රාවණා උමග Rawana Cave Sri Lanka .
තවත් අයකුට නැරඹීම සදහා ශෙයාර් කරන්න .
ලක්දිව පාලනය කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු ලෙස ‘රාවාණා’ රජු හඳුන්වාදිය හැක. රාවණා රජුගේ ඉතිහාසය පිළිබඳව මෙරට පිළිගත හැකි ලිඛිත ඉතිහාසයක් සහ පුරාවිද්‍යාත්මක තොරතුරු ග්රන්ථ ගතකර නොමැති නමුත්, මීට වසර 6000ට පෙර මෙරට විසූ බලසම්පන්න මිනිසා රාවාණා ලෙස ජනප්රවාදයෙන් පැවත එයි. වාල්මිකී විසින් රචිත රාමායණයේද මොහු පිළිබඳ දීර්ඝ ලෙස විස්තරයක් කර තිබේ.
මෙම විස්මජනක මිනිසා කෙරෙහි පුරාවිද්‍යාත්මක සාධක මෙරට තුළ නොමැති වුවත් එවැන්නෙකු සිටි බවට සානථ කෙරෙන සාධක අපට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ. වාල්මිකී විසින් ග්‍රන්ථාරූඪ කර තිබෙන තොරතුරු සහ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන සාධක මත වර්තමානයේ දී රාවණා රජුගේ ඉතිහාසය පිළිබඳව බොහෝ දෙනෙක් ගවේෂණය කිරීමට සහ සෙවීමට උත්සහා දරති.
රාවණා ඇල්ල’ සිට ඇල්ල නගරය දෙසට කිලෝමීටර 8ක් පමණ ගිය පසු 16 කණුව මන්සංධිය හමුවේ. එතැන් සිට ප්‍රධාන මාර්ගයේ වම් පසට ගමන් කිරීමට තිබෙන කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 4කට ආසන්න දුරින් පිහිටා තිබෙන ‘රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය’ හමුවේ. මෙම විහාරය ඉදිකර ඇත්තේ වලගම්බා රජු බව පැවසෙයි. ගල් ලෙනක් තුළ ඉදිකර තිබෙන පුරාණ විහාරය තුළ දක්නට ඇත්තේ පැරණි බිතු සිතුවම් සහ අඹන ලද පිළිම වහන්සේලා පමණි
රාවණා ගුහාව වෙත ළඟා වීමට පඩි 700ක් පමණ තරණය කළ යුතුවෙයි.
රූස්ස ගස් වැල් මධ්‍යයෙන් යන මෙම ගමන ඉතා ගුප්තය. බඹරුන්ගේ රජ දහනක් වන බැවින් නිශ්ශබ්ද්දතාවය රැකීම වඩාත් යෝග්‍යය. ගමන් මග ගුප්ත වුවත්, අවට පරිසරය ඉතා දැකුම්කලුය. පුරාණයේ රාවණා ඇල්ල ඇද හැලුනේ මෙම ගල්ගුහාව පිහිටි ගල් තලාව මතින් බව පැරැණි ගම්වාසීන්ගේ මතය වී තිබේ. ගල් ගුහාව පිහිටි ගල් තලාව මතට නෙත් යොමන විට සහ අවට පරිසරය සෑදී තිබෙන ආකාරයෙන් එම මතය ගම්‍ය වේ.
මුහුදු මට්ටමේ සිට අඩි 4470න් උසින් පිහිටා තිබෙන රාවාණා ගුහාව අතර මැදි දේශගුණික කලාපයන් හි පිහිටි ගල්ගුහා අතර විශාලත්වයෙන් ඉහළ ස්ථානයකට හිමිකම් කියයි. ලෙන් මුඛය උසින් අඩි 20ට වැඩි වන අතර, පළල අඩි 25කට පමණ ආසන්නය. දිගින් අඩි 40කට අධික මෙම ගුහාවෙහි අභ්‍යන්තර භූමියත්, ලෙන් වහලය සහ බිත්තියත් ඉතා අවම ලෙස දක්ෂිණාවර්තව වක් වූ අඩ කේතු ආකාර හැඩයක් ගනියි. මෙම ගුහාව භාවිත කර තිබෙන්නේ සීතා කුමරිය සිර කර තබා ගැනීමට බව ජනප්රවාදයෙන් පැවතෙයි. මෙම ගුහාව පිහිටා තිබෙන ආකරය දෙස බැලීමෙදී එම ජනප්‍රවාද ඔස්සේ පැවත එන තොරතුරුවල යම් සත්‍යතාවයක්ද තිබිය හැකි බව එහි යන ඕනෑම කෙනෙකුට හැඟෙයි.
මෙම ගල්ලෙන තුළ තවත් ගල් ලෙන් ද්විත්වයක් පවතී. එම ගල් ලෙන් ඔස්සේ උමං මාර්ග තිබෙන බවටද පුරාවිද්‍යාඥයන් පවසා තිබේ. මින් එක් උමගක් දෝව පන්සල දක්වාත්, අනෙක් උමග නුවරඑළිය දක්වාත් නිර්මාණය කර ඇති බව ඔවුන්ගේ මතයයි. උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් කරන විට හමුවූ උමග ගල් ගුහාවේ සිට දෝව පන්සල දක්වා වැටී තිබෙන උමගේ කොටසක් බවද තහවුරු කර තිබේ.
දෝව පන්සලේද උමං මාර්ගයක් දක්නට ලැබෙන නිසා අතීතයේ සිට පැවත එන ජනප්‍රවාදයන්හි යම් සත්‍යතාවයක් තිබෙන බව මනාව පැහැදිලි වේ. රාම රාවණ යුද්ධයෙහි අවසානයේ කාල නීර්ණයකින් තොරව රාවණා රජු නිද්‍රාවට පත් වී තිබෙන බවත්, යම් දිනෙක අවදි වන තම සොහොයුරු හට යළි රජකම උරුම කර දීමේ බලාපොරොත්තුවෙන් රාවණ රජ සමයෙහි නිර්මාණය කනන ලද සියලු භූගත ශෛලමය නිර්මාණ දිගු කාලයක් පුරාවට ආරක්ෂා වන අන්දමින් වසා දමන්නට විභීෂණ කටයුතු කර තිබෙන බවත්, ජනප්‍රවාද තොරතුරු ඔස්සේ අනාවරණය වේ. රාවාණා ගුහාවත් එසේ වසා දැමුණු ස්ථානයක් බවත්, රාවණා රජු නින්දේ පසුවන්නේ මෙම ගුහාව තුළ බවත් මත ගණනාවක් පවතී.
දැනට ලැබෙමින් පවතින සාක්ෂි සාධක වලින් රාවණා නමින් රජකෙනෙකු සිටි බව ඔප්පුවෙමින් පවතී මේ පිළිබඳව සත්‍ය තොරතුරු නුදුරු අනාගතයේ දී ලොවටම අනාවරණය වන තෙක් අප මෙම ස්ථාන සුරක්ෂිත කර ගනිමු. ඔබ මෙහි යන්නේ නම්, ඔබගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වනවා සේම, පරිසරය සහ මෙම භූමිය ආරක්ෂා කර ගැනීමටත් සැලකිලිමත් වන්න.
මෙම ලිපියට දීර්ඝ විස්තරයක් එකතු කරමි
12.01.2019
මහා රාවණා මහ රජු
මෙම ලිපියෙහි බොහෝ තොරතුරු යම් යම් ලිපි කියවා ලබාගත් දැනුමෙන් ලියන නිසා අඩුපාඩු ඇතිනම් සමාව අයැද සිටිමි.
වැදගත් සේ සිතෙනවා නම් ශෙයාර් කරගන්න.
