gossip

වෙලේ සුදා, සොත්ති උපාලි… ලංකාවේ මේ පාතාල වැඩ්ඩන්ගේ අමුතු නම් පිටුපස ඇති කතන්දර

පාතාලේ අයියලව එහෙම අඳුරනවද? හැඳිනුවා හෝ නැතා හෝ මේ අය සම්බන්ධයෙන් අපි කාගෙත් අවධානය යොමු වෙන එක සුවිශේෂී කාරණයක් නම් මේ වෙනකොට ඔයාල හඳුනගෙන ඇති. ඒ තමයි මේ අයගෙ අමුතු අමුතු නම්. මේ නම් අතරිනුත් හුඟක්ම නම් හැදිලා තියෙන්නෙ ඒ අය රන් කරන ඒරියා එක හෝ උපන් ගම ගැන අදහසක් දෙන විදිහට තමයි. උදාහර‍ණෙකට කඩුවෙල වසන්ත, නාවල නිහාල්, දෙමටගොඩ කමල් වගේ නම් හඳුන්වන්න පුලුවන්. මේ විදිහෙ නම් හැදුනෙ කොහොමද කියල හොයාගන්න ෂර්ලොක් හෝම්ස් ගෙන්නන්න ඕනෙ නෑනෙ නැද්ද?

තවත් සමහරු ඉන්නවා අපි අර කිවුව විදිහෙ නම් නැතිව වෙනත් නම් වලින් හඳුන්වන, එහෙමත් නැත්නම් නමේ මුලට අමුතු කෑලි ඇඩ් කරගත්ත/ඇඩ් උන අය. අද අපි කියන්න යන්නෙ ඒ වගේ අමුතු පාතාල නම් වලින් හඳුන්වන අපේ නමගිය අයියල කීපදෙනෙක්ට ඒ නම් හැදුණ හැටියි.

1. වෙලේ සුදා

How did people get their Underworld names

මීට දශක දෙකතුනකට කලින් ගමකට ගිහින් පඳුරකට කික් එකක් දුන්නොත් අනිවා ඒක අස්සෙන් හොඳට සුදුවා ගහල කරපට් වෙච්ච සුදාලා දෙතුන් දෙනෙක්ම විසිවෙන තත්ත්වයක් තිබ්බෙ. අන්න ඒ වගේ අතීතයක මෙලොව එළිය දැක්ක ගම්පොල විදානේලාගේ වසන්ත කුමාරට “සුදා” කියල නමක් එන එකේ මහලොකුවට පුදුම වෙන්න දෙයක් නෑ. අනිත් එක තමයි හොර අරක්කු ෆැමිලි බිසිනොස් එකක් රන් කරපු එකත් “සුදා” නම වැටෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න ඇති. ඉතින් මේ ව්‍යාපාරෙ රන් කරපු ප්‍රධාන ඉස්පොට් එක වෙලා තිබ්බෙ ගමේ අහලපහල වෙලක් නිසා තමයි නිකම් සුදා “වෙලේ සුදා” වෙලා තියෙන්නෙ.

2. සොත්ති උපාලි

How did people get their Underworld names

මීට අවුරුදු විස්සකට තිහකට කලින් සොත්ති උපාලිව මේ ලිස්ට් එකේ දෙකට දැම්මනම් කොහොමද? එහෙනම් තරහට අපිව හොයාගෙන එන්නෙ.

අසූව අනූව දශකවල ලංකාවෙ පාතාලෙ හොල්ලගෙන හිටපු අරඹෙවෙලගේ දොන් උපාලි රන්ජිත්ට සොත්ති උපාලි නම පටබැඳිල තියෙන්නේ පිහිපහරකට ලක්වීමෙන් අත විරූපී තත්ත්වයට පත්වී තිබීම නිසාලු. අනිත් හුඟක් පාතාල වැඩ්ඩන්ට තමන්ගෙ අන්වර්ථ නම ආභරණයක් උනාට උපාලි නම් තමන්ට පටබැඳුණ මේ නම අහන්නවත් කැමති වෙලා නෑලු.

