ඓතිහාසික පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජජාලයට මුදා හැරි තරුණයන්ගෙන්, දෙදෙනෙකුගේ අනන්‍යතාවය පුරාවිද්‍යා නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව පොලිසිය සමඟ එක්ව ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය කලාප භාර අධ්‍යක්ෂ ජී. නීලප්‍රේම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර අදාළ සිදුවීමට අදාළ ඡායාරූප අන්තර්ජාලයට මුදාහල පුද්ගලයන් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පිදුරංගල රජමහා විහාරයේ දායක සභාව විසින් ද, සීගිරිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත සහ පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම ඡායාරූපයන්ට පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළා.
පිදුරංගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය දානියාගම ආනන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ දිනට යෙදී තිබුණු පොහෝ දිනයේදී පැමිණි තරුණ කණ්ඩායමක් මෙම අඩ නිරුවත් ජායාරූප ගෙන ෆේස්බුක් සමාජජාලයට මුදා හැර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
සීගිරිය දෙසට මුහුණ ලා ඔවුන් මෙම ජායාරූප ලබාගෙන තිබූ බවට අද උදෑසන හිරු ප්‍රවෘත්ති මගින් මුල්වරට අනාවරණ කළා.
පිදුරංගල සැලකෙන්නේ සීගිරිය බලකොටුවක්ව පැවති සමයේ එහි සිටි රහතුන් වහන්සේලාට වැඩ සිටීම සඳහා ආරාම කරවා සීගිරි කාශ්‍යප රජතුමන් විසින් පූජා කර ඇති බවටයි.
කෙසේ වෙතත් ඉදිරියේදී මෙවැනි සිද්ධින් යලි ඇති නොවීමට පියවර ගත යුතු බවයි පිදුරංගල රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දානියාගම ආනන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා තමන් වෙත කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂවරයා අද දිනයේ පිදුරංගල රජමහා විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතයි.
රහතුන් වහන්සේලා වැඩ සිටි පූජා භූමියක ගෞරවය කෙළෙසමින් පිදුරංගලදී විනෝදයට නිරුවත් ඡායාරූපවලට පෙනී සිට පසුව ඒවා අන්තර්ජාලයේ හුවමාරු කරගත් තරුණ කණ්ඩායම මේ වනවිට හඳුනාගෙන තිබේ. ඔවුන් කුරුණෑගල පදිංචි
කරුවන් පිරිසක් වන අතර
මලියදේව විද්‍යාලයෙන් මෑතකදී අධ්‍යාපනය අවසන් කළ පිරිසක් බවට තොරතුරු හෙළිව තිබේ.
එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරිය ෆේස් බුක් ගිණුම් කිහිපයක්ද මේ වනවිට ප්‍රසිද්ධවී තිබේ.
ඒ අය අතුරින් දීමන්ත සපුමල් නමැති තරුණයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තමන් කළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇත.
ඒ අතරම ඔහු පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම කණ්ඩායමට අදාළ නැති සංස්කරණය කළ වැරදි ඡායාරූපද මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරණ බවත් ඒ කෙසේ වෙතත් තමන් කළේ වරදක් බව පිළිගන්නා බවත්ය.මෙම සිද්ධිය නිසා පාසල් නාමයට හානි කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා ඇත.
එම සටහන පහතින්,
“මුලින්ම මම ශ්‍රී ලංකික සෑම බෞද්ධයෙක් ගෙන්ම සමාව අයැද සිටිනවා. මගේ අතින් මේ උනේ නොකළයුක්තක් බව මට දැන් තේරෙනවා. ඒත් දැන් පරක්කු වැඩියි කියල මම දන්නවා.ෆොටෝ එක එඩිට් කරලා උනාට ඒකත් වැරැද්දක් බව මට දැන් තේරෙනවා. මම ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.මාත් මගේ යාළුවත් මේ සිද්ධිය නිසා මුළු ජීවිත කාලයම වන්දි ගෙවයි. එක තමා වෙන්න ඕන දේ කියලත් මම දන්නවා.
මම නිසා මගේ පාසල් මෑණියන්ට සිදුවුන දේ ගැනත් මම මගේ මුළු ජීවිත කාලයම වන්දි ගෙවයි. ඒත් මම මගේ පාසලට බැනපු හෑමෝටම කියන්න කැමති මගේ පාසල් මෑණියන් ලංකාවේ හොඳම පාසල් මෑණියන් බව.තව මගේ දෙමව්පියන්ට නොයෙක් ආකාරයේ දේවල් කියලා බැනපු හැම කෙනෙකුටම කියන්නේ ඒක ඔය කට්ටියට ත් විදින්න උන දවසක තේරෙයි ඒක දරාගන්න ගොඩක් අමාරු බව.මොකද අපි හැමෝම මිනිස්සු අපි හැමෝම අතින් වැරදි වෙනවා එහෙම නොවේනවනම් ගොඩක් හොඳයි.
මම කලේ වැරැද්දක් බව මම හොඳටම දන්නවා ඒත් දෙමව්පියන්ට බනින්න තරම් ඔය සදාචාරය සන්ස්කෘතිය ගැන කියපු කට්ටිය සන්ස්කෘතිය ගොඩක් ආරක්ෂා වෙන විදියට කතා කරලා තිබුන බව මට විතරක් නෙවේ මේවා දැකපු හැමෝටම තේරෙනවා ඇති කියලා මම හිතනවා.අවසාන වශයෙන් මම ආයෙත් සමාව ඉල්ලනවා.
හැබැයි මේ අපේ ෆොටෝස් අතරේ තව අයගේ ෆොටෝ තියනවා මම මේ පහළින් දාලා තියෙන්නේ ඒ වගේ එකක්.ඒවා ගැනත් මේ විදියටම හොයා බලා කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා.ඕගොල්ලො හැමෝටම තෙරැවන් සරණයි. සමහරවිට මේ මන් සමාව ගත්තු එකත් විහිලුවට අරන් ඒකටත් මට හා මගේ දෙමව්පියන්ට නොයෙක් දේවල් කියයි. ඒත් මම කරපු වැරැද්දට මම සමාව ඉල්ලනවා…”

අනිත් අයටත් බලන්න SHARE කරන්න