හිටපු අගමැති රනිල් අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දී දිනක් ගතවන මේ මොහොතේ දෙපිලම අතර තවමත් බල අරගලය වෙනුවෙන් විවිධ දේ සිදුවෙමින් පවතිනවා
රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂාව හා වාහන ඉවත් කරන ලෙස ජනපති මෛත්රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව මංගල සමරවීර මහතා පවසයි. ඒ පිළිබඳව ජනපතිවරයා ගැන ලැජ්ජා වන බව මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වෙයි.

මේ අතර නව අගමැකි ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට චීන මහජන සමූහාන්ඩුවේ සුබ පැතුම් එක් කර තිබේ. කොළඹ සිටින චීන තානාපති සී යුආන් මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ සුබ පැතුම් සමග මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසිනි.
මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙසේ සුබ පැතුම් එක් කරනු ලැබීය.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.



යාළුවන්ටත් බලන්න share කරන්න