3. කරාටේ ධම්මික

How did people get their Underworld names

කරාටේ ධම්මික පාතාල ලෝකේ කරළියට එන්නෙ ඒ වෙද්දි නම තියාපු පාතාල නායකයෙක් වෙන කඩුවෙල වසන්තව ඝාතනය කිරීමත් එක්කයි. කාලයක් යද්දි ලංකාවෙ පාතාල ලෝකයේ අංක එකට පත්වෙන ධම්මිකව පස්සෙ කාලෙකදි අතුරුදන් වීමකට ලක්වෙනවා. අද වෙනතුරු ධම්මිකගේ ඉරණම අභිරහසක්.

ඉක්මනින් සල්ලි හොයන්න ආශාවෙන් වැරදි මාර්ගයකට යොමු වෙන්න කලින් “ගල්හේනගේ ධම්මික ප්‍රදීප් පෙරේරා” කියන්නෙ දක්ෂ කරාටේ ගුරුවරයෙක්ලු. ඉතාම හොඳින් කරාටේ ක්‍රීඩාව හදාරා ඇති ධම්මික තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මේ ශිල්පය හොඳින් පුහුණු කිරීම නිසා ඉතාම ජනප්‍රියත්වයත්වයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා තමයි පාතාල ලෝකය ඇතුලෙත් ධම්මිකව කරාටේ ධම්මික නමින් හඳුන්වා තියෙන්නෙ.

4. වම්බොට්ටා

How did people get their Underworld names

වම්බොට්ටා කියන්නෙ තරමක් විහිලු සහගත නමක් උනත් මීට වසර ගණනාවකට ඉහතින් දකුණේ පාතාලය උණුසුම් කරපු කිතුල මුල්ල ගමගේ අජිත් වසන්ත කුමාර හෙවත් වම්බොට්ටාව එහෙම සැහැල්ලුවෙන් තකන්න බැහැ. දකුණේ පාතාලයේ මහ කෙරුම් කාරයෙක් උන, කවදාවත් මරන්න බැහැයි කියල හිතපු සුනිල් රත්නවීරව එලොව යවන්නෙත් මේ වම්බොට්ටා තමයි.

1974 ඇඹිලිපිටියේදී උපන් අජිත් කුමාර තමන්ගේ දිළිඳු පවුලේ බර කරගහන්න කරල තියෙන්නෙ පවුලේ අයත් එක්ක එකතු වෙලා සූරිය වැව පොලේ වම්බටු විකුණන එකයි. මේ වෙළඳාම නිසා තමයි අජිත් වසන්ත කුමාර වම්බොට්ටා වෙලා තියෙන්නෙ.

5. ආනමාලු ඉමිටියාස්

How did people get their Underworld names

එළවලුවකින් පළතුරකට පනින්නයි මේ හදන්නෙ. ඒ කිවුවෙ ආනමාලු ඉමිටියාස් දිහාවට. ආනමාලු ඉමිටියාස්ගෙ සැබෑ නම තමයි මොහොමඩ් හසන් මොහොමඩ් ඉමිටියාස්. මාලිගාවත්ත පාතාලය ගැන කතාකරද්දි නොකියම බැරි නමක් තමයි මේ ආනමාලු ඉමිටියාස් කියන්නෙ.වම්බොට්ටා වගේම ඉමිටියාසුත් දුගී බවින් පෙළුණු අතීතයකට උරුමකම් කියපු තැනැත්තෙක්, ඔහුගේ රැකියාව වෙලා තියෙන්නෙ කෙසෙල් කරත්තයක වෙළඳාම් කිරීම. හැබැයි ආනමාලු කියන නම හැදෙන්නෙ මේ කෙසෙල් වෙළඳාම නිසානම් නෙමෙයිලු.

