gossip

බොරු කරන පෙම්වතෙකු හා පෙම්වතියකු හදුනා ගන්නේ මෙන්න මෙහෙමයි

බොරුකාර පෙම්වතෙකු ලබන ඕනෑම යුවතියකට අවසානයේ ඉතිරි වන්නේ විරහ වේදනාවක් පමණයි. මේ නිසා පෙම්වතෙක් ලෙස යමෙකු තෝරා ගන්නා විට එය පරිස්සමින් කරන්න හැම යුවතියක්ම කටයුතු කල යුතුයි. බොරුකාර පෙම්වතෙකුව ටික කාලයක් ආශ්‍රය කරනකොට පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ඉදිරිපත් කරන්නේ බොරුකාර පෙම්වතෙකු හඳුනා ගත හැකි ලක්ෂණ ගැන ලියවුනු ලිපියකුයි.

1 පෙම්වතියට පෙම්වතාගේ රැකවරණය අවශ්‍ය වෙලාවල් වලදී පෙම්වතා මඟ හරිනවා

හොඳ පෙම්වතෙක් නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ පෙම්වතියව ආරක්ෂා කරන්න. ඇය අපහසුතාවයකට පත් වෙනවා නම්, පෙම්වතා ඇයට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ බොහොම කැමැත්තෙන්. හැබැයි බොරුකාර පෙම්වතෙක් එහෙම නැහැ. පෙම්වතිය වෙනුවෙන් කැපවීමක් කරනවා කියන එක ඔහුට දැනෙන්නේ කරදරයක් විදිහටයි. ඉතින් පෙම්වතියට ඔහුගෙන් යම් උපකාරයක් අවශ්‍ය මොහොතක ඔහු ඉතා උපක්‍රමශීලිව ඇයව මඟ හරිනවා.

2 පෙම්වතා පෙම්වතියව හමු වන්න එන්නේ ඔහුට අවශ්‍ය වෙලාවේදී විතරයි

පෙම්වතියට ඕනේ වෙලාවල් වලදී මේ පෙම්වතුන් මිසින්ග්. එයාලා තමන්ගේ පෙම්වතියව මුණ ගැහෙන්න එන්නේ එයාලගේ හැම වැඩක්ම ඉවර වුනාට පස්සෙයි. ඒ වගේ පෙම්වතුන්ගේ ජිවිතයේ මුල් තැන තමන්ගේ පෙම්වතිය නෙවෙයි. මේ වගේ පෙම්වතුන්ට තමන්ට පෙම්වතියක් ඉන්නවා කියලවත් මතක් වෙන්නේ යාළුවො එක්ක හැම තැනම ඇවිදලා, ඔෆිස් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා, ලැප් එකේ තියෙන ෆිල්ම් ටික බලලා ඉවර වෙලා, ඔන්ලයින් ගේම් ගහලා ඉවර වුනාටත් පස්සෙයි.

3 පෙම්වතියව තමන්ගේ මිතුරන්ට සහ පවුලේ සාමාජිකයන්ට හඳුන්වා දීමෙන් වැලකි සිටිනවා

ඇයි ඉතින් බොරුකාර පෙම්වතුන්ට තමන්ගේ පෙම්වතියව විවාහ කර ගැනීමේ අදහසක් නෑනේ. ඔවුන් පෙම්වතියව ආශ්‍රය කරන්නේ කාලය ගෙවා ගන්න විතරයි. ඒ නිසා මෙවැනි පෙම්වතුන් උත්සාහ කරන්නේ තමන්ගේ පෙම්වතියව හැම දෙනාගෙන්ම සඟවලා තියා ගන්න. මොකද එතකොට යම් දවසක ඔහුට පහසුවෙන්ම තමන්ගේ පෙම්වතියව අත් ඇරලා දාන්න පුළුවන් නිසයි.

