දැනුම

ලොව කැළඹූ අපූරු ඡායාරූප

දුටු මතින් සිත මවිතයට පත් කරන අපූරු දුර්ලභ ඡායාරූප දහස් ගණනක් අතර ස්වල්පයකි මේ.

මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 1888 ජූලි මාසයේ වන අතර එම සමයේ දී අයිෆල් කුලූණේ උඩු කොටස නිමවෙමින් පැවතිණ.

1912 අපේ‍්‍රල් 10 වන දා එක්සත් රාජධානියේ සදම්ප්ටන් සිට ඇමරිකාවේ නිව්යෝර්ක් තෙක් ගමන් කිරීමට නියමිතව පැවති අපේ‍්‍රල් 15 වන දා ගිලී විනාශ වූ ටයිටැනික් නෞකාවේ ප‍්‍රවේශ පත‍්‍රයයි මේ.

1945 දී මිත‍්‍ර හමුදා විසින් හිට්ලර් සැඟව සිටි බංකරයේ ගත් පළමු ඡායාරූප වලින් එකකි මේ.

මෙම ඡායාරූපය 1948 ජනවාරි 30 වන දා මහත්මා ගාන්ධිතුමන් ඝාතනයට මඳකට පෙරාතුව ගත් ඡායාරූපයකි. මෙම ඡායාරූපයේ ගාන්ධිතුමන්ට වඳිමින් සිටින්නේ ඔහු ඝාතනය කළ නාතුරාම් ගොඞ්සේ නම් හින්දු අන්තවාදියා ය.

මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 1896දී ආරම්භ වූ නව ඔලිම්පික් තරඟාවලියේ මැරතන් ධාවන තරඟයේදී ය.

1905 දී නෝර්වේ රාජ්‍යය සිය පළමු කෙසෙල් තොගය ගෙන්වූ අවස්ථාවේ දී මෙම ඡායාරූපය ගෙන ඇත.

සුප‍්‍රකට ‘විනී ද පූ‘ ළමා කෘතියට පාදක වූ සැබෑ චරිත. ඡායාරූපයේ සිටින කුඩා දරුවා එම කෘතිය රචනා කළ ඒ මිල්නේ ගේ කුඩා පුතු කි‍්‍රස්ටෝපර් රොබින් මිල්නේ ය. ඔහුගේ අතේ සිටින්නේ ඔහු ගේ ප‍්‍රියතම සෙල්ලම් බඩුව වූ විනී ය.

මේ පැසිෆික් හා අත්ලන්තික් සාගර එක් වන ස්ථානයයි. දකුණු ඇමරිකාවේ කේප් තුඩුවට ආසන්න මුහුදේ එක් වන මෙම සාගර ද්විත්වය ජලයේ ඝනත්වය සහ සංයුතියේ පවතින වෙනස්කම් හේතුවෙන් මිශ‍්‍ර නොවන බවයි සැළකෙන්නේ.

 

1979 දී සිදු වූ ඉරාන විප්ලවයෙන් අනතුරුව හිජාබයට එදිරිව උද්ඝෝෂණ පවත්වන ඉරාන කාන්තාවන්.

මූලාශ්‍ර අන්තර්ජාලයෙනි

යාළුවන්ට බලන්න share කරන්න

උත්පලා ප්‍රබුද්ධිකා

උපුටාගැනීම ලක්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top