‍රතිඵල අඩු වන බවටත් විශ්වාසයක් පවතිනවා

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top