ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික තත්ත්වය පිළිබඳව පරික්ෂා කිරීමේ නඩු කටයුත්තක් අරඹන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරිණි.

සඳුදා (ජනවාරි 07) අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ අභියාචනාධිකරණය, පෙත්සම ගොනු කළ පෙත්සම්කාරිය විසින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් රජය වෙත ගෙවිය යුතු බවට ද නියම කළේය.
කොළඹ -12 ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නමැති කාන්තාවක විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුණ ඔබේසේකර යන යන විනිසුරු මඩුල්ල හමුවේ සඳුදා සිදුකෙරිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විරෝධතා මතු කරමින් සඳහන් කළේ, පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයට බලයක් නොමැති බවය.
අනිත් අයටත් බලන්න share කරන්න