4 අනාගතය ගැන කතා බහක් නෑ

තමන්ගේ පෙම්වතියව විවාහ කර ගන්න අදහසක් නැති කෙනෙක් කොහොමද දෙන්නගේ අනාගතේ ගැන කතා කරන්නේ? කවදාවත් ඔහුගේ කටින් විවාහය ගැන, දෙන්නට ඉන්න ගෙයක් හදන එක ගැන, හදන දරුවෝ ගැන කතාවක් නම් පිට වෙන්නේ නැහැ. පෙම්වතිය ඒ ගැන කතා කරන්න ගියත් ඔහු මඟ හරිනවා. සමහර විට තරහ අරගෙන “ඕවා පස්සේ කතා කරන්න බැරියැ” කියලා කියාවි.

5 ඔහු මෙසේජ් එවන්න හොරයි

ඔහු ඉන්නවා කියලා පෙම්වතියට මතක් කරන්න ඕනේ නිසාවට ඔහු දවසට මෙසේජ් එකක්, දෙකක් විතරක් එවලා නිකන් ඉන්නවා. ඊට පස්සේ පෙම්වතිය එවන මෙසේජ් හරියට බලන්නේවත්, ඒවාට උත්තර යවන්න උනන්දු වෙන්නෙවත් නැහැ. ඒත් ඇත්තටම ආදරය කරන පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියව නොසලකා හරින්නේ නැහැනේ. පෙම්වතියක් ගමනක් බිමනක් ගියාම ඇය පරිස්සමින් ඉන්නවද කියලා හොයන්නවත්, ලෙඩක් හැදුනම ඒ ගැන විමසන්නවත් මේ වගේ පෙම්වතුන්ට උවමනාවක් ඇති වෙන්නේ නැහැ.

6 ඔහු ඇයට ආදරයෙන් සලකන්නේ ඇයව හමු වෙන වෙලාවේදී විතරයි

ඔහුට ඇය ගැන ඇත්තේ ලිංගික ආකර්ෂණයක් පමණක් නම්, ඔහු ඇය හමු වුන විටදී ඇය වෙත බොරු ආදරයක් පෙන්වන්න උත්සාහ කරනවා. හමු නොවෙන දවස් වලදී පෙම්වතිය ඉන්නවද මැරිලද කියලා හොයන්නේ නැති ඔහු, ඇයව හමු වුනාම නම් රඟපාන්නේ ලෝකයේ හොඳම පෙම්වතා විදිහටයි.

7 පොරොන්දු ඉෂ්ඨ කරන්න අමතක වෙනවා

මේ වගේ පෙම්වතුන් දෙන පොරොන්දු ඔහුටම ඊළඟ මොහොතේ අමතකයි. මොකද ඔහු පොරොන්දු ලබා දෙන්නේ ඇත්තටම නෙවෙයි. ගොඩක් වෙලාවට ඔහු පොරොන්දු ලබා දෙන්නේ පෙම්වතියගෙන් ලිංගික අල්ලසක් ලබා ගැනීමට, මුදල් ලබා ගැනීමට වැනි කටයුත්තක් සඳහායි. ඉතින් ඔහුට එතනින් එහාට ඔහු දීපු පොරොන්දු මතක හිටින්නේ නැහැ.

8 ඔහුට ප්‍රේමය නිමා කරන්න ඕනේ වෙන කාලෙට ඔහු පෙම්වතියට දරුණු ලෙස වෙනස්කම් කිරීමට පටන් ගන්නවා

මේ වගේ පෙම්වතුන් දන්නවා ලේසියෙන්ම ප්‍රේමය නිමා කරන ක්‍රමයක්. ඒ තමයි පෙම්වතියට තමාව එපා වන සේ හැසිරිලා, පෙම්වතියව තමා විසින්ම ප්‍රේමය නිමා කරන තැනට ගෙන ඒම. ඉතින් ඔහුට අවශ්‍ය කාලේදී ඔහු පෙම්වතියගේ නැති වැරදි හොයන්න, බැන වදින්න සහ අපහාස කරන්න පටන් ගන්නවා.