රාවණ නමින් හැදින්වෙන්නේ ලංකාවේ රජකල මනුගෙන් පටන් දශානත් රාවණ දක්වා වූ රක්ෂස රජවරුන් භාවිතා කළ අභිදානයකි. සූර්ය වංශය යනු එහි අරුතයි. රා, රේ යනු සූර්යාට කියන අපර නාමයකි. වන යනු වංශය, බබලවන්නා යන අරුත් ගැන්වේ. වෛශවන යන්ද ඇතැම් රක්ෂස රජවරුන් භාවිතා කළ අභිනාමයකි. පසුකාලීනව පරාක්‍රමභාහු, විජයබාහු යන නම් රජවරු කිහිප දෙනෙක්ම යොදා ගත්තාක් මෙන් රාවණ යන්නද කිප දෙනෙක්මයොදා ගත්තේය. ඉන් එක් අයෙකි දශානත් මහා රාවණ.
හෙතෙම රම රජු හා යුධවැදින. බුදුන් සමයේ ලංකාවේ පාලකයා වූයේ සුමන සමන් නැමැත්තෙකි. හෙතෙම රාවණ හා වෛශවන යන අභිදානයන් දෙකම භාවිතා කල බව ලංකාවතර හා ආටානාට සූත්‍ර ඇසුරෙන් නිගමනය කළ හැක.
රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු පුරාණ ලංකා පුරාවෘතයන් හි සදහන් වන බලසම්පන්න රජ කෙනෙකි. දසිස් රාවණ, විසැස් රාවණ ලෙසද හදුන්වනු ලබන මෙතුමා වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය. කෙසේ වෙතත් රාවණ රජු ධෛර්යසම්පන්න, දක්ෂ පාලකයෙකු වන අතරම දේශීය ආර්යුවේද වෛද්‍ය ශිල්පයේ ද හා නිර්මාණකරණයෙහි ද පුරෝගාමියෙකු ලෙසද ප්‍රකට ය. එමෙන්ම අතිදක්ෂ වීණා වාදකයෙක් බවත් කියැවේ.
පුෂ්පක විමානය සහ දඬුමොණරය යානය ඔහුගේ නිපැයුම් ලෙසද සැලකේ. තවද ආර්යුවේද වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව ‘අර්ක ශාස්ත්‍රය’ හා තාරකා විද්‍යාව පිළිබඳව ‘රාවණ සංහිත’ කෘතීන් ද රාවණ රජු විසින් රචනා කරන ලදී. ලාංකීය ඉපැරණි සටන් කලාවක් වන අංගම් සටන් ශාස්ත්‍රය හි වැඩිදියුණු කිරීම් සදහාද ඔහු විශේෂ දායකත්වයක් ලබාදුන් බව ජනප්‍රවාද වල සදහන් වේ.
හෙළ අසුර අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ මහා රාවණ යුගයයි. භාරතයේ හින්දුන් රාවණ නමට කොතෙක් බියද යන්න පැහැදිලි වන්නේ වාර්ෂික ‘‘දුසේරා’’ ආගමික උත්සවය පවත්වමින් රාවණ රූපය, පුලුස්සන නිසාය.
රාමායණයේ ‘‘දසිස් රාවණ’‘ ලෙසද, සිංහල සාහිත්‍යයේ ‘‘රාවණ රවුළු’’ ලෙසද, යක්ෂ ගෝත්‍රිකයන්ගේ වරිගපූර්ණිකාවේ ‘‘රාවණ රණබා’’ ඔහු හැඳින්වේ. මෙම අවධියේ දකුණු අමෙරිකාවේ අන්දීස් කඳු මත පාතාල රාජ්‍යය දක්වා බටහිරටද දකුණු යුරෝපයේ රමණීය (රොමානියා) රට හා ඉතාලියේ රෝමාණු (රෝමය) සහ මැද දෙරණ (මධ්‍යධරණී) බැබිලෝනියාව ඇතුළු මැද පෙරදිගද, නැගෙනහිරට රමණක (ෆීජි දූපත්) දක්වාද මෙම සංස්කෘතික අධිරාජ්‍ය බටහිර නැගෙනහිර දෙසට ව්‍යාප්තව පැතිරී තිබුණි. මේ නිවර්තනික ජීවන රටාවයි.
දකුණු යුරෝපයේ මධ්‍යධරණී මුහුද වටාද ධාන්‍යය, ඵළවළු, පලතුරු හොඳින් වගා වීම නිසා බලපෑම් ඇතිවුණි. අති පෞරාණික ලෝකයේ දක්නට ඇති විශාලම සංස්කෘතික කලාපය එයයි. ඒ තුළ රාවණ අවධිය විශිෂ්ට වන්නේය. මහා රාවණට පෙළපතක් ඇත.
රාවණ පෙළපතේ මුත්තා පුලස්ති
උත්තම දරුවන් ලැබීමේ න්‍යාය තුළ සෘෂිවරුන්ගෙන් හා මුනිවරුන්ගෙන් කාන්තාවන් දරුවන් ලබාගැනීමේ විධි ක්‍රමය තුළට රාවණගේ මව් පාර්ශ්වය හා පිය පාර්ශ්වය යන දෙපාර්ශ්වයම ඇතුළත්ය. පිය පාර්ශ්වයේ බලන විට විශ්රවස් පියා බලගතුම මුනිවරයෙකි. පියාගේ (විශ්රවස්) පියාද පුලස්ති නමැති බලවත් සෘෂිවරයාය.
මව් පාර්ශ්වය ගත්විට මවගේ පියා නොහොත් සීයා වන සුමාලී රකුස් රජු කාශ්‍යප මුනිට දාව මන්දාත කුසින් බිහි විය. සමකාලීන ලෝකයේ බලවත්ම සෘෂි පාලකයා වීමට මහා රාවණට මෙසේ සූදානම් විය. සුමාලී රකුස් රජු තම දුව වන කෛකසී කුමරිය දරුවන් ලැබීම සඳහා විශ්රවස් මුනි වෙතට යැව්වේ අසුර අධිරාජ්‍යයට අනාගතයේදී උපද්‍රව ඇතිවිය හැකි නිසා බලවත් පාලකයකු ඇතිකර ගැනීමටයි.
පුලස්ති සෘෂි විසුවේ පුලස්තිපුර නොහොත් පොලොන්නරුවේය. ඔහු භාවනා කිරීම සඳහා අනුරාධපුරයේ වෙස්සගිරියේ පිහිටි තණචොඩක (සංස්කෘත තෘණබින්දු) සෘෂිවරයාගේ අසපුවට ආවේය. එහිදී තණ චොඩකගේ තරුණ දූවරුන්ගේ කෑගෑසීම්, සිනා ආදි ශබ්ද නිසා බාධා ඇතිවිය. ඉන් කෝපයට පත් පුලස්ති ප්‍රාර්ථනා කළේ තමා සමාධියෙන් නැගී සිට ඇස් ඇරියවිට පළමුවෙන් දකින තරුණිය ගැබ් ගනීවා යනුවෙනි. ඔහු පළමුවෙන් දුටුවේ තණචොඩක සෘෂිගේ දියණි හවිර්ගුය. ඇය ගැබ් ගත්තාය. ඇයට ලැබුණු දරුවා පසු කලෙක බලගතු මුනිවරයකු විය. ඒ විශ්රවස් මුණිය. අනුරාධපුර විශ්රවස්ගිරි නොහොත් වෙස්සගිරිය නම් වී ඇත්තේ විශ්රවස්ගේ නමිනි.
තෘණබින්දු සෘෂිගේ අසපුව අසලම විශ්රවස් මුනිඳු විසූ බව සෙල්ලිපි අංක 88න් පැහැදිලි වේ. ලංකා ශිලාලිපි සංග්‍රහය I වෙළුම සංස්කරණය මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ දක්වයි. තණචොඩක නාමය විකෘතිකර ඇත.
අනුරාධපුර වෙස්සගිරි ලිපි: අංක 86 ගලෙහි ලිපිය තණචොඩක දතහ ලෙණෙ පුරාවිද්‍යා කියවීම ගණචොඩක දතහ ලෙණෙ (විකෘති කියවීම) වාපිත්, සෙම් (ත්‍රිදෝෂ) සංකල්පය ලොවට ඉදිරිපත් කළේ පුලස්ති සෘෂි බව සුශ්‍රැත සංහිතාව පවසයි.
