gossip

මිනිස් කලල රූපයක් ආක්‍රමණය කරන ගන්ධබ්බයකු ගැන අදහාගන්නවත් බැරි කතාවක්

පුනරුත්පත්තිය නොපිළිගන්නා අය මරණයෙන් මතු ගන්ධබ්බ තත්ත්වයේ සැරිසරන කෙනකු මවුකුසයක් මතු රූපයකට ඇතුළු වන බව පිළිගන්නේ නැහැ. මීට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ගන්ධබ්බයකුගේ පැමිණීම තාක්ෂණයේ ආධාරයෙන් දැක ගැනීමට නොහැකි තත්ත්වයක තවමත් පවතින නිසයි.

Image result for Embryos

බටහිර බුද්ධිමතුන් පුද්ගලයන්ගේ පෙර ජාතිවල තොරතුරු ලබා ගැනීම මඟින් මේ සඳහා දැඩි උත්සාහයක් දරා තියෙනවා. මේ අය විශේෂයෙන්ම මෙහිදී උත්සාහ ගන්නේ උපත ලබන්නට වූ හැටිත් ඊට ජීවය එක්වූ හැටිත් දැනගන්නටයි. එක පියවරකදී කුඩා ළමයින්ගෙන් මේ අතීත ජාතිවල තොරතුරු දැනගන්න උත්සාහ කර තියෙනවා.

Image result for Embryos

මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මේ සඳහා ගැඹුරු උත්සාහයක නිරත වුණා. එඩ්ගාර් කේසි වගේ අය කැලිෆෝනියාවේදී තමන් මෝහනයට පත්වෙලා වෙනත් කෙනකුගේ අතීතය ප්‍රකාශ කිරීමට උත්සාහ ගත්තා. තවත් පිරිසක් වෙනත් කෙනකු මෝහනයට පත් කරලා ඔහුගේ හෝ ඇයගේ අතීතයට කැඳවාගෙන ගියා.

මේ පර්යේෂණවලදී වඩාත් සිත්ගන්නාසුලු වාර්තාවක් හමුවන්නේ පින්ලන්තයෙන්. පින්ලන්ත දැරියක් මෝහනයට පත් කළාම ඇය අවුරුදු 2000ක් තරම් දුර අතීතයට ගිහින් තියෙනවා. ක්‍රි.පූර්ව සමය තරම් අෑතට ඇය ගිහින්. ඇය හෙළිකළ තොරතුරු අනුව සියවස් 20ක් තරම් වූ ඇගේ අතීතය තුළ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වෙලා තියෙන්නේ අවස්ථා 14කදී පමණයි.

ඒ කියන්නේ මනුෂ්‍ය ආත්ම 14ක විතරයි. මේ මනුෂ්‍ය ජීවිත සමහරක් අතර පරතරය අවුරුදු සිය ගණන් හිස්ව තිබෙනවා. ඒ හිස්ව තිබුණු කාලයේදී කවුරු වෙලා ඉපදිලා හිටියද කියලා කියන්න පුළුවන්කමක් ඇයට ලැබිලා නැහැ.

මේ දැරියගේ තොරතුරු අනුව කියූ ඇතැම් දේ නිවැරැදිව සොයාගන්න හැකිවී තිබෙනවා. බටහිරින් අපට ලැබෙන මෙවැනි පර්යේෂණ ප්‍රතිඵල අනුව මේ හිස්ව තිබෙන තොරතුරු කියාගන්නට බැරිව ඇති කාලය යමක් සිහියෙන් වටහාගන්නට කියන්න බැරි තිරිසන් ආත්මයක ජීවත් වී ඉන්නට ඇතැයි හිතන්න පුළුවන්.

