gossip

වැඩි වයස් කතුන් අඩු වයස් පිරිමින් විවාහකර ගැනීමේ ජ්‍යොතිෂය රහස්

සමහර විට ප​රොන්දම් පරීක්ෂාවෙන් අනතුරුව සිදුවන විවාහයටත් වඩා එකමුතු බවක් මෙන්ම රසවත් බවක් මෙබඳු විවාහයන්ගෙන් සිදුවේ.

Image result for england marriage

මෙබඳු විවාහයන් ඉබේම සිදුවන නමුත් එය ජ්‍යොතිෂයට අනුවම සිදුවන්නකි. මහ මෙරක් තරම් වූ ජ්‍යොතිෂයට අනුව උපන් දරුවාගේ කේන්ද්‍ර පරීක්ෂාවෙන් ඔහු හෝ ඇය විවාහ වන ආකාරය උපන් අවස්ථාවේදීම මව්පියන්ට හෙළි කළ හැකිය. එසේ අනාවරණය කළ හැක්කේ කුඩා දරුවාගේ කේන්ද්‍රය හරි හැටි නිරීක්ෂණය කිරීමෙන් පසුවය.

මේෂ ලග්නයට හතර වැන්නේ හෝ හය වැන්නේ හෝ පස් වැන්නේ සිකුරු පිහිටා සිටීමෙන්ද

වෘෂභ ලග්නයට තුන් වැන්නේ හෝ හතර වැන්නේ හෝ පස්වැන්නේ සිකුරු පිහිටා සිටීමෙන්ද,

මිථුන ලග්නයට දෙවැන්න, තුන් වැන්න, සිව්වැන්න හා එකොළොස් වැන්න සිකුරු පිහිටියේ නම් එබඳු අයටද

කටක ලග්නයට එක, දෙක, තුන, දස වැන්න ද

සිංහ ලග්නයට දෙක හතර, පහ නම වැන්නේද

කන්‍යා ලග්නයට එක, තුන, හතර සහ අට වැන්නේද පිහිටීමෙන් මෙබඳු විවාහයන් සිදුවේ.

එමෙන්ම තුලා ලග්න හිමියන්ට දෙවැන්න, තෙවැන්න හා හත් වැන්න, එකොළොස්වැන්න මෙන්ම දොළොස්වැන්නට මෙම තත්ත්වයට පත් කරවයි.

වෘශ්චික ලග්නයට පළමු වැන්න, දෙවැන්න, හයවැන්න, අටවැන්න, නමවැන්න හා දහ වැන්නේද සිකුරු භජනය වීම මෙබඳු විවාහවලදී සහය පළ කරයි.
ධනු ලග්න හිමියන්ට පස් වැන්නේත්, හත් වැන්න, අට වැන්න හා නම වැන්නේත් එමෙන්ම දස වැන්නේත් සිකුරු පිහිටීමෙන් මෙබඳු ආවාහ විවාහ සිදුවේ.
මකර ලග්න හිමියන්ගේ සිව් වැන්නේත් හය, අට, නවය හා දොළොස් වැන්නේත් පිහිටීමෙන්ද

කුම්භ ලග්නයෙන් තුන්වැන්න, පස්වැන්න, හයවැන්න හා හත් වැන්නේද සිකුරු පිහිටීමෙන් මෙබඳු ආවාහ විවාහ සිදුවේ.

මීන ලග්නයෙන්ද, දෙවැන්න, සිව්වැන්න, පස්වැන්න, හය වැන්නේ හා හත්වැන්නේද සිකුරු පිහිටීම වයසට යන ළඳුන්ගේ ආශිර්වාදයට හේතු භූත වේ.

වැඩි වයස් ළඳුන්ට අඩු වයස් පිරිමින් ද වැඩි වයස් පිරිමින්ට අඩු වයස් ළාබාල ළඳුන් ද ලැබීමේ භාග්‍යය උදාවීමට ඉහත සඳහන් පිහිටීම් ඉතා ශුභදායක වේ.

ග්‍රහචාරයේ පිහිටීමට අනුව සිදුවෙන මහ දශා මෙන්ම අතුරු දශාවලදී ද මෙම විවාහ යෝග කාරක කාලය ලෙස නම් කෙරේ. ග්‍රහයා හා දශාව අතර ඇති සුවිශේෂී සම්බන්ධතාව ලබන කාලය හරි හැටියටම නිශ්චිත කිරීමෙන් මෙබඳු ආවාහ විවාහ සිදුවෙන කාලය ඉක්මනින්ම දැනගත හැකිය.

