දැනුම

අතීතයේ ජීවත් වූ යෝධ ගිරවෙක් සොයා ගනියි

වසර මිලියන 19 කට පෙර අතීතයේ මිහිමත වාසය කළ යෝධ ගිරවකු පිළිබඳ නවසීලන්තයෙන් වාර්තා වේ.

Image result for past big Parrot

Image result for past big Parrot

හමුවී ඇති පොසිල අස්ථි අනුව, මේ ගිරවාගේ උස මීටරයකි. එය සාමාන්ය මනුෂ්යයකුගේ උසින් අඩක් පමණය.

ගිරවාගේ බර කිලෝ ග්රෑම් 7 කි. වර්තමානයේ අප දකින ගිරවුන් හා සන්සන්දනය කිරීමේදී මෙම ගිරවා සැබැවින්ම යෝධ සුපිරි ගිරවෙකි.

විද්යාඥයන් මේ යෝධ පෙත්තප්පු නම් කර ඇත්තේහෙරකල් ගිරවා යන නමිනි. ඒ, ග්රීක මිත්යා කතාවල හර්කියුලීස් වීරයා සිහිගන්වමිනි. අර්ධ දෙවි අර්ධ මිනිස් සුපිරි ශක්තියක් ඇති හර්කියුලීස්, හෙරකල්ස් යන නමින් ද හැඳින්වෙයි.

Image result for past big Parrot

හොඳින් පියාපත් තිබුණත් මම හිතන්නේ මේ ගිරා යෝධයාට පියාඹන්න හැකියාවක් තිබෙන්න නැහැ. එයා අද අප දකින පැස්බරුන්, එමූ, කැසෝරි ආදී අහස අහිමි කුරුල්ලෙක් වෙන්න ඕනෑ.’ මෙසේ පවසන්නේ කැන්ටබරි කෞතුකාගාරයේ ස්වභාව ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රධානී පෝල් ස්කොෆීල්ඩ් ය.

මේ යෝධ ගිරවාගේ පොසිල අස්ථි මතුකර ගැනීම සිදුවී ඇත්තේ අද ඊයේ නොවෙයි. 2018 වසරේදීය.

අස්ථි කුමන විදියේ සතකුගේදැයි තහවුරු කර ගැනීමට නොහැකි විය. ඒ අනුව, අස්ථි සුරක්ෂිතව තැම්පත් කර තැබුණු අතර, මෙම වසරේ ජනවාරියේ එනම් වසර 11 කට පසු පොසිල අස්ථි සම්බන්ධයෙන් යළි අධ්යනයක් සිදුකෙරිණි.

පාද අස්ථි යෝධ ගිරවකුගේ යැයි හඳුනා ගැනීම සිදුවූයේ ඒ අනුවය.

අලුත් විදියේ සතකුගේ යැයි අස්ථි පරීක්ෂා කරද්දී, ඒවා ගිරවකුගේ අස්ථි වේවි යැයි කිසිවෙක් අනුමාන කළේ නැහැ. යෝධ ගිරවෙක් සිටියා කියලා කවුරුද හිතන්න? මුලින් අපි හිතුවේ ඒවා යෝධ රාජාලි​යකුගේ අස්ථි කියලයි. යැයි පෝල් ස්කොෆීල්ඩ් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

යාත්මක වශයෙන් ගිරවා නම් කර ඇත්තේ හෙරකල්ස් ඉන්එක්ස්පෙක්ටස් යන නමිනි.විවාදයක් නැහැ. හෙරකල්ස් කියන්නේ ගිරවන් අතර යෝධයාට. ඕනෑ දෙයක් කුඩු පට්ටම් කළ හැකි විදියේ ශක්තිමත් හොටක් හෙරකල්ස්ට තිබුණු බවත් පැහැදිලියි යැයි පෝල් ස්කොෆීල්ඩ් අනාවරණය කර තිබේ.

අනිත් යාළුවන්ටත් බලන්න SHARE කරන්න

ලුසිත ජයමාන්න

ද සන් ඇසුරිනි

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top