News

පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් 2ක් නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනකු ජපානයේදී නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව නිල වශයෙන් මාධ්‍ය වෙත එළිදක්වනු ලැබීය.

පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් 2ක් නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව

එම චන්ද්‍රිකාව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත භාරදිම අද 18 වැනිදා සිදුකිරිමට නියමිතයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ තරිඳු දයාරත්න සිසුවා සහ තායිලන්තයේදී විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි දුලානි චාමිකා විතානගේ යන සිසුවිය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ කාර්යට දායක විය.

ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ සිට මෙම චන්ද්‍රිකාව නිපදවා තිබේ.

රාවණා වන් යනු ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවක් වන අතර එය හදුන්වනු ලබන්නේ ඝනක චන්ද්‍රිකාවක් ලෙසයි.

ප්‍රමාණයෙන් ඝන සෙන්ටි මීටර් 1000ක පමණ කුඩා මෙම චන්ද්‍රිකාව බරින් කිලෝග්‍රෑම් 1.1 ක්ද වේ.

මෙලෙස නිපදවු චන්ද්‍රිකාව අභ්‍යාවකාශ යානයක් හරහා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගොස් එහිදි කක්ෂගත කිරීමට අපේක්ෂා කරයි.

මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට රාවණා යන නම තැබීම සිදුකර ඇත්තේ කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ මහතාගේ යෝජනාවක් අනුවයි.

ඒ අනුව 15 වෙනිදා මෙම චන්ද්‍රිකාව නිල වශයෙන් ජපානයේදී මාධ්‍ය වෙත එළිදැක්විම සිදුකරනු ලැබුවේය.

රාවණා වන් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම හරහා ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම කරගත හැකිය.

ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීමයි.

චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.

කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳව අත්හදා බැලීම හා පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම යන අරමුණු 5 සාර්ථක කරගැනිම ඔවුන් අපේක්ෂා කරයි.

ඒ අනුව අද දිනයේදී රාවනා 1 චන්ද්‍රිකාව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත භාරදිමට නියමිත අතර පසුව එය අමෙරිකාවේ සිට සිග්නස් වන් අභ්‍යාවකාශ යානය ආධාරයෙන් අප්‍රේල් මස 17 වැනිදා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නියමිතයි.

පසුව පෘථිවියේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා වන් කක්ෂගත කිරීමට නියමිතයි.

එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා ක්‍රියාකළ හැකි බවට විශ්වාස කරයි.

මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15 ක් පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය තත්ත්පරයට කිලෝමිටර් 7.6ක්.

එම වීඩියෝව මෙතනින් බලන්න

ආඩම්බරයෙන් SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top