පරිසරය විචිත්‍රවත් කරන කුරුලු සමූහයා අප දකින්නේ සැහැල්ලුවෙන් ගුවනේ සැරිසරන සත්ව විශේෂයක් ලෙසයි. මේ සැහැල්ලු සත්ව විශේෂය අපේ සත්ව පරිණාමය සම්බන්ධ වැදගත් සාධකයක් කියා ඔබට මොහොතකටවත් නො සිතෙන්නට ඇති.

පොසිල තත්ත්වයට පත් වූ කුරුලු පිහාටුවක් හමු වී ඇත්තේ මීට වසර 150 කට පෙරයි. එම පිහාටුව හිමි පක්ෂියා අනිවාර්යයෙන්ම ජීව විද්‍යාත්මකව වැදගත් සාධකයක් වනු නිසැකය.
දශකයකට ස්වල්ප කාලයකට පෙර චීනයෙන් හමු වූ පිහාටු සහිත ඩයිනෝසෝර කුරුල්ලා වඩාත් අවධානයට ලක් වූ පක්ෂියෙකි.
මුල්ම කුරුලු පිහාටුව දකුණු ජර්මනියේ සොල්න්හෝෆන්වලදී හමු වී ඇති අතර හමු වූ දිනය අවිනිශ්චිතය. එහෙත් සමහරු ගණන් බලා ඇති අන්දමට එය 1860 දී සොයා ගන්නට ඇත. තවත් පිරිසක් කියන්නේ එය 1861 දී සොයා ගන්නට ඇති බවයි. එය සම්පූර්ණ ආකියෝ ටෙරික්ස් සැකිල්ලකි.
වසර මිලියන 145 ක් පැරැණි මේ සැකිල්ලෙහි දත්, දිගු වලිගය, පිහාටු සහිත පියාපත් ඇති ඩයිනෝසෝර හෙවත් ඩයිනෝසර පක්ෂියකුගේ විය. මේ සත්වයා කුරුල්ලන් හා ඩයිනසෝර සත්ව කණ්ඩායම් දෙකේ සම්බන්ධතාවක් තිබූ බවට ප්‍රබල සාක්ෂියකි. අතුරුදන් වූ මේ සබඳතාව ගැන 1859 දී චාල්්ස් ඩිකන්ස් ද අදහස් දක්වා තිබුණි.

ආකියොතෙරික්ස් පරිණාමයේ විප්ලවීය සංකේතයයි. මේ ගැන වාර්ෂිකව විවිධ අධ්‍යයන, නොයෙකුත් ප්‍රතිඵල නිකුත් කෙරෙයි. ඩයිනෝසරයන් වැනි කුරුල්ලන් ගැන මෙන්ම කුරුල්ලන් වැනි ඩයිනෝසරයන් ගැන ද වාර්තා වෙයි.
කුරුල්ලන් සැබැවින්ම ඩයිනෝසරයන්ද?
ආකියොතෙරික්ස් සොයා ගත් පසු විද්‍යාඥයන් කුරුල්ලන්ගේ සැකිල්ල ඩයිනෝසරයන්ට ව්‍යුහාත්මකව සමාන ද කියා සොයා බලන ලදී. තවමත් ඒ ගැන සාධාරණ සැකයක් පවතී.
ඩාවින්ගේ මිතුරකු වන තෝමස් හක්ස්ලේ මුලින්ම කුරුල්ලන් හා ඩයිනෝසරයන් අතර පවතින සබඳතාව ගැන හෙළි කළත් එම මතවාදය ජනප්‍රිය නො වුණි. ඊට හේතුව විසි වැනි සියවසේ මුල විද්‍යාඥයකු සහ චිත්‍ර ශිල්පියකු වූ ගර්හාඩ් හේල්මන්, කුරුල්ලන්ගේ සම්භවය පිළිබඳ කෘතිය පළ කිරීමයි.
එහි තර්කානුකූ®ලව දක්වා තිබුණේ කුරුල්ලන් ප්‍රාථමික ආකොසෝර්ලගෙන් එනම් උරග කණ්ඩායමෙන් පරිණාමය වී ඇති බවයි. ඩයිනෝසරයන් ද උරගයන්ගෙන් සම්භවය වූ බව ඔහු දක්වා තිබුණි. ඩයිනෝසරයන් වාගේම ටෙරෝසෝර්ස්ලා ද කිඹුලන් ද උරගයන්ගෙන් සම්භවය වූ බව ඔහුගේ අදහස විය.
හේල්මන්ගේ ප්‍රධාන තර්කය වූයේ ඩයිනෝසරයන්ට අකු ඇටය ඇති නමුත් කුරුල්ලන්ට බෙල්ල හා පපුව අතර කරු ඇටයක් (ෆර්කියුලාව) ඇති බවයි. විසි වැනි සියවස පුරා මේ මතය ආන්දෝලනයට බඳුන් විය.
