News

නාමල් කුමාර හමුදාවෙන් පළාගිය අයෙක් – රහස් පොලිසිය දැනුම් දෙයි

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාවට සහ නාවික හමුදාවට බැඳී ඉන් පළා කියන පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Image result for NAMAL KUMARA

නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාවට සහ නාවික හමුදාවට බැඳෙද්දී ලබා දී ඇති සාමාන්‍ය පෙළ සහතිකයේ විභාගය සමත් බව සඳහන් වුවද ඔහුගේ නියම සහතික පිරික්සද්දි විෂයන් හතක් අසමත් වී විෂයන් තුනක් පමණක් සමත්වූවකු බව පෙනී ගිය බව ද රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අද ප්‍රකාශ කළේය.

ව්‍යාජ සහතික ලබා දී යුද හමුදාවට සහ නාවික හමුදාවට එක්වීම ගැනත්, හමුදාවෙන් පලායෑම ගැනත් විමර්ශන බවත් බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අනිත් යාළුවන්ටත් බලන්න SHARE  කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top