මෙබඳු විවාහ සිදුවන්නා වූ ක්‍රමවේදයට අනුව මෙම විවාහ කාරකයින් ආවාහ විවාහ වන අයුරු පවා හෙළි කළ හැකිය.

එමෙන්ම ලැබෙන්නා වූ ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ වාසනාව හෝ අවාසනාවද දරුවා කුඩා කලදීම මව්පියන්ට ප්‍රකාශ කිරීමේ හැකියාව ජ්‍යොතීර්වේදියාගේ වගකීම වන්නේය.

විශේෂයෙන් ගුරු, සිකුරු හා ශනි මෙන්ම රාහු කේතු යන ග්‍රහයින්ද අදාළ දශාවන් මෙන්ම අතුරු දශා ආදියද නිසි ලෙස පිරික්සීමෙන් හරියටම විවාහය සිදුවන කාලපරාසයත්, වකවානුවත්, ආකාරයත්, සතුට හා නොසතුටත්, දික්කසාද වන්නේද නොවන්නේද යන තීන්දුවත් ඉදිරිපත් කිරීමේ බලය ජ්‍යොතිෂය සතුය.

සමහර විට සඳුගේ උච්ච, නීච තත්ත්වයන් සලකා බැලීමෙන් ද මෙබඳු විවාහ සිදුවේ.

මෙබඳු විවාහවලදී අදාළ ද්විපාර්ශ්වයේ පොරොන්දම් ගැළපීම අනවශ්‍ය වුවද, යම් යම් ග්‍රහ පිහිටීම්වලදී ලැබෙන අනිටු විපාක ලිහිල් කර එම යුවතිපතීන්ට සෞභාග්‍යය උදා කරවීමට ද ජ්‍යොතිෂයට විශේෂ හැකියාවක් ඇත.

නිසි ලෙස වයස් අඩු වැඩිවීම විවාහය මගදී දෙදරීම, මධ්‍යස්ථ ලෙස විවාහ ජීවිතය පවත්වාගෙන යෑම ආදී කරුණු නිසි ලෙස පරීක්ෂා කර දීමට ජ්‍යොතීර්වේදියාට අවකාශ ඇත.

සමහර තැනක මෙබඳු විවාහ කේන්ද්‍රයේ වැරදි පිහිටීම් සිදුවී ඇතත් නිවැරදිව ජන්ම ශක්තිය ක්‍රියාත්මක වී මෙබඳු විවාහ සිදුවේ. එහෙයින් මෙබඳු කේන්ද්‍ර පරීක්ෂාවට පෙර දෙදෙනාගේම කේන්ද්‍ර හරිද වැරදිදැයි තීන්දු කරගත යුතු වේ.

විවිධ නැකත්හි විවිධ බලපෑම් එක්වීමෙන් සමහර පිරිමින්ට හා කාන්තාවන්ට මාන්නය, උද්ධච්ච කම මෙන්ම උඩඟු ගති ඇති වීමෙන් තමන්ගේ උවමනාවෙන්ම ජීවිත කාලය පුරාවටම අවිවාහකව සිටීමට සිදුවේ.

එබඳු අවස්ථා බොහෝ දුරට සිදුවන්නේ කුඩා කාලයේම දරුවාගේ අනාගතය පිළිබඳව මව්පියන්ට ජ්‍යොතිර්වේදියා විසින් කරන ඉදිරිපත් කිරීමේ කථනය අසාර්ථක වීමෙනි.

සමහර වර්ෂ ආරම්භ වන විටදී ද එම වර්ෂයන්ගේ ග්‍රහ පිහිටීමට අනුව මෙබඳු වයස් වැඩි ගැහැනුන්ගේ මෙන්ම වයස්ගත පිරිමින්ටද ලාබාල යුවතියන් කරකාර බැඳගැනීමේ භාග්‍යය උදා වේ.

වයස් පරතරය පිළිබඳව සිතමින් විවාහ නොවී සිටීමෙන් අදාළ මව්පියන්ගේ බලාපොරොත්තු විනාශ කිරීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.

භාග්‍ය සම්පන්න වූත් අතිශය ගෞරවණීය වූත් දරුවන් බිහිකිරීම සඳහා වැඩි වයස් තරුණියන් විවාහ කරගන්නා තරුණයින්ට වාසනාව පෑදෙනු ඇත.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

සේන අම්බලම්ගොඩ

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top