News

රජය සේවයේ වැටුප් ඉහළට

රජයේ සේවකයින්ගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Image result for රුපියල්

රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500කින් ඉහළ යන අතර ඉහළම නිලධාරියාගේ වැටුප රුපියල් 10,000න් වැඩි වන බවද එම අමාත්‍යාංශය පවසයි.

රජය 2015 වසරේදී රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් ලබා දුන් අතර එම දීමනාව 2016 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ මූලික වැටුපට ගැලපීමටද තීරණය කළේය.

ඒ අනුව එහි පියවරක් ලෙස රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2019 වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2500 – 10,000ක් අතර ප්‍රමාණයකින් වැඩිවීමට නියමිතව තිබිණ.

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ නැංවීමේ අවසන් පියවර 2020 වසරේ ජනවාරි මාසයේ සිදු කෙරෙන අතර එම වසරේදී ද ඔවුන්ගේ මූලික වැටුප රුපියල් තවත් 2500 – 10,000 අතර ප්‍රමාණයක් වැඩි කෙරෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top