gossip

ගුවන් යානා දෙකක් ගැටෙයි

ඊජිප්තු මඟි ගුවන්යානයක් ඇට්ලන්ටා ගුවන් සමාගමේ ගුවන්යානයක් සමඟ එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇති ජෝන් එෆ් කෙනඩි අන්තර්ජාතික ගුවන්තොටුපලේදි ගැටී ඇති බව වාර්තා වේ.

ඊජිප්තුවේ කයිරෝ අන්තර්ජාතික ගුවන්තොටුපල බලා පියාසර කිරීමට උත්සහ කරන අවස්ථාවේදි ඊජිප්තු ගුවන්යානය වර්ජින් ඇට්ලාන්ටික් ගුවන්සමාගමේ ගුවන්යානය සමඟ ගැටී ඇති බව වාර්තා වේ.

අනතුරින් ඊජිප්තු මඟි ගුවන්යානයේ වම් පියපතට සහ ඇට්ලන්ටා ගුවන් සමාගමේ ගුවන්යානයේ දකුණු පියාපතට හානි සිදු වී ඇත.

ගුවන් මඟින් ආරක්ෂිතව ගුවන්යානයෙන් බස්සවා අවශ්‍ය පහසුකම් ලබා දී වෙනත් ගුවන්යානයකින් කයිරෝ නුවර බලා පිටත්ව යෑමට අවස්ථාව සලසා දීමට ජෝන් එෆ් කෙනඩි අන්තර් ජාතික ගුවන්තොටුපල බලධාරීන් කටයුතු කර ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top