gossip

තාත්තා කෙනෙක් උනාම ඔබගේ සැමියා දක්වන වෙනස්කම් 6 ක්

විවාහයෙන් පස්සේ හැමෝගෙම හීනේ තමයි පුංචි දරු පැටියෙක් ලබාගන්න එක. දරුවෙක් කියන්නේ ඔබගේ පවුලේ සතුට දෙගුණ තෙගුණ කරන අමුත්තෙක්. ඔබ දන්නවාද ඔහු තාත්තා කෙනෙක් උනාම පෙරට වඩා ඔහුගේ වෙනස් ගති ලක්ෂණ දක්නට ලැබේවි. ඔබ මවිත කරවන ඔහුගේ වෙනස්ම ගති ලක්ෂණ ගැන තමයි අද අපි කියන්නේ

Related image

01. ඔබගේ ශරීරයේ ඉරිතැලීම් සුන්දරව පෙනේවි.

ඔබ අම්මා කෙනෙක් වෙන්න කලින් ඔබගේ ශරිරයේ සුන්දරත්වය ගැන ඔහු නිරන්තරයෙන් වඳ වෙන්න ඇති. ’’දැන් ඔයා මහතයි’’, ‘’එන්න එන්නම කතා වෙනවා’’, ’’පොඩ්ඩක් පිළිවෙලට ඉන්නකෝ ‘’ මේ වගේ නිතරම ඔබගේ රුපයේ අඩු පාඩු ඔහු හොයනවා නේද? නමුත්, ඔබ මවක් බවට පත් වූ විට ඔබගේ ශරීරයේ ඇති ඉරි තැලීම් ගැන ඔබ වඳ වුනාට ඔහු ඒ සම්බන්දයෙන් කරදරවෙන්නේ නෑ. ඔහුට ඔබ ගැන තියෙන්නේ ඇත්තටම ගෞරවයක්. ඔබගේ රූපය ඒ නිසා ඔහුට නිරන්තරයෙන්ම ලස්සනයි.

02. ඔබගේ ආහාර ගැන ඕනවට වඩා ඔහු උනන්දු වෙයි.

ඔහු ඔබගේ ආහාර ගැන පෙරත් වඳ වෙන්න ඇති. නමුත් පෙර කිසි දවසක ඔබ ගැන ඔහු වඳ නොවුන ආකාරයෙන් ඔබ ගැන ඔහු සිතන්නට පටන් ගනීවි. නිතර ඔබ කන්න කැමති දේවල්, ඔබට පෝෂණය ගෙනෙන දේවල් ගැන ඔහු නිතරම සිතයි. දරුවා හම්බ වුනාට පස්සේ ඔහු පෙරටත් වඩා ඔබ ගැන සිතයි. ඔබ දරුවාව පෝෂණය කරන නිසා ඔබගේ පෝෂණය ගැන නිරන්තරයෙන් ඔහු සිතයි.

03. ඔහු හරි බොළඳයි.

ඔබගේ සැමියා තාත්තා කෙනෙක් බවට පත් වෙද්දී ටිකක් විතර බොළඳ ගතියක් පෙන්නුම් කරයි. නිතර ඔබව හා දරුවා ලැබුණු පසුව දරුවාවවත් අමුතු විදිහට හුරතල් කරයි. ඇත්තටම ඔහු පොඩි දරුවෙක් වගේ හැසිරෙන්න පටන් ගනීවි. දරුවා සමඟ අමුතු විදිහට කියවන්න, හුරතල් වෙන්න, ඔහු ගොඩක් ආස වේවි. මෙය ඔබට අපුරු අද්දැකීමක් වෙයි මොකද ඔහුගේ මේ වෙනස ඔබ මින් පෙර දැකලා නැති වෙන්න පුළුවන්.

04. ඔබව විවේකයෙන් තැබීමට උත්සහ කරයි

ඔබ මවක් වූ විට ඔහු සැමවිටම ඔබව විවේකයෙන් තැබීමට උත්සහ කරයි. ඔහු නිවසේ වැඩ කලින් නොකලත් තාත්තා කෙනෙක් උනාට පස්සේ නිවසේ උයන පිහින වැඩ, රෙදි සෝදන වැඩ මේ හැමදේම ඔහු විසින් සිදුකරන්නේ ඉතාමත්ම කැමැත්තෙන්.

05. ඔහුගේ ශරීරය ගැන වඩාත් අවධානය යොමු කරයි

ඔබට පුදුම හිතෙයි ඔබගේ සැමියාගේ මෙම හැසිරීම ගැන. පෙරට වැඩ දැන් ඔහු ඔහුගේ ශරීරය ගැන ඕනවට වැඩ හිතන්න පටන් ගනීවි. නියපොතු පිළිවෙලට කපන්න, රැව්ල කපන්න, ඔෆිස් ගිහින් ආව ගමන් වොෂ් එකක් දාගන්න ඔහු අමතක කරන එකක් නෑ. මොකද දැන් ඔහුට පොඩ්ඩාව හුරතල් කරන එක තමයි වඩාත්ම වැදගත් දේ.

06. ඔහුට දැන් අලුත් යාලුවෝ ඉදිවී.

ඔබගේ සැමියා ඔහු තාත්තෙක් බවට පත් උණාම කලින් හිටපු යාලුවොන්ට වඩා වෙනස් යාලුවෝ ඇති කරගන්නට ඔහු උත්සහ කරනවා. ඒ කියන්නේ ඔහු වගේම තාත්තලා එයාගේ යාලුවෝ කරගන්න තමයි එයා වැඩිපුර කැමැත්තක් දක්වන්නේ. එතකොට ඉතිං එයාලගෙනුත් එයාට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවනේ.

අනිත් අයටත් කියවන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top