රාවණ සීයා (විශ්රවස් මුනි)
තෘණ බින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ්රවස් මුනිද්ා වෙස්සගිරියේම විසූ නිසා එය ‘‘වෙස්සගිරිය’’ විය. ලංකා ශිලා ලේඛන සංග්‍රහය- I වෙළුම සංස්කරණය මහාචාර්ය පරණවිතාන මෙසේ දක්වයි ලිපිය අංක 88
ගලෙහි ලිපිය: පරුමක විසව පුත පරුමක…
පුරාවිද්‍යා කියවීම: පරුමක විසදව පුත පරුමක…
1913 කියවීමේදී ‘‘විසව’’ තිබූ තැනට 1950 වන විට ‘‘විසදව’’ ලෙස ‘‘ද’’ යන්නත් මැදට පැන ඇත. බැරිවීමකින් 1913 දී නිවැරදිව කියවන්නට ඇත. විශ්රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරාවිද්‍යාව විසින් සොයා ගනු ලැබීමෙන් වැළකී ඇත.
1. හොරොව්පතාන අසල වලස්තෙවුණ වැව ලිපිය. ‘‘පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙණ.
2. එම වලස්තෙවුණ වැවම ‘‘පරුමක විසව පුත් විභීෂණගේ ලෙණ’’
3. මහනුවර අසල වේගිරිය දේවාලයේ ලිපිය ‘‘පරුමක විශ්රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙණ’’
4. හොරොව්පතානේ එරපොතාන ලිපිය ‘‘පරුමක විශ්රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙණ’’
මෙම ලිපි හතර සොයාගනු ලැබ ඇත්තේ නිදහස් පුරාවිද්‍යා, ගවේෂක පතිරආරච්චි නමැති අය විසිනි. පුරාවිද්‍යාව මේ සියල්ලට අන්ධව විශ්රවස් මිථ්‍යාවක් බව කියති.
රාවණාගේ මව්පස සීයා සුමාලි
මීට පෙරද විස්තර දක්වා ඇති සුමාලි රකුස් රජු රාවණාගේ මව්පස සීයාය. ඇයද දේවයානිට ලැබුණේ කාශ්‍යප මුනි හා එක්වීමෙනි. ඔහුද බෝම්බ දමමින් දිග් විජය කල අධිරාජ්‍ය ගොඩනගන්නකු විය. සුමාලිට සුර ගුප්ත යයි නමක්ද විය. කතිර කුමරුගේ විශාල දේව සේනාවට ගොඩබිම යුද්ධයේදී සුමාලි රකුස් රජු පරාජය විය.
මව්පිය පරම්පරාවක් හා දරු පරම්පරාවක් නැති රාම හා සීතා යන මනංකල්පිත චරිතවලට ඓතිහාසික වූ රාවණ සම්බන්ධ නොවන්නේය. රාමායණයට සියවස් තුනකට නොඅඩු කාලයකදී සම්පාදනය වූ දශරථ ජාතකයේ රාම, සීතා සහ ලක්ෂ්මණ සොයුරු සොයුරියන්ය. ඔවුහු වනයේ 12 අවුරුද්දක් ජීවත් වූහ.දසිස් රාවණ කෙනකු ඔවුනට සම්බන්ධ වීම හෝ රාම රාවණා යුද්ධයක් හෝ නැත. රාමායණයට අනුව රාම යනු විෂ්ණුගේ 6 වැනි අවතාරයයි. මනුෂ්‍යයකු නෙවේ. සීතා යනු ඕපපාතිකව නගුල් මිටෙන් උපන් තැනැත්තියකි. එබැවින් රාමායනය ප්රබන්ධකළ වාල්මිකී විසින්ම තම කෘතිය ප්‍රබන්ධයක් ලෙස පිළිගනී.
‘‘රා’’ යනු ඉරයි. වණ යනු කණ්ඩායම නොහොත් සමූහයයි. රාවණ යනු පුද්ගල නාමයක් ලෙස නොව පෙළපත් නාමයක් ලෙස සැලකිය හැක. හිරුරැස් ප්‍රයෝජනයට ගෙන නිෂ්පාදනය කළ සූර්ය පෙළපත ලෙස මෙය සැලකීමට පුළුවන. දසිස් රාවණ ලෙස රාමායණයේද, රවුළු රාවණ ලෙස සිංහල සාහිත්‍ය ග්රන්ථවලද, රණබා ලෙස යක්ෂගෝත්රික වරිගපූර්ණිකාවේද මහා රාවණයන් හැඳින්වේ.
රාවණගේ ඥාති සොයුරු කුබිර (කුවේරා)
ලංකාපුරය හා දඬුමොණරය (පුෂ්පක යානය) විශ්වකර්ම නොහොත් මය විසින් නිෂ්පාදනය කෙරුණේ. දේවයානීගේ පුත් සිංහමුඛ සඳහාය. නමුත් කතිර කුමරු තමා හා යුද්ධයට එන බව දැනගත් විට සිංහමුව පලාගියේ පාතාල රාජ්‍යය පිහිටි දකුණු ඇමෙරිකාවටයි. එවිට ලංකාපුරය අරාජික විය. දඬුමොනරය අස්වාමික වුණි.(පසු කලෙක රාවණයන් විසින් සෑදුණු නැකැත් අතර දඬුමොනරය නමැති නැකතක්ද විය. අද දකුණු පළාතේදී ඊට දඬුමරණය යයි කියති.)
සිංහමුඛ පලාගොස් ලංකාපුරය හිස්වීම නිසා විශ්රවස්ගේ යක් බිරියක් වූ ඉල්විලාගේ පුත් කුබිර (කුවේර) එහි පාලකයා විය. එවිට දඩුමොනරයද ඔහු සතු විය. මෙය දසිස් රාවණගේ නොසතුටට හේතු වුනි. මව්පිය උභය පාර්ශ්වයෙන්ම සෘෂිවරුන්ට හා මුනිවරුන්ට තුන්වරක් ජාතක වූද, දශ ඥානයකින් යුතුව බුද්ධියෙන් බැබළෙන්නාවූද රාවණ පමණක් දැන් හිස් වූ ලංකාපුරයේ පාලක තනතුරට සුදුසු විය. එබැවින් ඥාති සොහොයුරු කුවේර නෙරපා හැර ලංකාපුරය තමා අතට ගැනීමට රාවණ කටයුතු කළේය. ඊට ඔහුට උදව් කළේ මවගේ ඥාති සහෝදරයකු (මාමා) වූ දුම්රක්ගල (දිඹුලාගල) විසූ දුම්රක් (ධූමරාක්ෂ) සේනාපතියාය. මෙකල විශ්රවස් විසූ සීගිරියට කුවේරද පලවා කොටුකරන ලදී. අන්තිමේදී එතැන් සිට විශ්රවස් සහ කුවේර වයඹදිග ඉන්දියාවේ පන්ජාබයට නෙරපූ බව ගරුඩපුරාණයේත් භගවත් ගීතාවේත් සඳහන්ය.
