ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සිය පලමුඉනිම වෙනුවෙන් ලකුණු 235 ක් ලබාගත් අතර ඊට පිිලිතුරු වශයෙන් ශ්‍රි ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 191 පමණි.සිය දෙවෙනි ඉනිම ක්‍රිඩා කල දකුණු අප්‍රිකාවට ලබාගත්තේ 259 පමණයි ඒ ලසිත් ඇඹුල්දෙනියගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුන්ගෙ අවසන් කඩුළු ඉතාම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම නිසා එහිදී ලසිත් ඇඹුල් දෙනිය කඩුළු දෙනිය කඩුළු 6 ක් ලබා ගැනීමට සමත් වුණා

කෙසේ නමුත් අවසානයට ලංකාවට ලකුණු 304 ක ඉලක්කයක් ලැබුණු අතර සුපුරුදු පරිදි ලංකා කණ්ඩායමේ දුරුවල ක්‍රිඩා විලාශය මෙහිදීද කැපි පෙනුනා 52 කඩුළු තුනක් දැවී ගිය මොහොතේ කුසල් පෙරේරා සමග එකතු වූ කුසල් පෙරේරා ලකුණු 110 දක්වා ඉනිම ගෙන ගිය අතර ඔෂද ලකුණු 37 ට දැවී ගියා ඉන්පසු පිටියට පිවිසි දික්වැල්ල නැවතත් බිංදුවකට දැවී ගියා
නැවත කුසල් සමග එකතු වු ධනංජයද සිල්වා ලකුණු 96 ක සබදතාවක් ගොඩ නැගූ අතර ධනංජය ලකුණු 48 ක් දැවී ගියා ඒ අතර කුසල් ඇගිල්ලේ ආබාධයකට ලක් වූ අතර එයද විද දරා ගනිමින් තම ඉනිම දියත් කලා. ඒ සමග ඉතිරි කඩුළු දෙකත් ඉතාම ඉක්මණින් දැවී ගිය අතර අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි විශ්ව ෆර්නාන්ඩු සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් කුසල්ට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දෙනු ලැබුවා හුදකලා සටනක නිරත වූ කුසල් ලකුණු 153 ක් ලබා ගනිමින් ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා අවසන් කඩුල්ලේ සබදතාව 78
අනිත් අයටත් කියවන්න share කරන්න