News

මීලග ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය

ජනතාව සූදානම් නම් තමන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් මිලින්ද රාජපක්ෂ සිය ට්විටර් ගිණුුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

Image result for gotabaya

වියත්මග සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කර ඇති අතර මෙම වසර රටට වැදගත් තීරණාත්මක වසරක් වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ දිනවල දේශපාලන කරලියේ කතා බහ කෙරෙන ප්‍රධානතම කාරණයක් වන්නේ මේ අවුරුද්දේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳවයි.

එහිදී බොහෝ දෙනෙක් සිය අපේක්ෂකයා පිළිබඳව විමසිලිමත් වෙනවා.

ඒ සඳහා දැඩි තරඟයක්ද ඇතිවී ඇති මෙවන් වකවානුවක පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ කාරණාව දැඩි ලෙස ඉස්මතු වන්නේ වර්තමාන ජනාධිපතිවරයාද එම සටනට ප්‍රවිශ්ඨ වී සිටින නිසයි.

මීලග ජනාධිපතිවරට ඉදිරිපත් වීමට සිදුවුවහොත් ඒ සදහා වූ සියළු බාධා ඉවත් කර ගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ඔහුගේ සභාපතීත්වයෙන් ක‍්‍රියාත්මක වන ‘වියත්මග’ වාර්ෂික සුහද හමුවේදීය.

මෙම හමුව පැවැත්වුවේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දින කිහිපයක් තිස්සේ යෙදී සිටි සිය ඇමෙරිකානු සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසුය.

මෙම හමුවට පෙර ගෝටාභය රාජපක්‍ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී ඇති අතර ඔහුගේ ආශිර්වාදයද තමනට හිමි වූ බව ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වැඩි දුරටත් සදහන් කර ඇත.

මීලග ජනාධිපතිවරනයට තමන් තරග වදින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලදහොත් පමණක් යයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මීට පෙර අවස්ථා ගණනාවක සදහන් කර තිබින.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සිය ට්විටර් ගිණුමේ මේ බව සදහන් කර ඇත.

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top