News

කුසල් මෙන්ඩිස් , දිනේෂ් චන්දිමාල් , ලහිරු කුමාර ඉවතට ලෝක කුසලානයට ලංකාව සූදානම්

ශී‍්‍ර ලංකාව ලෝක කුසලානයට පෙර සහභාගි වන අවසන් එක්දින තරගාවලිය ලබන මස දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වේ. තරග පහකින් සමන්විත අදාළ තරගාවලිය සඳහා සහභාගිවන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට නම්කොට ඇති අතර එහිදී මෙතෙක් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන්ව සිටි කුසල් මෙන්ඩිස්, ළහිරු කුමාර සහ දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත්කොට තිබේ.

Image result for sri lanka cricket

ඒ අනුව නම් කර ඇති නව සංචිතය සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් දක්‍ෂතා දැක්වූ අවිශ්ක ප‍්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක, ඉසුරු උදාන, මිලින්ද සිරිවර්ධන සහ තරිඳු කෞෂාල් නම් කොට ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත් ලබන මැයි මස එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් එක්දින තරගාවලියට සහභාගිවන කණ්ඩායම තවමත් නිශ්චිතව සකස්කර නොතිබෙන යුගයකදීත් මෙම තරගාවලියේදීත් අත්හදා බැලීම් සිදු කිරීම විමතිය දනවන කරුණක් වී තිබේ.

වාර්තා වන පරිදි නම්කර ඇති ශී‍්‍ර ලංකා සංචිතය- නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, අවිශ්ක ප‍්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, තිසර පෙරේරා, අකිල ධනංජය, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග (නායක*, දුෂ්මන්ත චමීර, මිනෝද් භානුක, මිලින්ද සිරිවර්ධන, තරුඳු කෞෂාල්, දසුන් ශානක

අනිත් යාළුවන්ටත් කියවන්න share කරන්න

උපුටා ගැනීම දිවයින

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top