News

කෝටියක් වටිනා යන්ත්‍රය කපා අත බේරාගනී

අම්පාර නගරයේ පවත්වාගෙන යන මුද්‍රණ ආයතනයක සේවකයෙකුගේ අතක් එහි යන්ත්‍රයට හිරවිමෙන් අනතුරුව කෝටියක් පමණ යන්ත්‍රය කපා දමා එම සේවකයාගේ අත බේරා ගෙන තිබේ .

පසුගියදා අම්පාර පෞද්ප්‍ගලික මුද්‍රණ ආයතනයක සේවය කරන මුණසිංහ නැමැති අය සේවය කරමින් සිටියදි එක්වරම ඔහුගේ එක් අත මුද්‍රණ යන්ත්‍රයට හසු වී ඇත.

පසුව අයිතිකරු සහ අනෙක් සේවකයින් වහාම එම ස්ථානයට පැමිණ ඔහුගේ අත බේරා ගැනිමට යන්ත්‍රය ආපස්සට කැරකිමට උත්සහ කළ අතර එහි අයිතිකරු වන රූපසිංහ මහතා එයට එකග නොවීය.

එයට හේතුව එසේ කළහොත් මෙම ‍සේවකයාගේ අතට තවත් හානි වන බැවිනි.

පසුව වෑල්ඩින් කරුවන් ගෙන්වා කෝටියකට වඩා වටිනාකමක් ඇති මෙම යන්ත්‍රය කපන ලෙස එහි අයිතිකරු විසින් සේවකයින්ට උපදෙස් දුන් අතර මෙත්තානන්ද මහතා විසින් අම්පාර මහා රෝහලේ සේවය කරන වෛද්‍ය ගයාන් ගාල්ලගේ මහතාට මේ පිලිබදව දැනුම් දි තිබේ.

තම බිරිද සමග ගමනක් යමින් සිටි වෛද්‍ය ගාල්ලගේ මහතා එම ගමන නවත්වා වහාම එම ආයතනයට ගොස් අම්පාර මහා රෝහලේවැඩ බලන වෛද්‍ය අධිකාරී හංස රාමානායක මහතාට මේ පිලිබදව දැනුම් දි අතිරේක වෛද්‍ය කන්ඩායමක් එම් ස්ථානයට ගෙන්වා ගෙන තිබේ.

පසුව වෑල්ඩින් කාර්මිකයින් මැෂිම කපන අතරතුර රෝගියාට ප්‍රථිකාර කරමින් ඔහුගේ ජීවිතය බේරා ගැනිමට වෛද්‍ය ඇතුලු හෙද කාර්යය මණ්ඩලය කටයුතු කලේය.

අති නවින යන්ත්‍රයක් වන මෙම යන්ත්‍රය කැපිටම පැය තුනක කාලයක් පමණ ගිය අතර පසුව රෝගියා වහාම අම්පාර මහා රෝහලට ගෙනියෑමට කටයුතු කලේය.

ඒ වෙන විටත් අම්පාර මහා රෝහලේ ශල්‍ය වෛද්‍යය විශේෂඥ ලෝචන කුමාරගම මහතා ඇතුලු පිරිස ශල්‍යාගාරය සුදානම්ව සිටියේ මෙම රෝගියා අම්පාර මහ රෝහලට ගෙන එනතුරුය.රෝගියා රෝහලට ගෙන යෑමෙන් අනතුරුව ඔහුගේ අත ශල්‍යකර්මයකට භාජනය කර වැඩිදුර ප්‍රථිකාර සදහා මහනුවර මහා රෝහලට යැවිමට කටයුතු කරනු ලැබිය.

දැනට මුණසිංහ නැමැති මෙම සේවකයා මහනුවර මහා රෝහලේ ප්‍රථිකාර කරමින් සිටින් අතර සියලු දෙනාගේ උත්සහයේ ප්‍රථිපලයක් හැටියට එහුගේ අත බේරා ගැනිමට හැකිව තිබේ.

මේ පිළිබදව අදහස් දැක්වු වෛද්‍ය ගයාන් ගාල්ලගේ මහතා

මට මේ පණ්විඩය ලැබුණ ගමන් ගමනක් යමින් හිටියේ ඒක නවත්වල මම මෙතෙන්ට ආවා ඇවිත් බලන කොට බරපතල තත්වයක් දැක්කේ මේ ආයතනයේ අයිතිකරු මෙත්තානන්ද මහතා මැෂිම කපල සේවකයා බේරා ගන්න කැමැත්තෙන් හිටියා.

