News

ගලෙන් බිඳුණුවැව ගොවිමහතාගේ මතයට කීට විද්‍යාඥවරියගේ අවධානය

දුම්කොළවල හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක් යොදා සිය බඩ ඉරිඟු වගාවේ සිටි සේනා දළඹුවන් විනාශ කිරීමට හැකි වූ බව ගලෙන්බිඳණු වැව , තෝඩාමඩුව, යකල්ලේ ගොවි මහතෙකු කියයි.

Image result for සේනා දළඹුවා

Related image

සේනා දඹුවා සිය වගාවෙන් මර්දනය කර දැමු බව ගලෙන්බිඳුණු, තෝඩාමඩුව, යකල්ලේ පදිංචි ගොවි මහතකු වන බී විජේසිංහ ගොවි මහතා අවධාරණය කරයි.

මෙම ගොවි මහතා පවසන කරුණ සම්බන්ධයෙන් විමසීමේදී මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ විදේශ රටකින් සංක්‍රමණය වූ බවට සැලකෙන මෙම සේනා දළඹුවා වැනසීමට කෘමි නාශක වර්ග 12ක් සොයගෙන ඇති බවයි.

නමුත් එම කෘමිනාශක වලින් කෘමින් විනාශ වුවත් , සේනා දළඹුවාගේ බිත්තර වලින් හටගන්නා කෘමීන් විනාශ කිරීමේ හැකියාවක් නොමැති බව ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.

කෙසේ වුවද බී.විජේසිංහ ගොවි මහතා පවසන මෙම කතාවේ සත්‍යතාව පිළිබඳව සොයා බලන බවද ගුණවර්ධන මහත්මිය පැවසුවාය

අනිත් අයටත් කියවන්න share කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top