අරිසෙන් අහුබුදු සූරීන් පවසන පරිදි ඉන්දු රජු විසින් ඉදි කෙරුණු ඉන්දු රාජ්‍යයේ (සින්ධු ගඟ ඇසුරින් මෙය ඉදිවිය) රජකම විශ්රවස් විසින් ලබා ගැනුණි. ඉන්දු රජුගේ අගනුවර වූ මුල් තැන (multan) අදත් එනමින් හැඳින්වේ. මේ පංජාබයේ ගංගා 5 එකතු වන තැනයි. පන්ජාබයේ අදත් අගනුවර මුල්තැන්ය. කුවේර විසින් තෝරා ගැනුෙණ් කෛලාශකූටයයි. මේ අනවතප්ත විලට යාවය. අදත් මේ දෙකම මිල අධික සංචාරක මධ්යස්ථානයන්ය. අහස් මිහිර රාජ්‍යය අද කාශ්මීර වී ඇත. අදත් කෛලාශකූටය අවුරුද්ද පුරා හිමෙන් වැසී පවතී. එහි ඡායාව අනවතප්ත විලට වැටීම මනරම් දසුනකි. (බලන්න අන්තර්ජාලය)
මහා රාවණගේ ලංකාපුරය
රටවල් හා ජාතීන් බිහි නොවී තිබුණු මෙම යුගයේ පැවති පුරරාජ්ය (පෞරරාජ්‍ය පැවතුණි ඒවා පාලනය කළේ දේව අධ්‍යාපනය හදාරා ඉහළම පාලක තත්ත්වය වන සෘෂි හා මහසෘෂි බවට පත් වූ අයය. රාවණගේ අභාවයෙන් පසු ලංකාපුරය මුහුදට යට විණ. නෙදර්ලන්ත මුහුදු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් 2009 දී සොයාගනු ලැබුවේ මුහුදට ගිලීගිය නගරයක නටබුන්ය. මහාරාවණ කෝට්ටය හා කුඩා රාවණ කෝට්ටය අසල පානමින් ඇත. පිහිටි මෙම නගරය සමඟ සිහින් දිගටි හා වක්වූ භූමි ස්කන්ධයක්ද ගිලිහී ගොස් ඇත. එය අප්‍රිකාවේ මැදගස්කරය ( ) දක්වා විහිදී ඇත. වර්ග ප්‍රමාණයෙන් වර්ග කි.මී. 4,50,000ට වැඩි මෙයට එර්ෂියා (Earcia) යන නම දී ඇත. (බලන්න අන්තර්ජාලය)
යුරෝපීය සුදු මිනිසුන් විසින් 20 සියවස පුරාම තම පරමාදර්ශී රාජ්‍යය ලෙස අභිමානයෙන් ප්‍රකාශ කෙරුණු අත්ලන්තිස් පුරවරය (City of atlantis) නමැති රාජ්‍යයක් විය. ක්‍රි.පූ. 4 සියවසේ විසූ ග්‍රීක් ජාතික පඬිවරයා විසින් මෙය ලේඛන ගතකරනු ලැබ තිබුණේ. ඔවුන් එය මිසරවාසීන්ගෙන් අසා දැනගත් පරිදිය. මිසරයින් ඊට මිසර නමක් යෙදූ නිසා තමා ඊට ග්‍රීක් නමක් වන අත්ලන්තිස් යන්න යෙදූ බව ප්ලේටෝ සඳහන් කරයි. 20 සියවස මැදදී අත්ලන්තික් සයුරේද සියවස් අගදී මධ්‍යධරණී මුහුදේද එය සොයා ගවේෂණය කළ සුදු ජාතීන් 21 සියවසේදී එය සෙවීම අතහැර දමා ඇත. ඊට හේතුව නම් රාමායනයේ විස්තර වන හනුමා දුටුවේයැයි කියන ලංකාපුර විස්තරයත් ප්ලේටෝගේ අත්ලන්තිස් පුරවරයත් එකක්ම බව 1999 දී බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥයකු විසින් ඔප්පු කරනු ලැබීමය. සමානකම් නම්:
1. කඳු තුනක් මත පිහිටීම (ත්රිකූටය) ත්රිකූටමලේ? 2. පුජක (දේව) පාලනය 3. ගුවන්යානා 4. කාන්තා – පිරිමි සම අයිතිවාසිකම් 5. තනි දේවාලයක් තිබීම. 6. මාර්ග පද්ධතිය හා දෙපස නිවාස 7. අලියා සිිටීම 8. කෙසෙල්, දොඩම් සහ අඹගස්. 9. විනාශකාරී (න්‍යෂ්ටික) අවි. 10 අසුර නාමය (ග්‍රීක අස්වින්) 11. ලොව පරමාදර්ශී රාජ්‍යය වීම 12. මුහුදට ගිලාබැස විනාශ වීම මෙහි මුදුන් තුන (ත්රිකුට) සහිත කඳු පෙදෙස (මළය) ඇතැම් විට ත්රිකුණාමලයද විය හැක. නමුත් හැඩ ඔය මෝය අසල පොතුවිල නගරය අසල එය වන්නට ඇති බවට සාධක වැඩි විය
රාවණ කුමරු විසින් ගෝකණ්ණ (ත්‍රිකුණාමල) පිහිටි මරීච සෘෂිගේ අසපුවේ තුන්වසරක් උග්‍ර තපස් කෙරුණේ වරමක් ලබාගැනීමටය. එනම් මිනිසකු අතින් මිය නොයාමටය. වාල්මිකී තම රාමායණයෙන් එය සනාථකරන්නේ මිනිසකු නොවන විෂ්ණුගේ 6 අවතාරය වූ රාම අවතාරය අතින් රාවණ මිය ගිය බව පවසමිනි.
ලංකාපුරය යනු අලංකාර පුරය යන අර්ථය ලබාදෙන බව අහුබුදු සූරීහු දක්වති. කාශ්මීරයට (අහස්මිහිර) ගිය කුවේරද එහිගොඩනගා ගත්තේ අලකාපුරයයි. එයද ලංකාපුරයට සමානවන්නට ඇත. සියලුම යස ඉසුරින් පිරි නගරයක් සංස්කෘත හා සිංහල සාහිත්‍යයේ හඳුන්වන්නේ කුවේරගේ අලකාපුරයට සමාන කරමිනි. ඉතිහාස පොතින් අප ඉගෙනෙගන ඇත්තේ පෞරරාජ්‍යයන් බිහිවූයේ ග්‍රීසියේ බවය. ලංකාවට එහි ගෞරවය ලබාදීමට ඉංග්‍රීසි ඉතිහාසඥයෝ අකමැති වූහ. වේලාපුර, රත්නපුර, අනුරාජපුර, විජිතපුර, සෝමපුර, යක්පුර, මහින්දපුර අනෙකුත් පුරයන්ය.
මහාරාවණ හා රාමායණය
1980 දශකය වනතුරු රාවණ රජකු ගැන අප දැන සිටියේ රාමායණය ඇසුරිනි. ඒ පන්තිකාමර අධ්‍යාපනය හා පුවත්පත් සඟරා ආශ්රයෙනි. බටහිර මානව විද්‍යාඥයන් අසුර අධිරාජ්‍යයක් හා එහි සිටි සෘෂි පාලක මහා රාවණ කෙනකු ගැන දැනගත්තේ 1980 දශකයේ පටන්ය. අද එම සෘෂි පාලක රාවණයන් දැවැන්ත ආකාරයෙන් මතු වී එන්නේ ඉතිහාසය තුළිනි. ඒ අනුව රාමායණ ‘‘රාවණ රජු’’ බොඳවී යන බවක් දක්නට ඇත.
රාමායනය මහා කාව්‍යයකි. එමෙන්ම වීර කාව්‍යයකි. අලංකාරවාදයට අනුව මහා කාව්‍යයක් වීමට අත්‍යවශ්‍ය අංග කීපයකි. නගර වර්ණනා, උද්‍යාන වර්ණනා, වීර චරිතයක්, වීරයාට අභියෝග කරන දුෂ්ටයෙක්, ගැහැනියක් නිසා ඇතිවන ගැටුමක්, යුද වර්ණනාවක්, දේව පූජා, ප්‍රීති උත්සවයක් ආදිය අනිවාර්යය. රාම කුමරුගේ වීරත්වය හුවා දැක්වීමට දුෂ්ට රාවණ රජු, සීතා පැහැරගැනීම, රාම – රාවණ යුද්ධය, ලංකාපුර නගර හා උද්‍යාන වර්ණනා ආදිය රාමායනයට ඇතුළත් කර තිබේ.
මේ සඳහා භාරතයේ අන් රජකු තේරා නොගෙන ලංකාවේ මහා රාවණයන්ව තෝරා ගත්තේ ඇයිද යන්න උපකල්පනය කිරීම අපහසුය. රාමායනයට මද කලකට පසු ලියවුණ ජාතකට්ඨ කථාවේ දශරථ ජාතකයේද රාමා, සීතා හා ලක්ෂ්මන් දැක්වේ. ඒ සහෝදර සහෝදරියන් තිදෙනෙකි. එහි රාවණයකුගේ සම්බන්ධයක් නැත. රාමාගේ චරිතය ඔසවාලීම සඳහා ඔහුට එරෙහි දුෂ්ටයා ලෙස වාල්මිකී දැන සිටි බලවත්ම පුද්ගලයා යොදාගන්නට ඇතැයි සිතිය හැක. මහා රාවණ වනාහී තුන් ලොවම ජයගත් අයකු ලෙස සංස්කෘත සාහිත්‍යයේ සඳහන්ය. ඔහු රාමායනයට සීමා නොවේ.
