News

චීනුන් සඳමත බීජ පැල කරයි

චීනයට අයත් චැන්ජි-4 යානයෙන් සඳවෙත ගෙනගිය බීජ සාර්ථකව පැලවී දළුලා ඇතැයි එරට ජාතික අභ්‍යවකාශ පාලක මණ්ඩලය පවසයි.

එය මෙතෙක් සඳමත සිදුවූ ප්‍රථම ජෛවවිද්‍යාත්මක සංසිද්ධිය බව විද්‍යාඥයෝ පවසති.

එමෙන්ම මෙය දීර්ඝකාලීන අභ්‍යවකාශ ගවේශනයන් සඳහා වැදගත් පියවරක් වනු ඇති බව ද පැවසේ.

මෙසේ පැල කරනු ලැබූයේ පුළුන් සහ අර්තාපල් බීජ බවත් පුළුන් ඇට පැලවී ඇති බවත් සඳහන් වේ. පොළවෙන් ගෙනගිය පස් මාධ්‍යයක බීජ පැල කරනු ලැබීය.

පෘථිවියට නොපෙනෙන සඳේ අඳුරු පැත්තට යැවූ ප්‍රථම යානය චැන්ජි-4 වන අතර පසුගිය ජනවාරි 03වනදා එය සඳ මතට පතිත කරවනු ලැබිණ.

මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාර්ථකව බීජ පැලකරනු ලැබූ නමුත් සඳමත එවැන්නක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සඳහන් වේ.

අනිත් යාළුවන්ටත් බලන්න share කරන්න

උපුටා ගැනීම BBC

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top