අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය යටතේයි මෙලෙස මිල අඩු කෙරෙන්නේ.
ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2 බැගින් අඩු කෙරෙනවා.
සුපිරි ඩීසල් ලීටරයක මිල අඩු කෙරෙන්නේ රුපියල් 3 කින්.
ඒ අනුව දැනට රුපියල් 125 ක් වන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123 ක් වනු ඇති.
රුපියල් 149 ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් ලීටරයක නව මිල රුපියල් 147 ක්.
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 99 ක්.
එහි පැවති මිල වූයේ රුපියල් 101 ක්.
රුපියල් 121 කට අලෙවි වූ සුපිරි ඩීසල් ලීටරයක් නව මිල සංශෝදනය අනුව රුපියල් 118 කට අලෙවි කෙරෙනු ඇති.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කළේ සෑම මසකම 10 වන දින මිල සමාලෝචනය කිරීම යටතේ මෙවර ද මිල අඩු කළ ද ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
ජනවාරි මස දෙවන සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර අද වන විට බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 59 ද ඉක්මවා ගොස් ඇතැයි අමාත්‍යංශය සඳහන් කළා.
අනිත් අයටත් බලන්න share කරන්න