කෘත, ද්වාපර, නේත්‍රා සහ කලි (වත්මන කලි යුගයයි) යන හින්දුන්ගේ යුගවලින් නේත්‍රා යුගයේ ආරම්භයේ ජීවත් වූවකු ලෙස රාවණ හැඳින්වේ. ඔහු රජකු නොව දේව අධ්‍යාපනය ප්‍රගුණ කළ සෘෂි පාලකවරයෙකි. දස ඥානයක් (දසිස්) ඔහුට විය. අසුර- අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතම පාලකයා හා නායකයා විය. මෙබදු අයකු සමග ගැටුණ විට රාම චරිතය ඊටද වඩා උසස් වන නිසාම වාල්මිකී රාමායණයට රාවණා ඇදගන්නට ඇත.
මහා රාවණා රජුගේ උමං මාර්ග පිළිබඳ විස්තරය .
ලංකාවේ ප්‍රධාන නගර විසිහතක් ආවරණය කෙරෙමින් ඉඳිවුණු උමං මාර්ග පද්ධතිය මෙන්ම ජල තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක වූ උමං පද්ධතියක් පිළිබඳවද තොරතුරු පවතියි. මෙම උමං ප්‍රධාන වර්ග කිහිපයකි. ප්‍රවාහන කටයුතු උදෙසා භාවිත වූ ජල උමං, එක් තැනක සිට තවත් ප්‍රදේශයක් පෝෂණය කිරීම උදෙසා ජලය ගෙනගිය උමං හා අලංකාරය උදෙසා ජලය රැගෙන ගිය ජල පීඩක උමං ලෙස මෙය ඛෙදා දැක්විය හැකිවෙයි. පොදුවේ මෙම උමං ජල මාර්ග ‘ගලීස්ස’ ලෙස හැඳින්වෙයි.
ප්‍රවාහන කටයුතු උදෙසා ජල උමං – මහා රාවණ යුගයේදී ජල පීඩන තාක්ෂණය උපයෝගීකර ගනිමින් අධිවේගී ප්‍රවාහන පද්ධතියක් පැවතියේය. මාතලේ සිට නවක්කන්නිය හරහා ලංකා පුරයේ උතුරටත්, බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිනිකොණ දෙසටත්, මාතලේ සිට බණ්ඩාරගම ප්‍රදේශය හරහා ඉඳිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතියේය. මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂාණ වැස්මක් භාවිත කළ අතර, බොහෝවිට පොළොවේ අභ්‍යන්තර තද පාෂාණ ස්ථර භාවිත කරනු ලැබුණි.
මාතලේ නාලන්දා ගෙඩිගෙයට තරමක් දුරින් අඹන්ගගඟඅසල ලූණුගෙය නමින් ප්‍රසිද්ධ බිම්ගෙයක් දැකගත හැකිවෙයි. මෙම ස්ථානය රාවණ යුගයේ ඉතා දියුණු මට්ටමේ ගලිසි තොටුපොළකි. ගලිසි තොටුපොළක් යනු උමං ජල මාර්ග පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවතුම්පලකි. මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තරයෙන් අදටත් මෙම උමං ජල මාර්ගය දැකගත හැකිවෙයි. මෙම ජල මාර්ගය පිහිටි උමග වර්තමානයේදීද ශේෂ වෙමින් පවතියි.මෙම ජල උමගට එකල සුදුගග මුල්කරගනිමින් ජලය ඇතුළු කළ බව සිතිය හැකිය.
මෙසේ ඇතුළු කරන ජලය උතුරු දෙසට ගමන් කර අවසානයේ මුහුදට ගලායයි. මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය. යාපනයේ නාවක්කන්නි ළිඳ එවැන්නකි. මෙහිදී ජලය තුළ ගමන් කළ හැකි (වර්තමාන කෝච්චිවල පෙනුමට සමාන) යානා විශේෂයක් මෙම උමං මාර්ගවල ගමන් කර ඇත.මෙම උමං මාර්ගවල ස්ථාන කිහිපයකින් දොරටු පිහිටා තිබුණි. ඒ හරහා ජල පීඩනය අවශ්‍ය දිශා වෙත යොමුකිරීමේ හැකියාව පැවතුණි.
කඳුකරයේ සිට වර්තමාන යාපනය දෙසට ගමන් කිරීමට ජලයේ ගලායෑමේ වේගයට සමානව සුළු බලයක් ලබාදීමප්රමාණවත්ය. එහෙත් යළි පැමිණීම උදෙසා උපයෝගී කර ගනු ලැබුවේ මුහුදේ ජල පීඩනයයි. මේ සඳහා සුදු ගගෙන් ජලය ඇතුළුවන මාර්ග මෙන්ම අනෙකුත් පිටවීම් මාර්ගද වසා දැමුණි. මුහුදේ පීඩනය යොදාගනිමින් එයට සමානව යානයේ ඇතිකර ගනු ලබන සුළු බල ගැන්වීමක් හරහා කඳුකරයට යළි පැමිණීමට හැකියාව ලැඛෙයි.වර්තමානයේදීද මාතලේ අඹන් ගගේ හා නාවක්කන්නි ළිඳේ ජල සාම්පල එකිනෙකට සමානය.
තාවක්කන්නි ළිඳ යනුවෙන් හැඳින්වෙන්නේ යාපනයේ වැල්වැටිතුරෙයි මාර්ගයේ නිලාවරි ගම ආසන්නයේ පිහිටි පතුලක් නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි. එයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඖෂධ පොකුණ ලෙස වර්තමානයේ හැඳින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි. මෙම පොකුණේ ඇත්තේද එකම ජල සාන්ද්‍රණයකි.එකල වර්තමාන අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවති නීලගිරි දේශය හරහා මෙම ගලිසි මාර්ගය පැවතුණි.
ප්‍රධාන ගලිසි තොටුපළක් නීලගිරියේ අභයවැව ආශ්‍රිතව පැවතුණේය. මාතලේ සිට රාවණ ඇල්ල දක්වා පවතින උමං මාර්ගය එහි දෙවැනි කොටසයි. මෙය දෙපසට ජලය ගෙන යා හැකි ලෙස නිර්මාණය කරන ලද ගලිසියකි. (ජල උමගකි) ප්‍රධාන දිසා දෙකට ජලය යොමු කළ හැකි ලෙස මෙම උමගේ දොරටු සවිකර තිබී ඇත. ඒ හරහා අවශ්‍ය විටෙක රාවණ ඇල්ලේ ජලය සුදුගග දෙසටත්, තවත් විටෙක සුදු ගගේ ජලය රාවණ ඇල්ල දෙසටත් හැරවිය හැකිවිණි. මේ හරහා මෙය ඉතා පහසු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකිවිය.
තෙවැනි කොටස රාවණ ඇල්ලේ සිට යාල හතරවන කලාපයේ පිහිටි කුඹුක්කන් ඔය එකල මුහුදට වැටුණු ස්ථානයට ආසන්නයේ පිහිටි ගලිසි තොටුපළක් හා සම්බන්ධව පැවතියේය. මෙහිදීද භාවිත වූයේ මාතලේ හා නාවක්කන්නි ළිඳ අතර පැවති තාක්ෂණ ක්රමවේදයයි.වර්තමානයේදීද මෙම උමං මාර්ග හරහා ජලය ගමන් කිරීම සිදුවුවත් බොහෝ සෙයින් උමං හුණුගල්වලින් වැසී ගොස් ඇත. එයට හේතුවූයේ වසර පන්දහසකට අධික කාලයක් තිස්සේ මේවා ටිකින් ටික මහපොළොවෙන් වැසී යෑමයි.
