ක්‍රිඩා

නායකත්වයෙන් ඉවත් වූ මැතීව්ස් කණ්ඩායමෙන්ද ඉවත් කරයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට සහ කළමණාකාරීත්වයට දැඩි සේ චෝදනා එල්ලවුණා.

Related image

මේ චෝදනා හමුවේ තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු විසින් ගනු ලැබූ තීන්දුවක් අනුව එක්දින සහ විස්සයි විස්ස නායක ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වයෙන් ඉවත් වන ලෙස දන්වා තිබුණා.

එම ඉල්ලීම අනුව මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වූ අතර ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කලේ තමන්ට වූ අසාධාරණය පිළිබඳව කරුණු පැහැදිලි කරමින්.

තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු කළ ඉල්ලීම සම්බන්ධයෙන් තමන් මවිතයට පත්වූ බවත් ආසියානු කුසලානයේදී ලැබූ පරාජයේ සම්පූර්ණ වගකීම තමන් වෙත පවරමින් එහි බිල්ල තමන් බවට පත්කරගෙන ඇති බවත් මැතිව්ස් මෙම ලිපියෙන් හෙළිකරනවා.

Image result for angelo mathews

සාමුහිකව ගත් තීරණ තමන පිට පටවමින් තමන පාවාදී ඇති බවත් මැතිව්ස් එහි සදහන් කර තිබුණා.

මැතිව්ස් එසේ සදහන් කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා තිබුනේ නායකත්වයෙන් ඉවත්ව සිටි අවධියක තමන් යලි නායකත්වය බාරගන්නේ 2017 වසරේදී නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව කල ඉල්ලීමකට අනුව නිසයි.

මෙලෙස ඍජුව අදහස් පල කිරීම හේතුවෙන් අනජලෝ මැතිව්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඊට හේතුව ලෙස තේරීම් කමිටුව පවසා ඇත්තේ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව පරිසාධන මට්ටමේ නැති බවයි.

නමුත් ආසියානු කුසලානයට එක්වීමේදී මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාවේ ගැටලුවක් තිබුනේ නැත.

මේ අතර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි තමන්ගේ ශාරීරික යෝග්‍යතාව සනාථ කිරීමට මැතිව්ස්ට ශාරීරික යෝග්‍යතා පරික්ෂයක් ලබාදීමට තේරීම් කමිටුව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

නායකයකු ලෙස මැතිව්ස්ගේ ගැටලුවක් තියනවාද නැද්ද යන්න අපි ප්‍රශ්න කරන්නට යන්නේ නැත.

නමුත් පිතිකරුවකු ලෙස ඔහුගේ සේවය තවත් කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අවැසි බව නම් අපි එකමතියෙන් පිළිගන්නා කරුණක්.

පසුගියදා නිමා වූ දකුණු අප්‍රිකාව සමග එක්දින තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනේද මැතිව්ස් බව අපි තේරීම් කමිටුවට මතක් කර දෙන්නේ තමන්ට සිදු වූ අසාධාරණයක් පිළිබඳව කතා කල පමණින් ඔහු එළවා දමන්නට තරම් කැකිල්ලේ තීන්දු නොගන්නා ලෙසයි.

ඔබ එසේ කරන අමන තීන්දු හරහා සිදු වන්නේ රටේ ක්‍රීඩා තවත් පසුපසට ගමන් කිරීම පමණි.

අනිත් අයටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top