බොරු කරන පෙම්වතියක් කලින්ම හඳුනා ගන්න ලක්ෂණ ——-

විරහව නිසා දුක් විඳින පෙම්වතුන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් පවසන්නේ පෙම්වතිය ඔවුන්ව හැර යන තුරු, ඔවුන්ට ඇය බොරුවක් කරන බව නොහැඟුණු බවයි. ඇත්තටම බොරු කරන පෙම්වතියක්ව කලින් හඳුනා ගන්නම බැරිද? හොඳින් විමසිලිමත්ව ඇගේ හැසිරීම් රටාව දෙස බලනවා නම්, ඔබට ඇගේ ආදරය බොරුවක්ද, ඇත්තක්ද යන්න සොයා ගත හැකියි. ඉතින් දැන් අපි කතා කරන්නේ බොරු කරන පෙම්වතියක්ව කලින්ම හඳුනා ගත හැකි ක්‍රම කීපයක් ගැන කතා කරන්න

1 ඔබ ගැන හිතන්නේ හරිම අඩුවෙන්

අපි හැමෝම අපි කැමති දේට මුල් තැන ලබා දෙනවා. නමුත් ආදරය කරන්නට පටන් ගත් විට සහකරුගේ කැමැත්තටත් අවස්තාව ලබා දෙනවා. බොරු කරන පෙම්වතියක් නම් ආදරය කළත් මුල් තැන ලබා දෙන්නේ ඇගේ කැමැත්තට පමණයි. ඔබේ කැමැත්ත කුමක් වුවත්, එය නොසලකා හැර ඇගේ කැමැත්ත ඉටු කර ගන්න ඇය උපක්‍රමශීලි වෙනවා.

2 පුරුද්දකට බොරු කියනවා

සාමාන්‍යයෙන් පෙම්වතියක් තමන්ගේ පෙම්වතාට බොරුවක් කියන්නේ නොකියම බැරි අවස්තාවකදියි. නමුත් බොරු කරන පෙම්වතියකට තමන්ගේ පෙම්වතාට බොරු කියනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. ඇය පහසුවෙන්ම කටට එන බොරු කියනවා. ඇයට ඒ ගැන කිසිදු වරදකාරී හැඟීමක් ඇති වන්නේ නැහැ.

3 පහසුවෙන් පොරොන්දු කඩ කරනවා

පොරොන්දු කඩ කරනවා කියන එකත් බොරු කරන පෙම්වතියකට ඉතා පහසුයි. ගොඩක් වෙලාවට වෙන්නේ ඇයට තමා දුන් පොරොන්දු පිළිබඳව අමතක වීමයි. එයට හේතුව වන්නේ ඇය පොරොන්දු දෙන්නේ උවමනාවකින් තොරව වීමයි. මුලදී ඇය ඔබට හරිමි මිහිරි පොරොන්දු දහසක් ලබා දුන්නත්, පසුව ඒවා අමතක කර දමනවා.

4 මුලදී ඔබට පෙන්වූ ගතිගුණ වලට වඩා ඇගේ සැබෑ ගතිගුණ වෙනස්

මෙය කාලයත් සමඟ ඔබටම හැඟෙනවා. මුලදී ඇය ඔබට පෙන්වූ ගතිගුණ ඉතා මිහිරියි. නමුත් කාලයත් සමඟ ඇගේ හැසිරීම, කතා බහ, භාවිතා කරන වචන නපුරුයි. ඉතින් ඒ වගේ වෙනස් ගතිගුණ පසුව පෙන්නුම් කරනවා නම් ඇය පසුව ඔබව හැරදා යා හැකි බව ඔබට අවබෝධ කර ගන්න පුළුවන්.