තිරිසන් සත්ත්වයන්ට සිහියේ රඳවා තබාගන්නට කායික සුදුසුකමක් නැති වන නිසා එසේ වන්නට පුළුවන්. එහෙමත් නැතිනම් අපට හමුනොවෙන ජීවිතවල ගත කළාදැයි හිතන්නත් පුළුවන්. ඒ කොයිම තත්ත්වයක හෝ ජීවිත ගතකරන්නට ඉඩකඩ ඇතැයි සිතන්නට බෞද්ධ ඉගැන්වීම් අනුවද අපට පුළුවන්කම තියෙනවා.

උපතක් සිදුවීම පිළිබඳ ගැටලුව විසඳන අතරේ කෘත්‍රිම නළයක උපදින ජීවියකු තුළට මේ කියන ගන්ධබ්බයාට ඇතුළු වන්නට පුළුවන්දැයි සැකකරන අයටත් බෞද්ධ ඉගැන්වීම්වල පැහැදිලි පිළිතුරු තියෙනවා. පුරුෂයකුගේ හා ස්ත්‍රිකයකුගේ ශුක්‍ර ශේ‍රා්ණිතයන් මවකගේ කුසක හෝ පරීක්ෂණ නළයක එක්වීමෙන් ජීවයක් නිෂ්පාදනය වන බව කවුරුත් පිළිගන්නා සත්‍යයක්.

නමුත් එම ජීව නිෂ්පාදනයනට ජීවයක් එකතු වූයේ කොහෙන්දැයි උත්තර කියන්නට අදිමදි කෙරෙනවා. සංසාරයේ සැරිසරන ගන්ධබ්බයෙක් උපාදානස්කන්ධ පහකින් යුත් ශක්ති විශේෂයක්. කෘත්‍රිම නළයක නූපන් ජීවයක් වුව පසුව මවු කුසක තැන්පත් කිරීමෙන් පසු ගන්ධබ්බයකුට ඊට ඇතුළු වීමට ඉඩකඩ තියෙනවා.

ඩිම්බ සංසේචනය නළයක් තුළ සිදුකිරීම තාක්ෂණික ක්‍රියාවක් පමණි. උචිත උෂ්ණත්වය යටතේ කයෙහි පරිසරයට අනුව ගන්ධබ්බයකුගේ පැමිණීම විය හැකියි. මේ කියන කලල රූප අවස්ථාවේදී ජීවියකුගේ ආරම්භය ගැන දැනගන්න මෑතකදී මනෝවිද්‍යාඥයන් කිහිප දෙනෙක් උත්සාහ ගත්තා. පුද්ගලයන් මෝහනයට පත් කිරීමෙන් අතීතයට ගෙන යමින් විවිධ පුද්ගලයන්ගෙන් ලබාගත් නිරවද්‍ය තොරතුරු ඔවුන් වාර්තාගත කරගන්නට පෙලඹුණා.

එහි ප්‍රතිඵලය වුණේ මහාචාර්ය හෙලන් වැම්බෝ තම “ඹ්ඪටඥ ඕඥටධපඥ ඹ්ඪටඥ” නමැති කෘතියට මේ තොරතුරු එක්කොට ඉදිරිපත් කිරීමයි. ඇය විවිධ පුද්ගලයන් රාශියකගෙන් මෝහනයට පත්කොට ලබාගත් තොරතුරුවලින් නිරවුල් ඒවා 750ක් එම පොතට එක්කොට තියෙනවා.

එම කෘතියේ එන ඇතැම් මෝහනයට පත්වූ පුද්ගලයන් පවසන තොරතුරු විමසා බලද්දී අපට පෙනෙන එක දෙයක් තියෙනවා. එනම් කලල රූපයක් නිර්මාණය වුණත් එයට ගන්ධබ්බයකුගේ ඇතුළුවීම අවස්ථා කිහිපයකදී වන්නට පුළුවන් බව. කලල රූපය වැඩෙන්නට පටන් ගත් මොහොතේ හෝ මාසයකින් දෙකකින් හෝ හතකින් එහෙමත් නැතිනම් උපත සිදුවන්නට ආසන්න කාලයක එය සිදුවිය හැකි බවයි.

