News

ඇමති ගෝලයන්ගෙන් ත්‍රිපෝෂ වලට වස !

ඇමති ගෝලයන්ගෙන්
ත්‍රිපෝෂ වලට වස !

Image may contain: 4 people, people smiling

දරුවන්ට සහ ගර්භණී කාන්තාවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සදහා භාවිතා කරන ප්‍රමිතියෙන් තොර, ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි තොග නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණය වේ.

Image result for ත්‍රිපෝෂ

Image result for ත්‍රිපෝෂ

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ සමීපතමයකු විසින් පවත්වාගෙන යන එස්.බී.එම්. ලංකා ට්‍රේඩින් සමාගම මගින් පසුගිය මැයි මාසයේ සිට මේ තොග ගෙන්වීම ආරම්භ කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව මේ වන විට මෙම ශරීරයට අහිතකර සෝයා බෝංචි කන්ටේනර් පෙට්ටි 55 ක් ගෙන්වා තිබේ.

එයින් පෙට්ටි 40 ක් ව්‍යාජ රබර් මුද්‍රා යොදා පිටතට ගෙන ගොස් ඇත. මෙසේ නීතිවිරෝධී ලෙස නිදහස් කරගෙන ඇති සෝයා බෝංචි තොගයේ වටිනාකම රුපියල් කෝටි 11 කට ආසන්න ය. මෙයින් රුපියල් කෝටි 4 කට ආසන්න බදු ආදායමක් රේගුවට අහිමි වී තිබේ.

මෙරට ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා යොදාගත හැක්කේ මෙරට නිෂ්පාදිත සෝයා බෝංචි තොග පමණි. ඒවාටද යෙදිය හැකි රසායන ද්‍රව්‍ය සීමා කර ඇත. මෙරට සෝයා බෝංචි අස්වැන්න අඩු වුවහොත් පමණක් විදේශ රටකින් අනුමැතිය ලබා දෙන තොගයක් අණ ගෙන්විය හැකිය.

එහෙත් එම තොගයේ ජාන වෙනස් කර නැති බවත්, ඊට යොදා ඇති රසායන ද්‍රව්‍ය පිළිබදවත් අදාළ තොගය ගෙන්වන රටින් විශේෂ සහතිකයක් ලබාගත යුතුය. නීතිවිරෝධී ලෙස ගෙන්වා ඇති මෙම සෝයා බෝංචි තොග වලට එම සහතික කිසිවක් නැත. එසේ තිබියදී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා විසින් ලිඛිතව රේගුවෙන් ඉල්ලා ඇත්තේ මෙම නීතිවිරෝධී සෝයා බෝංචි තොග නිදහස් කරන ලෙසය.

සෝයා බෝංචි තොග මෙරටට ගෙන්වීම සදහා එක් ආනයනකරුවකු පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති අතර, එම ආනයනකරුටද සෝයා බෝංචි ගෙන්විය හැක්කේ සෝයා තෙල් නිෂ්පාදනයට පමණි. මෙරට විකිණීමට හෝ වගා කිරීමට සෝයා බෝංචි ගෙන්වීම සපුරා තහනම් ය.

එසේ තිබියදී අදාළ නීතිවිරෝධී සෝයා බෝංචි තොග ඉන්දියාවෙන් සහ මොසැම්බික් රාජ්‍යයෙන් ගෙන්වා ඇති අතර, මොසැම්බික් රාජ්‍යයෙන් ගෙන්වා ඇති එක තොගයක ඉන්වොයිසියේ පැහැදිලිව සදහන් කර ඇත්තේ බීජ ලෙස ය.

මේ තොගය ගෙන්වා ඇති සමාගමේ ලිපිනය වන්නේ 166/2 G, ඇල්විටිගල මාවත, කොළඹ 08 ය. එහෙත් මේ ලිපිනයේ එවැනි සමාගමක් නැත. සමාගමේ දුරකතන අංකය ලෙස සදහන් වන 0114 721020 අමතා මේ පිළිබද විමසීමට උත්සාහ කළද, එම අංකයට කිසිවකු පිළිතුරු දුන්නේ නැත.

වසරේ අවසාන කාලයේදී මෙරට සෝයා බෝංචි අස්වනු නෙළීම සිදු වේ. එම නිසා සාමාන්‍යයෙන් මේ කාලයේදී කිසිදු හේතුවක් මත සෝයා බෝංචි ආනයනය කිරීමට ඉඩ නොදෙන බව මේ පිළිබදව කළ විමසීමකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මේ වන විට නීතිවිරෝධී ලෙස ගෙන්වූ තවත් සෝයා බෝංචි කන්ටේනර් පෙට්ටි 15 ක් රේගුවේ රදවා ඇති අතර, එම තොග නිදහස් කරගැනීම සදහා ආණ්ඩුවේ ඉහළම පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බවත්, මේ නීතිවිරෝධී තොග වලට අදාළ විමර්ශන නතර කරන ලෙස තර්ජන එල්ල වෙමින් පවතින බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම ලංකා

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top