මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීමත් සමග යහපාලන ආණ්ඩුව අවසන් විය.නමුත් තවමත් රනිල් වික්රමසිංහ මහතා තමන්ට බහුතර බලය ඇති බව ප්රකාශ කර තිබේ.
වහාම ක්රියාක්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.

එසේම තවත් අත්යවශ්ය භාණ්ඩ ගණනාවක මිල පහල හෙලන්නැයිද ජනාධිපතිවරයා මුදල් අමාත්යංශ නිලධාරීන්ට හා මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ අතර මෑතකදී හදුන්වා දෙන ලද ඉන්ධන මිල සුත්රය නව රජය යටතේ අහෝසි කරන බව පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා මාධ්ය අමතමින් සදහන් කලේය.
මේ අතර වැඩබලන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නියමය පරිදි, අමාත්ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව වහාම ක්රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.
ජනාධිපති මාධ්ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
යාළුවන්ටත් බලන්න share කරන්න