හැත්තෑව දශකයේදී ඩයිනෝසරයන් සමඟ කුරුල්ලන්ට ඇති සම්බන්ධතාව ගැන යළි අවධානය යොමු වුණේ යේල් සරසවියේ ජෝන් ඔස්ට්‍රම් ඩෙයිනොකස් නම් තෙරොපොඩ් (ඩයිනෝසර්) ගණයට අයත් සත්වයා ව්‍යුහාත්මකව කුරුල්ලන් වන ආකෙයොප්ටෙරිස්ට (කුරුල්ලන්ගේ් මුල්ම කුරුල්ලා) බෙහෙවින්ම සමාන බවයි.
පසුකාලීනව කළ අධ්‍යයනවලින් ද හෙළි වූයේ ඩයිනෝසරයන්ගේ සහ කුරුල්ලන්ගේ බොහෝ සමානකම් ඇති වගයි. මේ අතර සමහර තෙරෙපිඩ් විශේෂ කරු ඇටයක් සහිත බව ද අනාවරණය වී තිබේ. තෙරොපොඩ්ලා වර්ග රාශියකට කරු ඇටය ඇති බව නිව්යෝර්ක්හි ස්ටෝනි බෲක් සරසවියේ ඇලන් ටර්නර් ද පවසයි. ඔහු පවසන අන්දමට කරු ඇටයක් සහිතව ජීවත් වන එකම සත්ව විශේෂය කුරුල්ලන්ය.
අනූව දශකයේදී මැද දී චීනයෙන් හමු වූ ඩයිනෝසර පිහාටුව සම්බන්ධව ද කුරුල්ලන් හා ඩයිනෝසරයන් අතර සම්බන්යක් පවතිනවාද යන සැකය මතු විණි. දැනට දන්නා තිරොපොඩ් විශේෂ විසි පහකට පමණ පිහාටු තිබේ. සමහර පිහාටු සහිත තෙරොපොඩ්ලාගේ පිහාටු නූතන පක්ෂීන්ගේ තරමටම දියුණුව පැවතිණි. නූතන පෙනුම ඇති පිහාටු හා තටු ඇති කුරුල්ලන් මීට වසර මිලියන 15 කට පෙර ද ජීවත් වී තිබේ.
ආකේයොප්ටෙරික්ස්ට සැම විටම සලකන්නේ වඩාත් ප්‍රාථමික සහ පැරැණිම කුරුල්ලා ලෙසයි. එහෙත් මේ කුරුල්ලාගේ දත්, පා සහ ඇඟිලි සහ උස ඩයිනෝසර් සමඟ මිශ්‍ර සංකලනයක් සේ දක්නට තිබුණත් පියාපත් සහ තටු කුරුල්ලකුට සමාන විය.
2009 දී කළ අධ්‍යයනයේදී හෙළි වූයේ ආකියොප්ටෙරික්ස් නූතන පක්ෂීන් හා සැසඳූ විට ඉතා සෙමෙන් වර්ධනය වී ඇති බවයි. වැඩිහිටි සත්වයකුගේ අස්ථි මේරීමට වසර දෙකහමාරක් පමණ ගත වී ඇත.
මේ සෙමෙන් වැඩීම, සෙමින් සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලියක් ඇති බවට ද ඉඟියකි. එහෙත් අද අප දකින පක්ෂීන් ඉතා ක්‍රියාකාරීය.
ආකියොප්ටෙරික්ස් බෙහෙවින්ම සමාන ඩයිනෝසරයන්ටයි, ෆ්ලෝරිඩා ජනපද සරසවියේ තලහසී කියා සිටින්නේය. මේ සත්වයා පියෑඹීමට හැකියාවක් ඇති පිහාටු සහිත ඩයිනෝසරයකි. එහෙත් ආකේයොප්ටෙරික්ස්ට හොඳින් පියෑඹීමේ හැකියාවක් තිබී නැත. එසේ පියෑඹුවොත් තටු කැඩෙන තරමට දුර්වල බව කියවෙයි. නූතන පක්ෂීන්ට සාපේක්ෂව මොවුන්ගේ පියෑඹීමේ හැකියාව දුර්වලය.
කෙසේ වුවත් ආකේයොප්ටෙරික්ස් විශාල මොළයක් හා පියාඹන කුරුල්ලකු මෙන් විශිෂ්ට පෙනුමක් ඇති සත්වයකු බව හිස් කබල පරිගණක මඟින් කළ අධ්‍යයනයෙන් හෙළි වී තිබේ. කුරුලු මොළය හිස් කබලට ඉතා තදින් සම්බන්ධය. සතාගේ අභ්‍යන්තර කන නූතන පක්ෂීන්ට බෙහෙවින්ම සමාන විය. මෙය පියෑඹීමට සුදුසු ලෙස හැඩ ගැසුණු මොළයක් බව අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
කුරුල්ලන් සහ ඩයිනෝසරයන් අතර ඉරක් ඇඳ සීමා වෙන් කිරීමක් කරන්නේ කෙසේද?
විද්‍යාඥයන් දැන් බලා සිටින්නේ ආකෙයොප්ටෙරික්ස්ට වඩා පැරැණි කුරුලු විශේෂයක පොසිල හමු වන තුරුයි.
අනිත් අයටත් කියවන්න share කරන්න
නිව්සයන්ටිස්ට් ඇසුරිනි
චම්පිකා දීපානි රණසිංහ
උපුටා ගැනීම දිනමිණ