අනෙක් ප්‍රබලම කාරණය වූයේ ලංකාපුරයේ භූමි ප්‍රමාණයෙන් දොළහෙන් එකොළහක් (11/12) විනාශ කරමින් රටට ගලා ආ මුහුද ගෙන ආ මහ වැලි කඳින් උමං මාර්ග වැසීයාමයි.උමං මාර්ගයන් ආශ්‍රිතව ක්‍රියාත්මක වූ අධිවේගී ජලකර නැතහොත් ජල පීඩක යානාවලට අමතරව අභ්‍යන්තර ගංගා පද්ධතිය ආශ්‍රිතව ඉතා විශිෂ්ට ගමනාගමන පද්ධතියක් පැවති බවට ඇති හොඳම සාධකය බුදුහිමියන් ජල මාර්ගයක් දිගේ මහියංගනයට නැවකින් වැඩම කරවීමයි. එකල්හි වර්තමාන බෝට්ටුවලට වඩා වෙනස්, වඩා ආරක්ෂිත යාත්‍රා විශේෂයක් පැවතියේය.
එය ජල මතුපිට මෙන්ම අවස්ථානුකූලව ජල අභ්‍යන්තරයේද ගමන්කිරීමේ හැකියාව පැවතියේය. එය පෙට්ටි 2 – 3ක වර්තමාන කෝච්චියක පෙනුමෙන් යුක්ත වූ මෙම ජලකර යාත්‍රාවල නම්‍යශීලි බවක් පැවතියේය. එබැවින් ඉතා පහසුවෙන් ජලමාර්ග හරහා ගමන්කිරීමේ පහසුවත් උමං ආශ්‍රිතව ගමන් කිරීමේදී වඩා නම්‍යශීලීවීමේ හැකියාව තිබේ
මාතලේ ආශ්‍රිතව අභ්‍යන්තර ගංගා පද්ධතියක් ඇති බවට ඈත අතීතයේ සිටම මතයක් පැවතිණි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමට යෝජනා වන්නේ අපේ හෙළ රාවණ ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකාදැමීමේ පරමාර්ථයෙන් යැයි පැවසුවහොත් එහි කිසිදු අතිශෝක්තියක් නැත. මන්ද අප හෙළ ලංකා පුරයේ මධ්‍ය ලක්ෂ්‍යය වූ නාලන්දා ගෙඩිගෙය පිහිටි බිමද මේ ජලාශයට යටවීමට නියමිතව පැවතුණි.
පෙර රාවණ යුගයේදී මෙම ස්ථානයේ සූර්ය දෙවොලක් ඉදිකිරීම හරහා සිවු හෙළයටම ඇවැසි ශක්තිය ඒ හරහා උකහා ගැනීමට එකල පාලකයෝ උත්සුක වූහ. සූර්ය ශක්තිය යනු අග්නි ශක්තියයි. එසේනම් ලංකා පුරයේ මධ්‍යයේ ක්‍රියාත්මක වනුයේ ප්‍රබල අග්නි ශක්තියකි. එය විශ්ව නිර්මාණයට අදාළව සිතීමේදීද එය සත්‍යයක් බව පෙනීයයි. සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ සූර්යයා සිටියි. පෘථිවිය මධ්‍යයේ ගිනිගෙන දැවෙන ලෝදිය ඇත.
මෙලෙස බලන කල ලංකා පුරයේ මධ්‍ය ස්ථානයේ පවතිනුයේද අග්නි ශක්තියකි. එහෙත් අද පැරණි නාලන්දා ගෙඩිගෙය කැබලිවලට ගලවා අඩි 25-30ක් ඉහළට ගෙන මධ්‍ය මණ්ඩලයේ තුළ මහා ජලාශයක් ඉදි කළේය. යුරෝපීය සැලසුම වූයේ මධ්‍ය මණ්ඩලයේ අග්නි බලයට ප්රතිවිරෝධීත්වයක් ඇති කිරීමට හැකි මහා ජල ධාරිතාවක් එහි එක්රැස් කිරීමය. බෝවතැන්න ජලාශය එහි අවසන් ප්රතිඵලයයි.අපේ දේ පරසුද්දාට උගස් කළ අපේ පාලකයෝ කිසිදු විලි ලැජ්ජාවකින් තොරව අපේ උරුමයන් හාරා විනාශකර දමන්නට ඔවුනට ඉඩදුන්හ.
අප මහා ඉහළින් වර්ණනා කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ස්ථානගත වූයේ අපේ රාවණ සාධක පැවති ස්ථානයන් කේන්ද්‍රගත වෙමිනි. එයට හේතුවූයේ එම සැලසුම් සියල්ලම යුරෝපා රටවල සකස්වුණු සැලසුම් වීමය. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියද මෙවැනිම ව්‍යාපෘතියකි. බෝවතැන්න ජලාශය ඉදිකිරීමෙන් මාතලේ ආශ්‍රිතව පැවති උමං පද්ධතිය දැඩි ලෙස විනාශ වීම සිදුවුණි. මෙයට අමතරව තෙල්දෙණිය ජලාශය ඉදිකිරීමේදීද පැරණි උමං ගුහා පද්ධතියක් සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් දමා වසා දැමුවේය.
කොත්මලේ ජලාශයේ වැව් බැම්ම ඉදිකිරීමට හාරන ලද්දේද ප්‍රධාන උමං පද්ධතියක් බවට තොරතුරු පවතී. මේ අනුව බලන කල විදේශීය සැලසුම් බොහොමයක් සැකසී ඇත්තේ චන්ද්‍රිකා තාක්ෂණය මගින් හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු පොළොව යට සැගවුණු හෙළ තාක්ෂණ ක්‍රමවේදයන් සොයා ගැනීම උදෙසා මිස අපට ඇති ආදරයකට නොවන බව පෙනී යයි. මෙවන් කැණීම්වලදී හමු වූ පැරණි ගලිසි තාක්ෂණයට අයත් වේළී, ජල උමං මිස වෙනත් කිසිදු ඓතිහාසික සාධකයක් මතුවීමට ඔවුන් ඉඩ තැබුවේ නැත. ඒ සියල්ල ඔවුන් වසා දැමුවේය.
රාවණගේ ජල උයන් ආලකමන්දාව ඉතිහාසගත කරයි – අප හෙළ ගලිසි තාක්ෂණයට සාක්ෂි නැතැයි පැවසුවද සාක්ෂි අපට නොපෙනීම මිස නොමැතිවීමක් නැත. මාදුරු ඔය සංවර්ධනය කිරීමේදී හමුවූ සොරොව්ව ගලිසි සොරොව්වකි. ලාහුගල හැඩඔයේ තිබී හමුවූ ගල් අමුණට සමානම අමුණක් ඉන්කා ශිෂ්ටාචාරයෙන්ද හමුවිය.
ඒ ගුවනින් ගිය සිංහ දේශයේ වැසියන්ගේ ඥානයයි.ජලය ගෙනයන උමං ප්‍රවාහන කටයුතුවලට අමතරව ජල හිගය හා බීමට සුදුසු ජලය නොපැවති ප්‍රදේශවලට ජලය ලබාදීම උදෙසා ක්‍රියාත්මක වූ විශේෂ උමං පද්ධතියක් එකල පැවතියේය. මෙම උමං පද්ධතිය එකල පැවති වරායන් වූ කුදිරමලේ, යාල, කේවෙන (යාපනය) ආශ්‍රිතව ව්‍යාප්තව පැවතියේය.කුදිරමලේ පිහිටි ගොන්ගේ විල තුළ වර්තමානයේදීද පිරිසුදු ජලය පවතියි. එසේම යාල මුහුදු සීමාවේ පිරිසුදු ජලය සහිත එක් ළිඳක් පවතියි. මේවා කාලයෙන් වැසී විනාශ වී ගොස් ඇති අතර, භාවිතයට අවශ්‍ය පිරිසුදු ජලය සැපයීම උදෙසා කඳුකරයේ සිට සකසන ලද උමං මාර්ග (ගලිසි) හරහා මෙම විල්වලට ජලය ලැබිණි.