ඇතැම් පුද්ගලයන් කලල රූපය සම්පූර්ණයෙන් වැඩීමට ඉඩ හැර පිටත එය දකිමින් සැරිසරමින් සිටි බව පැහැදිලි වෙනවා.

තවත් සමහරු මුල්ම අවස්ථාවේදීම කලල රූපයට එක්වී තියෙනවා. මුල් කලලය අතහැර ගොස් වෙනත් කලලයකට රිංගූ අවස්ථාද එතැනට වෙනත් කලලයක් පැමිණි අවස්ථාද සඳහන් වෙනවා. පුද්ගලයන් විධිමත් ලෙස මෝහනයට පත්කොට ඔවුන් ලවා ඔවුන්ගේ සාමාන්‍ය මතකයේ නැති අතීත තොරතුරු මනෝ විද්‍යානුකූලව සොයා ගැනීම අද ඇතැම් බටහිර රටවල් පිළිගන්නා දෙයක් වෙලා. ඇරත් බෞද්ධ ඉගැන්වීම්වලට අනුව කෙනෙක් මෝහනයට පත් කිරීම හෝ ඉන් අතීත තොරතුරු සොයා ගැනීම ඊට පටහැනි කාරණාවක් වන්නේ නැහැ.

මනෝ විද්‍යානුකූල පර්යේෂණවලදී බෞද්ධ ඉගැන්වීම්වල එන තොරතුරු වඩාත් ඉස්මතු කර පෙන්වීමට මෙම බටහිර විද්‍යාඥයන්ගේ තොරතුරු ඇතුළත් වීම කෙනකුට පුදුමයක් වන්නත් පුළුවන්. එක් තැනැත්තෙක් තමන්ගේ මව පෙර ජාතියකදීත් තමන්ගේම මව හැටියට සිටි බව කියා තියෙනවා. තවත් පෙර ජාතියක ඇය තමන්ගේ දරුවෙක් වී සිටි බව කියා තියෙනවා.

තවත් ආත්මවලදී තමන්ගේ දියණියක්ව සිට මියගිය අය නැවත නැවතත් තමන්ගේම දූවරුන් හැටියට උපදින්නට ආශා කොට ඇති බව කියා තියෙනවා. ඇතැම් දූවරුන් ජීවිත දෙකක් අතර කාලවලදී තොරතුරු කියූ පුද්ගලයාට හමුවී තිබුණු බව කියා තියෙනවා. ඉන් අදහස් කළේ එක ආත්මයක මනුෂ්‍ය ජීවිතයෙන් සමුගෙන ඊළඟ ආත්ම භවය ලබනතුරු ගත කළ කාලයේදියි.

මෙය කොයිතරම් නිරවුල්ව බටහිර රටවල මිනිසුන්ගේ මුවින් ප්‍රකාශ වුණාද කියනවා නම් ඒ හැම බෞද්ධ ඉගැන්වීම්වල එන බව අද ඔවුන් දැනගන්නා විට පුදුමයට පත්වූ අවස්ථා රැසක් හමුවී තියෙනවා. නැවත උපතක් සිදු නොවන බව පිළිගන්නා බටහිර සමාජයෙන්ම උපත පිළිබඳව මෙවන් පර්යේෂණ මඟින් නව ආලෝකයක් එක් කරමින් කිසියම් විශ්වාසයක් ගොඩ නැඟීම යහපත් තත්ත්වයක් මතුකර තියෙනවා.

මේ බොහෝ දෙනා කුමන තත්ත්වයකින් වුව තම තමන් පෙර ජාතීන්වල උපත ලබමින් සිට පැමිණි බව පිළිගැනීමට මෙයද හොඳ සාධකයක්.