ඕනෙම ප්‍රශ්නෙකදි ලිස්සලා ඇඟබේරාගැනීමේ හැකියාවක් සහ ඕනෑම පුද්ගලයෙක්ගෙ කනින් රිංගල යන්න දක්ෂකමක් ඉමිටියාස්ට තිබ්බයි කියලයි කියන්නෙ. ඉතින් ආනමාලු වගේ ලිස්සල යන කියන තේරුමකින්ලු මොහොමඩ් ඉමිටියාස් ආනමාලු ඉමිටියාස් බවට පත් උනේ. හැබැයි සොත්ති උපාලි වගේම ඉමිටියාසුත් මේ නමට කිසිම කැමැත්තකින් ඉඳල නැති බවයි දැනගන්නට ලැබෙන්නෙ.

6. තොප්පි චමින්ද

How did people get their Underworld names

ලංකාවෙ තවත් ෆේමස් පාතාල චරිතයක් වෙච්ච මොරටු සමන්ගේ මරණය සිද්ධඋනේ තොප්පි චමින්ද අතින් කියල තමයි කියන්නෙ. තොප්පි චමින්ද කියන්නෙත් 2000 මුල් කාලෙ පාතාලෙ හොල්ලගෙන කප්පන් ගනිමින්, මිනී මරමින් උන්න අපරාධකාරයෙක්.

තොප්පි චමින්දගේ හරි නම තමයි ගීකියනගේ රොෂාන් චමින්ද සිල්වා. 90 ගණන් තිබ්බ නයිකි, චිකාගෝ බුල්ස් තොප්පි පිස්සුව ඒ කාල ගැටවර වයසෙ හිටපු අයට (දැන් අංකල්ලාට) මතක ඇතිනෙ. චමින්දටත් මේ පිස්සුව උපරිමේට තිබිලා තියනවා. උදේ නැගිට්ට වෙලේ ඉඳන් රෑට නිදාගන්නකම් තොප්පිය ඔලුවෙන් ගලෝපු නැති නිසාලු තොප්පි චමින්ද කියල නම වැටුණෙ.

7. තෙල් බාලා

How did people get their Underworld names

බාලේන්ද්‍රන් හෙවත් තෙල්බාලා කියන්නෙ මත්කුඩු ජාවාරම අතින් ලංකාවෙ නීතියට හිසරදයක් වෙච්ච පාතාල කෙරුමෙක්. තෙල්බාලාගේ හයිකාරකම් මෙහේ විතරක් නෙමෙයි ඉන්දියාව දක්වාම පැතිච්ච එකක්.

සමාජයට අහිතකර ක්‍රියාවන් මගින් කෝටිපතියෙක් බවට පත් උනත් බාලේන්ද්‍රන්ගේ මුල් කාලෙ ජීවනෝපායක් වෙලා තිබිල තියෙන්නෙ තෙල් කරත්තයකින් තෙල් විකිණීමයි. මේ නිසා තමයි ඔහුට තෙල්බාලා කියන නම ඇවිත් තියෙන්නෙ.

8. පොට්ට නවුෆර්

How did people get their Underworld names

මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් ගැන හැමෝම දන්නව ඇතිනෙ. විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය හේතුවෙන් පොට්ට නවුෆර් මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවෙක් හැටියටයි දැන් කල් ගතකරන්නෙ. හිරගෙදර ඉඳලත් වැඩ පෙන්නන්නෙක් හැටියටයි නවුෆර් ගැන ප්‍රවෘත්ති පල වෙන්නේ.

පොට්ට නවුෆර් නම හැදෙන්න ඉතින් ඇස් වල ආබාධයක් බලපාන්න පුලුවන් කියල අපේ බුද්ධිමත් පාඨකයන්ට අමුතුවෙන් තේරුම් කරන්න අවශ්‍ය නෑනෙ. කාලෙකට කලින් තවත් පාතාල නායකයෙක් වූ නඩරාජා විජේපාලන් කල්ලිය සමග වූ ආරවුලකදී බෝම්බ ප්‍රහාරෙකට ලක්වූ නිසා තමයි නවුෆර්ගේ එක් ඇසක් අන්ධ වෙලා තියෙන්නෙ. ඒ හේතුවෙන් තමයි ඔහුට පොට්ට නවුෆර් ලෙසින් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top