ජලය ගබඩා කිරීම උදෙසා විශේෂ ක්‍රමවේදයන් අනුගමනය කරමින් නූතන ජල පෙරුම් තාක්ෂණයට සමාන වන අයුරින් පොළොව හාරා ගල් වැලි ආදී විවිධ ස්ථරයන් යොදමින් කෘති‍්‍රම විල් ගොඩනගා ඇත. මෙම විල් ගොඩනැගීමේදී විශේෂිත ක්‍රමවේද බොහොමයක් අනුගමනය කර ඇත. ජලයේ විෂ ස්වභාවයන් ඇතිවීම පාලනය කළ හැකි ‘මඩාර’ නම් විශේෂිත පස් මිශ්‍රණයක් භාවිත කරමින් විල්වල මතුපිට වැස්ම සකස් කිරීම හා ජලය ස්වභාවිකව පවිත්‍ර කළ හැකි මී, ඇටඹ, කුඹුක් වැනි ශාක ඒ වටා සිටුවීම කරනු ලබයි. එහිදී එම ශාකවල මුල්, ඇට, කොළ ජලය හා මිශ්රවීම හරහා ජලය පවිත්‍රවීම සිදුවිය.
වර්තමානයේ ක්ලෝරීන් යෙදීම හරහා සිදුකරන දෙය මේවන් ක්‍රමවේද හරහා ඉතා සාර්ථකව ඉටුකරගත්තේය. වර්තමානයේදී ද රටපුරා දැඩි පාරිසරික තර්ජනයන් ඇතිවන අයුරින් ජලාශ ඉදිකර ජලය ගෙනයෑමේ ක්‍රමවේදවලට වඩා රාවණ යුගයේදී මෙන් වසර පුරාම ඇදහැළෙන දියඇළි ආශ්‍රිතව ඉදිකළ ජල උමං හරහා රටේ ඕනෑ තැනකට ජලය ගෙනයෑමේ ක්‍රමවේදයන් භාවිත කිරීම වඩා සුදුසුය.
වර්තමානයේදී අපේ වරාය පද්ධති තුළින් නැව්වලට පිරිසුදු ජලය ලබාදීමෙන් පමණක් විශාල ආදායමක් උපයාගනු ලබයි. මෙය ඈත අතීතයේදී ද ක්‍රියාත්මක වූ අතර, ලොව පුරා ව්‍යාප්තව පැවති නාවික මාර්ගයන් බොහොමයක් ලංකාපුරය හරහා වැටී තිබුණි. එයට හේතු වූයේ එවකට ලංකාපුරය ලොව ප්‍රබල රාජ්‍යයක් වීමයි. විජය ලංකාවට පැමිණෙන්නේද පිරිසුදු ජලය සොයාගෙනය. අපේ රටවටා රාවණ යුගයේදී පැවති වරාය පද්ධතිය රාම රාවණ යුද්ධයේදී විනාශ වී ගියත් එය යළි ක්‍රියාත්මක වූ බවට ඇති හොඳම සාක්ෂිය විජයගේ පැමිණීම හා බුදුරජාණන්වහන්සේගේ පැමිණීමයි.
වැව් අමුණු බැඳ ජලය රැස්කර ගොවිතැන් කිරීම අපට හුරුවූයේ විජයගේ පැමිණීමෙන් පසුව යැයි අපේ ඉතිහාසඥයෝ තලූ මරමින් පවසති. විජයගේ රටේවත් නැති වැව් අමුණු ඔහු මේ රටේ ඉදිකරන්නේ කෙලෙසකදැයි ඔවුන්ට නොවැටහෙන්නේ යුරෝපීය හැදෑරීම්වලින් ඔවුනගේ ඇස් බැඳ දමා ඇති නිසා විය යුතුය.
කුඹුක්කන් ඔය රාවණ යුගයෙන් ශේෂ වී පැවති අවසන් අමුණයි. කුඹුක්කන් ඔය හරහා බඳින ලද අමුණක් උපයෝගී කර ගනිමින් වර්තමාන යාල, කුමන ප්‍රදේශයට අයත් රෝහණ දේශය සශ්‍රීක කිරීමට කුම්භකර්ණයන්ට හැකිවිය. කුම්භකර්ණ යනු රාවණගේ සොහොයුරකි. රාමායනගේ සඳහන් වන පරිදි එකදිගට මාස හයක් නිදියන ඔහු මුවන් හත්සියයක්, හාල් නැලි හත්සියයක් එකවර ගිල දමන මහා යකෙකි. මෙය සංකල්ප රූපයකි. රාවණ රාජ්‍යයේ කෘෂිකර්මය හා ආහාර සම්පාදනය භාරව පැවතියේ කුම්භකර්ණයන්ටය.
මුවන් හත්සියයක් සහ හාල් නැලි හත්සියයක් කා මාස හයක් නිදාගැනීම යනු එක් කන්නයක් වැඩකර රැස්කරගන්නා ආහාරවලින් මාස හයක් රටේ ජනයාට කන්න දීමේ හැකියාව ඔහුගේ වගා ක්‍රමවේදයට පැවති බවය. වගා නොකරන මාස හය තුළදී පරිසර පද්ධතිය ස්වභාවික ලෙස වෙනස් වීමට අවස්ථාව සැලසීම ඔවුනගේ අපේක්ෂාවයි. කුඹුක්කන් ඔය අමුණ හරහා කුඹුරු අක්කර දහස් ගණනක් වගා කළේය. 1818 දී බ්රවුන්රිග් ආණ්ඩුකාරයා මෙම අමුණ පුපුරවා හැරීමට තීරණය කළේය.
එයට හේතු වූයේ හෙළ ශක්තිය මෙම වාරි තාක්ෂණය හරහා වර්ධනය වීමයි. එකල වගාකළ දේ කල්තබාගැනීමේ ප්‍රබල ක්‍රම පැවතුණි (රාවණ කෘෂිකර්මය පිළිබඳ වෙනම ලිපියකින් මේ පිළිබඳ සාකච්ඡුා කරමු) මෙවන් වැදගත් මෙහෙයක් ඉටුකළ කුම්භකර්ණ නිදිකුම්බයකු බවට පත්කර ඔහු අලස බව හැඳින්වීමේ සංකේතය කළ ඉතිහාසය එය සූක්ෂ්ම ලෙස ඉදිරියට පවත්වාගෙන ඒමට සමත්විය.
අලංකාරය උදෙසා ජල උමං – ජල උයන්, ජලමල් මෙන්ම සිසිල් කරන පද්ධති උදෙසා ජලය ගෙන යෑමට අධි පීඩනයක් සහිත ජල උමං භාවිතය බහුලව දැකගත හැකිවනුයේ ආලකමන්දාව ලෙස නම් කරන ලද සීගිරියේය. මෙය රාවණ රජුගේ පියා වූ විශ්රවස් මුණිගේ කාලය දක්වාම දිවෙයි. වෑවල ප්‍රදේශයේ පැවති විශාල වැවක් (අති විශාල වැව් මිරිය නදී ලෙස එකල හැඳින්වුණි) සිට උමං මාර්ගයෙන් සීගිරියට ජලය රැගෙන ඒම සිදුවිය.
මේ සඳහා අඩි පහළොවක පමණ විශ්කම්භයක් සහිත උමගක් භාවිත කර ඇති අතර පුණිල තාක්ෂණයට සමාන ක්‍රමයක් අනුගමනය කරමින් වැව මධ්‍යයේ සිට මෙම ජල උමග (ගලිස්ස) ආරම්භ වී ඇත. එහිදී සිදුවනුයේ වැවේ ජලය දැඩි පීඩනය උපයෝගී කර ගනිමින් සීගිරිය මුදුනටම ගෙන යෑමයි. ජලමල්වලටද මෙම ක්රමයම භාවිත කර ඇති අතර එසේ රැගෙන එන ජල උමග ක්‍රමිකව කුඩා කිරීම හරහා පීඩනය වැඩි කර ජලය ඉහළට මලක් ලෙස විදීමට සැලැස්වීම මේ හරහා සිදුවෙයි.