උපාදානස්කන්ධයන් ශක්ති විශේෂයක් හැටියට හඳුනා ගන්නා පර්යේෂණද ඉදිරියේදී සාර්ථක විය හැකියි. ඇසට නොපෙනෙන බොහෝ දේ විද්‍යාවට හසුකර ගත් අවස්ථා රැසක්ද අද කලඑළි දැක තිබීම ඊට හේතුවයි. ඇතැම් ශක්ති විශේෂ අපගේ ශරීරය මෙන්ම කඳු ගිරි ශිඛර පවා පසාකරගෙන යා හැකි තරම් පවතින බව පිළිගැනෙනවා. ඒවා පියවි ඉඳුරන්ට නොපෙනුණත් ඉන් සමහරක් දේ විද්‍යා ඥානයෙන් සොයාගෙන තියෙනවා.

රූපයක් විද්‍යුත් චුම්බක තරංග බවට පත් කරලා නැවත එය රූපයක් හැටියට හරවලා ප්‍රදර්ශනය කරවන්න පුළුවනි නම් සඳ මතුපිට දර්ශනයක් එහි සිට විද්‍යුත් චුම්බක තරංග බවට හරවා පොළවට එවලා නැවත රූපයක් බවට හරවා බලාගන්නට පුළුවනි නම් නඩාත් සියුම් වූ උපාදනස්කන්ධ ශක්ති විශේෂය හඳුනාගන්නත් බැරිවෙන එකක් නැහැ.

එය රොකට්ටුවක් හෝ ඊතලයක් වාගේ එකක් හැටියට ගමන් කරන්නේ නැහැ. එය ශක්ති සන්තතියක් හැටියට බිඳෙමින් තව උපදවමින් නැවත නැවතත් එයම සිදුවෙමින් ගමන් කරන්නක්. මෙවැනි ශක්ති විශේෂයකට කලල රූපයකට ඇතුළු වී පෙර ආත්මයන්ගෙන් ගෙන දේද එතැන් පටන් ලබාගන්නා හැඟීම් දැනීම්ද සහිතව කලල රූපයක් හැටියට වර්ධනය වී මෙලොව එළිය දකින්නට බැරිකමක් තියෙන්නට බැහැ.

එය එසේ පුළුවන් බවට පිළිගත හැකි සාධක වර්ධනය වෙමින් තිබෙන්නේ මනුෂ්‍ය ආත්මවල ඉපදී අතීතය හෙළිකරන මනෝ විද්‍යානුකූල සියුම් පර්යේෂණ හරහා වුවත් තිරිසන් ආත්ම භාවයන්වල තත්ත්වය දැනගන්නට අසීරු වී තියෙනවා. තිරිසන් ආත්ම භවයක ලැබෙන ශරීරය හා දැන ගැනීමේ හැකියාව මතකය වැනි දේ මිනිස් ජීවිතයකට වඩා වෙනස් නිසා එවන් භවයන්වල තොරතුරු නිවැරැදිව සොයාගැනීම ගැටලුවක් වී තියෙනවා.

කෙසේ වෙතත් දිව්‍ය ආත්ම භවයන්වල තොරතුරු කියන්නට යම් ප්‍රමාණයක හැකියාවක් තිබුණත් මනුෂ්‍ය ආත්මයේදී තරම් පැහැදිලි බවක් මේ වන විටත් ලැබී නැහැ.

කෙසේ වෙතත් බෞද්ධ ඉගැන්වීම්වල එන මේ ඉගැන්වීම් පිළිබඳව මුලින් තැකීමක් නොකළ බටහිර විද්‍යාඥයන් පවා මහත් විමසිල්ලකින් එම පත පොත කියවන්නට දැන් දැන් උත්සාහ ගන්නේ මේ සඳහා මූලයක් සොයාගන්නට විය හැකියි. ඔවුන් සිය පර්යේෂණවල සාර්ථක එල්ලයක් වෙනුවෙන් මේ දැනුවත් වීම සිදුකරගෙන යෑම සාර්ථක විය හැකියි.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

එස්. රණසිංහ

උපුටා ගැනීම මව්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top