ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අවසන් වුනේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් අත්කර දෙමින්.

මෙම තරඟාවලිය තුළදීත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතිශය දුර්වල, දියාරු පිතිකරණ රටාව කැපී පෙනුනේ පාසල් කණ්ඩායමක දක්ෂතා සිහි කරමින්.
මෙලස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය නාමය බාල්දු කරද්දී ඔවුන්ට ගෙවන දීමනා වල නම් කිසිදු අඩුවක් නොමැති බවයි වාර්තා වන්නේ.
ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ගෙවන දීමනාව ඩොලර් 8,500ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 153,0000කට ආසන්න මුදලක්.
මේ අනුව දැවැන්ත පරාජයක් මුහුණ දුන් ඕස්ට්‍රේලියා තරඟ සංචාරයේදී තරඟ දෙකම ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු ඇමරිකානු ඩොලර් දාහත් දහසක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 30,60,000කට ආසන්න මුදලකට හිමිකම් කියනවා.
නමුත් ඔවුන්ගේ දක්ෂතා සමඟ සංසන්දනය කළහොත් මේ තරඟාවලියේදී ඇතැම් ක්‍රීඩකයින්ට රැස්කළ ලකුණු සංඛ්‍යාව අනුව ඔවුන් රැස්කළ ලකුණක වටිනාකම රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අවස්ථාද තිබෙනවා.
තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව සහ ඔවුන්ට ලැබෙන දීමනාව පහත පරිදි ගණනය කළ හැකිය.
01. නිරෝෂන් දිවැල්ල – ටෙස්ට් තරඟ 02යි – ඉනිම් 04 ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 140යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම (30,60,000 / 140 = රු. 21857.1)
02. ලහිරු තිරිමාන්න – ටෙස්ට් තරඟ 02යි – ඉනිම් 04 ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 115යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම (30,60,000 / 115 = රු. 26608.6)
03. දිමුත් කරුණාරත්න – ටෙස්ට් තරඟ 02යි – ඉනිම් 04 ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 94යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම (30,60,000 / 94 = රු. 32553.1)
04. කුසල් මෙන්ඩිස් – ටෙස්ට් තරඟ 02යි – ඉනිම් 04 ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 63යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම (30,60,000 / 63 = රු. 48571.4)
05. ධනංජය ද සිල්වා – ටෙස්ට් තරඟ 02යි – ඉනිම් 04 ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 50යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම (30,60,000 / 50 = රු. 61200)
06. කුසල් පෙරේරා – ටෙස්ට් තරඟ 01යි – ඉනිම් 02 ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 29යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම (153,0000 / 29 = රු. 52758.6)
07. දිනේෂ් චන්දිමාල් – ටෙස්ට් තරඟ 02යි – ඉනිම් 04 ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 24යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම (30,60,000 / 24 = රු. 127500)
08. රොෂේන් සිල්වා – ටෙස්ට් තරඟ 01යි – ඉනිම් 02 ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 12යි, ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවන වටිනාකම (153,0000 / 12 = රු. 127500)
අනිත් අයටත් බලන්න SHARE කරන්න
උපුටා ගැනීම HIRU NEWS