මාකදුරේ මදූෂ් සමග සිටියදී අත්තඩංගුවට ගත් ගායක අමල් පෙරේරාට අයත් නිවසක තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයාගෙන තිබෙනවා

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයා ගෙන තිබේ.
අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් එම නිවස පරීක්ෂා කිරීමේදී කොකේන් හිස් කොපු සොයා ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.
ඊට අමතරව ඩුබායි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල පිහිටි නිවස ද පරීක්ෂාවට ලක් කළ බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි. පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩිදුරටත් පවසන්නේ එම නිවස තුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයා ගෙන ඇති අතර රයන් වෑන් රෝයන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවයි
p>අනිත් අයටත් බලන්න SHARE කරන්න