සීගිරියේ කඳු මුදුනේ පිහිටා තිබූ ගොඩනැගිලිවල බිත්ති අතර නිරන්තරව ජලය ගලායන අයුරින් සකසා තිබුණි. ඒ සඳහා ජලය ගෙන ගියේද ඉහත ක්‍රමයටමය. නිරන්තරව ජලය ගලායෑම හරහා නිවස තුළ සිසිලසක් ඇති කිරීමට එකල හෙළ නිර්මාණ ශිල්පීන් උත්සහ දැරුවේය. සීත මාලිගා සංකල්පය මෙන්ම නූතන වායු සමීකරණ පද්ධතිවල ආරම්භයද එය යැයි සිතිය හැකිය.
වර්තමානයේදීද වරින් වර සීගිරියේ ජලමල් ක්‍රියාත්මක වීම සිදුවෙයි. ලංකාවේ සියලූ වැව් ගොඩවී හමාරය. මෙම උමං පද්ධති රොන්මඩවලින් වැසී ගොස් ඇත. එබැවින් මෙම ජල උයන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවීම සිදු නොවෙයි. මෙයට අමතරව වැසි ජලය ගලා එනවිට එම ජලය අධි පීඩනයක් ඇතිවන අයුරින් ක්‍රියාත්මක කරවීම නැතහොත් ගමන් කරවීමට සැලැස්වීම හරහා ක්‍රියාත්මක වන ජල මල්ද එකල නිර්මාණය වී පැවතුණි.
එකල මිනිසුන් වැඩිපුර ගැවසුණු ස්ථානවල ඉදිකෙරුණ මූත්‍රා කිරීමේ ස්ථානයන්ද ජල පෙරුම් තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය වුණි. ඒ හරහා පස විසවීම වළක්වා ගැනීමට වැඩි අවදානයක් යොමුකර ඇති බව පෙනීයයි. විවිධ ගල් පස් හා අගුරු ආදී සංඝටක භාවිත කිරීම හරහා පරිසරයට මූත්‍රා ටිකක් එක්නොකර පිරිසුදු ජලය ලෙස එය එක්කිරීමට වගබලා ගෙන ඇත. වර්තමාන ජලය පිරිසුදු කිරීමේ තාක්ෂණය පැරණි මූත්‍රා පෙරීමේ තාක්ෂණය ඉතා විශිෂ්ටය.
අළුහුණු බඳුනකින් පසු බොරළු බඳුනක් ඉන්පසු වැලි පිරවූ බඳුනක්, යළිත් අළුහුණු බඳුනක් ඉන්පසු බොරළු බඳුනක් ඉන්පසු වැලි පිරවූ බඳුනක් හා අවසානයේ අගුරු පිරවූ මැටි බඳුනක් ලෙසින් මූත්‍ර කිරීමේ ගල යටින් ස්ථර කිහිපයක් පොළොව තුළ සකසා තිබුණි. අවසානයේදී පොළොවට එක් වන්නේ යූරියා සාන්ද්‍රණයක් වෙනුවට පිරිසුදු ජලයයි. මෙය ලොව කිසිම රටක දැකගත නොහැක්කකි. අපේ හෙළයෝ මාතෘ භූමියට එතරම්ම ආදරය කළෝ වූහ.
අනුරාධපුරය, සීගිරිය, මාතලේ, රිටිගල, නාවක්කන්නි, යාපනේ ඖෂධ පොකුණ කුදිරමලේ, කොත්මලේ හා යාල ප්‍රදේශවල අදත් මෙම ගලිසි (භූගත ජල උමං) පිළිබඳ තොරතුරු සජීවීව දැකබලාගත හැකිවෙයි. දෙහිවල ප්‍රදේශයේ පිහිටි ගල්කිස්ස ද එවැනි ගලිස්සක් පිහිටි ස්ථානයක් වීමටද ඉඩ ඇත. එහෙත් මේ පිළිබඳව විදිමත්ව සොයා බැලිය යුතුව ඇත.
පැරණි හෙළ වේළි තාක්ෂණය නැතහොත් බන්දර තාක්ෂණය ගැනද අප ඉදිරියේදී අවබෝධ කර ගැනීමට උත්සහ දරමු. වර්තමානයේදී සිදුවනුයේ වැව් තැනීමක්ද වැනසීමක්ද යන්න ඒ හරහා අපට අවබෝධ කර ගැනීමට හැකිවනු ඇත.පුලතිසි ඍෂිගේ නගරය වූ පොළොන්නරුවද මෙම ජල තාක්ෂණ ක්‍රමවේදය උපරිම ලෙස උපයෝගී කරගත් නගරයකි. පුලතිසි යුගයේදී මෙන්ම පරාක්‍රමබාහු යුගයේදීද මෙම හෙළ වාරි ක්‍රමවේද උපරිම ලෙසින් ක්‍රියාත්මක විය. එයට බලපෑ ප්‍රධාන හේතුව වූයේ පරාක්‍රමබාහු රජුගේ ප්‍රධාන පුරෝහිතයා යක්ඛ ගෝත්රිකයකු වීමත් යක්ඛ ගෝත්‍රිකයන් උපරිම ලෙස පරාක්‍රමබාහු රජුට සහය දැක්වීමත්ය.
පොළොන්නරුව නගරයට ජලය රැගෙන ඒමටද ජල පීඩන තාක්ෂණය භාවිත කර ඇති බව පෙනීයයි. නගරයට පහළ මට්ටමින් වැව පිහිටා තිබියදීත් වැවේ සිට නගරයට එලා ඇති මැටි හා ගල් නළ තුළින් ජලය ගලා ඒමට නම් අනිවාර්යයෙන්ම ජල පීඩනය උපයෝගී කරගත යුතුවෙයි. අනෙක් කරුණ වනුයේ මෙසේ රැගෙන එන ජලය ඉතා ක්‍රමානුකූලව නළ හරහා එක් එක් ගොඩනැගිලි වෙත යොමු කිරීමයි. පිරිසුදු ජලය රැගෙන ඒම මෙන්ම හෙළ ජල තාක්ෂණය තුළ හෙළයා ජල කළමනාකරණයටද මුල්තැන දුන්නේය.
එයට ඇති හොඳම සාක්ෂිය නම් පොළොන්නරුවෙන් හමුවන වැසිකිළිවළවල් තුළ මැටි වළලූ බස්සවා තිබීමයි. එනම් අනෙක් කරුණ වනුයේ හෙළයන් ජලය සඳහා සෑණි වළවල්ද ඉතා ගැඹුරු හා විධිමත් ක්‍රමවේදයකට සකසා ඇති බවද පෙනීයයි. පොළොන්නරුවේ මෙම ජල තාක්ෂණය මතුකරගෙන ඇතත් වැව ගොඩවීම හේතුවෙන් ඒවා ක්‍රියාත්මක නොවෙයි. අනුරාධපුර ඇතුළු නුවරින් සොයාගත් පැරණි නගරය මතු කරගතහොත් මෙයට වඩා බොහෝ සාධක හමුවනු ඇතැයි අපි සිතමු.හෙළ ඉතිහාසයට ඕනෑතරම් සාක්ෂි හා සාධක අප පොළොව තුළම දක්නට ඇත.

















එහෙත් බහුතරයක් වූ උගතුන් සාධක හා සාක්ෂි සොයනුයේ කවුරුන් හෝ ලියන ලද පොතක් තුළිනි. අප ඉතිහාසය ගැන කතාකරන විට මූලාශ්‍ර ග්රන්ථ හෝ සාක්ෂි ඉල්ලා සිටින්නේ එබැවිනි. එහෙත් අපට අපේ හෙළ ඉතිහාසය පිළිගන්නට සුදු ගැත්තන් ලියූ මූලාශ්‍ර ග්රන්ථ අවශ්‍ය නැත. මක්නිසාද අපට කිසිදු විටෙක අපේ පියාගෙන් පුත්රභාවය පිළිගන්නට මූලාශ්‍ර ඉල්ලා සිටින්නට තරම් අවජාතක චින්තනයක් මතුව නැති බැවිනි.
අනිත් අයටත් කියවන්න share කරන්න
උපුටා ගැනීමකි -piyal dissanayake