5 පලිගන්න කැමතියි

ඔබට ඇත්තටම ආදරය කරන පෙම්වතියක් ඔබෙන් පළිගන්නේ නැහැ. ඔබේ වැරදි අඩුපාඩු ඇය ඇගේ ආදරය නිසා නොසලකා හරිනවා. නමුත් බොරු කරන පෙම්වතියක් එසේ නැහැ. ඔබෙන් සිදු වූ අඩුපාඩු මතක තබාගෙන, ඇය ඔබට රිදවමින්, එකට එක කරනවා. ඔබ එක් දිනක් ප්‍රමාද වුවොත්, ඇය ඊළඟ දිනයේ හිතා මතාම ප්‍රමාද වෙනවා.

6 ඇයට විකල්ප සිටිනවා

ඇයට විශේෂිත වූ පිරිමි මිතුරන් සිටිනවා. ඒ මිතුරුකම් මිතුරුකමටත්, ආදරයටත් මැද ස්ථානයක පවතින්නක්. ඇය ඔවුන් හා කිට්ටුවෙන් සිටින්නේ, ඔබ දෙදෙනාගේ සබඳතාවයට යම් හානියක් වුවොත් වහා අනෙකා වෙත මාරු වීමට විය හැකියි.

7 චරිත දෙකකින් යුක්තයි

බොරු කරන පෙම්වතිය නපුරු විදිහට හැසිරෙන්නේ ඔබ ඉදිරියේ පමණයි. ඔබේ මිතුරන්, දෙමව්පියන් ඉදිරියේ ඇය ඔබට ඉතා ආදරයෙන් සලකනවා. නමුත් ඔවුන් නොමැති අවස්ථාවල ඇය ඉක්මනින් වෙනස් වෙනවා. ඇය එසේ කිරීමට විශේෂ හේතුවක් තිබෙනවා. ඒ යම් දවසක ඔබව හැර ගියොත්, සමාජයෙන් ඇයට බැනුම් ඇසීම වලක්වා ගැනීමටයි.

8 ඇය ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඉහලම දේවල්

ඇය කවදාවත් කැමති වෙන්නේ නැහැ ඔබ එක්ක ගිහින් පුංචි කඩේකින් කෑම වේලක් ගන්න. ඇයට ඕනේ ඔබ එක්ක ඉහළ ගණයේ පිළිගැනීමක් ඇති ආපනශාලා වලට ගිහින් ආහාර ගන්නයි. ඇයට ඔබෙන් අවශ්‍ය මිල අධික ත්‍යාගයන් විතරයි. පුංචි තෑග්ගක් දුන්නොත් ඇය එයට කැමති වන්නේ නැහැ. ඔබ ළඟ මුදල් තියෙනවාද, නැද්ද කියන එක ඇයට අදාළ නැහැ. ඔබ ළඟ මුදල් නොමැති බව කිව්වොත් ඇය ඒ බව තේරුම් ගන්නේ නැහැ. ඒ වගේ අවස්තාවක ඇය ඔබ සමඟ කෝප ගන්නවා.

9 ඇය ඔබේ වැරදි පුරුදු නැවත්වීමට උනන්දු වන්නේ නැහැ

පෙම්වතියකට ඇගේ පෙම්වතා සමඟ විවාහ වීමේ අදහසක් නැති නම්, ඔහුගේ වැරදි පුරුදු ගැන ඇය කරදර වන්නේ නැහැ. ඔහු අධික ලෙස මුදල් නාස්ති කළත්, මත්ද්‍රව්‍ය භාවිතා කළත්, ඔහු තමාගේ දෙමව්පියන්ට නොසලකා හැරියත් පෙම්වතිය ඒ ගැන කරදර වෙන්නේ නැහැ. පෙම්වතියකට තමාගේ පෙම්වතාව නිවැරදි පුද්ගලයෙකු බවට පත් කරන්නට අවශ්‍ය වන්නේ ඔහු කවදා හෝ තමාගේ සැමියා වෙනවා නම් පමණයි.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top