පසුව මම මේ පිලිබදව අපේ වෛද්‍ය අධිකාරී හංස රාමනායක මහතාට දැනුම් දීලා අතිරේක වෛද්‍ය කණ්ඩායමක් ඉක්මනින් ගෙන්වා ගත්තා මම මැෂින් එකේ කෑලි කපන්න උපදෙස් දෙන අතරතුර වෛද්‍ය ප්‍රමිත ක්‍රිෂාන් තිලකරත්න මහතා ඇතුලු වෛද්‍ය කණ්ඩායම රොගියාට ප්‍රථිකාර ලබා දුන්නා.

මේ වැඩේ පහසු එකක් උනේ නැහැ නමුත් අපි සාර්ථකව මැෂිමට අහුඋන කෙනාගේ අත නොකපා බේරා ගන්න උත්සහය සාර්ථක උනා.මෙතනදි මැෂිම ආපස්සට කැරකුවා නම් ඒ මොහතේම අත ගන්න තිබුන නමුත් තම සේවකයාගේ අතට හානි වෙන නිසා කෝටි ගනනක් වටින මෙම මැෂිම කපන්න මෙත්තානන්ද රූපසිංහ නැමැති අයිතිකරු කැමැත්ත දීම නිසා මේ තත්වයෙන් රෝගියාව බේරා ගන්න හැකි වුණා.ඔහුගේ මානුෂික හැගිම පිලිබදව අපි ස්තුතිවන්ත වෙන්න ඔනි.

අයිතිකරු මෙත්තානන්ද රූපසිංහ මහතා

මෙම සිදුවිම උන අවස්ථාවේ මමත් ආයතනය තුළ හිටියා කෑ ගහන ශබ්දයට මමත් එතැනට දුවගෙන ගියා යනකොට මුණසිංහ ගේ අත මැෂිමේ හිරවෙලා එතකොට මැෂින් නැවැත්තුවා ඔහු කිව්වා මැෂින් එක රිවස් කරන්න කියලා මම එහෙම කරන්න ඉඩ දුන්නේ නැහැ මෙයාගේ අත විනාශ වෙන නිසා පසුව අපි මැෂිම කපන්න තීරණය කරා එ අවස්ථාවේම වෑල්ඩින් කාර්මික ශිල්පීන්ට එන්න කිව්වා .

ඒ අතර තුර අම්පාර මහ රෝහලේ වෛද්‍ය ගායාන් ගාල්ලගේ මහත්තයාට මම කථා කරා ඒ ගමන්ම මේ ස්ථානයට ආවා කෙටි වේලාවකදි වෛදවරැන් හෙදියන් ඇතුලු ගිලන් රථයක් ආවා ඇවිත් ලෙඩගේ ජීවිතය බේරගන්න උදව් කරා මට අවශ්‍යතාවය තිබුනේ මැෂිම බේරගන්න නෙවෙයි. මගේ සේවකයා බේර ගන්න පැය දෙකක උත්සහයෙන් පස්සේ රෝගියා ගේ අත එළියට අරගෙන රෝහලට අරන් ගියා.

මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අම්පාර මහ රෝහලේ ගයාන් ගල්ලගේ මහතා ඇතුලු කාර්යය මණ්ඩලයට කරපු මෙහය පිළිබදව දැනට රෝගියා මහනුවර මහ රෝහලේ ප්‍රථිකාර ලබනවා. මම ලංකාවේ ඉන්න වෛද්‍යවරුන්ගෙන් කාරැණික ඉල්ලිමක් කරනවා මේ රෝගියා ගැන බලල ඒයාගේ අත නොකපා බේර ගන්න උදව් කරන්න ඒ වෙනුවෙන් මම ඕනෑම උපකාරයක් කරනවා.

වෛද්‍ය ගයාන් ගාල්ලගේ මහතා

වෛද්‍ය ප්‍රමිත ක්‍රිෂාන් තිලකරත්න මහතා

අයිතිකරු මෙත්තානන්ද රූපසිංහ මහතා

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top